32 C
Colombo
Tuesday, April 20, 2021

කොරෝනා ගුරුවරුත් නැති කරයි

කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස යොදා ගෙන ඇති ගුරු පුහුණු මධ්‍යස්ථාන 19 ක් කඩිනමින් නිදහස් කිරීමක් නොකළහොත් ඉදිරියේදී විශාල ගුරු හිඟයක් ඇති වීමට ඉඩ ඇති බව ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා පැවසීය.

1987/88 කාලයේ අභ්‍යාසලාභී ගුරුවරුන් 50,000 ක් පමණ බඳවා ගෙන තිබෙනවා.එම පිරිස අතරින් බහුතරයක් මේ වන විට වයස අවුරුදු 55 ඉක්මවා සිටින පිරිස්.ඒ අනුව තවත් අවුරුදු කීපයකින් 50,000 කට ආසන්න ගුරු සේවයේ පිරිසක් එක්වර විශ්‍රාම යාමට නියමිතව තිබෙනවා.එවිට ඇති වන ගුරු හිඟය පියවීම සඳහා රජය දැන්ම සූදානම් විය යුතු වෙනවා.

ගුරුවරුන් ලෙස බඳවා ගන්නා පිරිස් අවම වශයෙන් වසර 03 ක පමණ කාලයක් ගුරු විද්‍යාල වල හෝ විද්‍යා පීඨවල පුහුණුව ලැබිය යුතු වෙනවා.

රටේ තිබෙන ගුරු පුහුණු මධ්‍යස්ථාන 20 න් 19 ක්ම මේ වන විට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස භාවිතා කරමින් සිටින නිසා නවක ගුරුවරුන් බඳවා ගැනීමට හැකියාවක් නොමැති බව ලංකා විදුහල්පති සංගමය සිදු කල සොයා බැලීමකදී අනාවරණය වී ඇත.

ජුඩ් සමන්ත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

පළාත් කිහිපයකට අද පස්වරුවේ වැසි

සබරගමුව, මධ්‍යම, ඌව, බස්නාහිර සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (20)...

වේලිඔයේ දියනෑමට ගොස් අතුරුදන්වූ පියා සහ පුතුගේ සිරුරු සොයාගැනේ

හල්දුම්මුල්ල - කළුපහන පාලම් දෙක අතර වේලි ඔයේ දියනෑමට ගොස් ඊයේ අතුරුදන්වූ පියාගේ සහ...

හෙරොයින් කිලෝ 340ක් සමග ලංකාවට අයත් ධිවර යාත්‍රාවක් ඉන්දීය නාවික හමුදා අත්අඩංගුවට

ඉන්දීය නාවික හමුදාව විසින් සිදුකළ මෙහෙයුමකදී හෙරෝයින් කිලෝග්‍රෑම් 340ක් සමග ශ්‍රී ලංකාවට අයත් බහුදින ධිවර...

කළු සාගල හා මුතූගේ කඩු ජාවාරම

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 500 ක් සමග තලංගමදී යුවළක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක...

හීන් ගඟ මැද ගල් තලාවක මත්පැන් සාදයක් – පැය 7ක මෙහෙයුමකින් 13කගේ දිවි බේරෙයි

මාතලේ විල්ගමුව හීන් ගඟෙ දිය නා විනෝද වීමට ගිය 13 දෙනකු මහා ජල පහරකට...

මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

කළුතර, බොන්දුපිටිය ප්‍රදේශයේ කළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක,...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x