කොරෝනා රෝහලෙන් මෙරට ජනතාවට සතුටුදායක ආරංචියක්

අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට(අයි ඩී එච් රෝහල) ඇතුළත් කර ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාවද 180 ක් දක්වා පහත බැස ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා ලංකාදීපයට පැවැසීය.

රෝහලට ඇතුළත් කෙරුණු රෝගීන් සංඛ්‍යාව මෙයට සති කිහිපයකට පෙර 230ක් දක්වා ඉහළ ගිය බවද හෙතෙම සඳහන් කළේය.

එසේම කොවිඩ් මරණ සංඛ්‍යාවද පහත බැස ඇතැයි පැවසූ අත්තනායක මහතා ඔක්සිජන් අවශ්‍ය කෙරෙන රෝගීන් සංඛ්‍යාවද 30ත් 40ත් දක්වා පහත බැස ඇතැයි පැවසුවේය.

ඔක්සිජන් අවශ්‍ය කෙරෙන රෝගීන් සංඛ්‍යාව මෙයට පෙර පැවතුණේ 70ක් වශයෙනැයිද අධ්‍යක්ෂවරයා කීවේය.

මේ අතර රෝහලේ සියලුම වාට්ටුවලට ප්‍රමාණවත් ඔක්සිජන් පහසුකම් සැපයීමට විධිමත් වැඩපිළිවෙළක් අරඹා ඇතැයි හසිත අත්තනායක මහතා වැඩිදුරටත් පැවැසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
116
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
3
3.svg?v=2.6
හම්මෝ !
2
31.svg?v=2.6
මාර දුකයි !
2
27.svg?v=2.6
මලපනිනව !
9
30.svg?v=2.6
කුජීතයි !
7
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

මිනුවන්ගොඩ අවමංගල උත්සවයකින් මතුවූ කොරෝනා පොකුර

මිනුවන්ගොඩ, හොරම්පැල්ල නවලෝක ප්‍රදේශයේ රෝහල් සේවකයකුගේ අවසන් කටයුතුවලට සහභාගී වූ පිරිසෙන් 35 දෙනකුට කොරෝනා...

මහින්දට හදිසි ශල්‍යකර්මයක්! සති කිහිපයක විවේකයක්!

ඇසේ සිදු කොට ඇති හදිසි ශල්‍යකර්මයක් හේතුවෙන් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රි මහතා හට...

කර්මාන්තශාලාවක හදිසියේම විශාල ගින්නක්

අත්තනගල්ල, ඌරාපොළ ප්‍රදේශයේ පිහිටි පුද්ගලික කර්මාතශාලවක විශාල ගින්නක් හට ගෙන තිබුණි. අද (21) දහවල්...

ඖෂධ සංස්ථාවේ සභාපතිට ජනපති ඉන්න කියයි

ඖෂධ සංස්ථාවේ සභාපති ධූරයෙන් ඉවත්වීමට වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ගත් තීන්දුව මසකින් කල් දමන...

මිනුවන්ගොඩ ගමක් කම්පා කළ දිල්හාරා..!

ප්‍රේම ආරවුලක් මත සිරුරට ගිනි ගැනීමෙන් මිය ගිය 22 හැවිරිදි තරුණියගේ මරණය සිය දිවි...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x