26 C
Colombo
Friday, May 14, 2021

කොරෝනා නොතකා යාපනේ කෝවිලක මහා උත්සවයක්.. මහ සෙනගක්

යාපනය වන්නාර් පන්නෙයි ශ්‍රී කාමාච්චි අම්බාල් හින්දු කෝවිලේ පැවති වාර්ෂික තේරු උත්සවය නිරෝධායන නීති උල්ලංඝනය කොට පැවත්වීම හේතුවෙන් කෝවිලේ පාලක සබාවේ සභාපති සහ ලේකම් ඊයේ (27) දින අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.

ශ්‍රී කාමාච්චි අම්බාල් හින්දු කෝවිලේ වාර්සික තේරු උත්සවය පසුගිය 25 වනදා පැවති අතර ඒ සඳහා සහභාගී වූ බොහෝ බැතිමතුන් පිරිසක් මුඛ ආවරණ හෝ සමාජ දුරස්ථ භාවය තබා නොගෙන නිරෝධායන නීති උල්ලංගනය කරමින් දේව මෙහෙයන්ට පැවත්වීම හේතුවෙන් මෙලෙස කෝවිලේ සබාපතිවරයා සහ ලේකම් අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම දේව මෙහෙයන් වෙනුවෙන් බැතිමතුන් 50 කට පමණ සීමා කරන ලෙසට දැනුම් දී තිබුනද තේරු උත්සවය වෙනුවෙන් 500 කට අධික පිරිසක සහභාගී වීමත් මේ වන විට යාපනයේ දැඩි කොරෝනා ව්‍යාප්ත වීමේ අවධානමක් පැවතීම හේතුවෙන් ඔවුන් දෙදෙනා වගකීමකින් තොරව කෝවිල් උත්සවය සංවිධානය කොට ඇතැයි යාපනයේ සෞක්‍ය නිලධාරීන් චෝදනා කොට සිටිති.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් කෝවිලේ සභාපතිවරයා සහ ලේකම් වරයා යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයි යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
2
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
3
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කොවිඩ් ආසාදිතයන් ගැන සුබ ආරංචියක්

මෙරට තවත් කොවිඩ් ආසාදිතයන් 1030 ක් සුවය ලබා තිබෙනවා.ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත...

‘මට හුස්ම ගන්න බෑ’ කියූ අම්මා නිවස තුළ කොවිඩ් මාරයාට බිලිවෙයි

සිය නිවස තුළ හදිසියේ මියගොස් සිටි අහංගම ප්‍රදේශයේ  කාන්තාවකගේ මරණයට හේතුව කොවිඩ් නියුමෝනියාව බව...

කොවිඩ් මරණ 22ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් තවත් පුද්ගලයින් 22ක් මියගොස් ඇති බවට(08) දිනයේ තහවුරු වු බව...

මම අදත් 8 දෙනෙක්ට විතර වැක්සින් එක අරන් දුන්නා – රාජිත සේනාරත්න

තමා සමඟ හිතවත් පුද්ගලයින් 8 දෙනෙකුට කොවිඩ් එන්නත ලබා ගැනීමට උදව් කල බව සමඟි...

රට ඉතාම නරක මට්ටමින් ඉන්දියාවේ තත්ත්වයටම ගමන් කරනවා – වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි

කොරෝනා වසංගත ව්‍යාප්තිය සම්බන්ධයෙන් කිනම් ප‍්‍රකාශ සහ සංඛ්‍යා දත්ත ඉදිරිපත් කළත් රට ඉතාම නරක...

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වූ ගමන් බිමන්

පළාතෙන් පළාතට ඥාතීන් බැලීම සඳහා බැලීම සඳහා,ආගමික කටයුතු සඳහා ,විනෝද චාරිකා සඳහා සිදුකෙරෙන චාරිකා,සති...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x