31 C
Colombo
Saturday, April 10, 2021

කොරෝනා වැළදී සිටි කොස්ගොඩ තාරකට ඩෙංගුත් වැළඳෙයි

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කොස්ගොඩ තාරක ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයන් සිවුදෙනකු ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් රෝහල්ගත කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය .

එම පිරිස අතර ධර්මකීර්ති තාරක පෙරේරා නොහොත් කොස්ගොඩ තාරක, කොස්ගොඩ තාරක ගේ සහෝදරයා වන මධුක නිර්මාල් පෙරේරා, ඩබ්ලිව් එම්.පී.පි බණ්ඩාර හා මොහොමඩ් ඉබ්බ්‍රාඉම් යන පුද්ගලයන් බව උසස් පොලිස් නිලධාරියා කීය.

මෙම අපරාධ කල්ලි සාමාජිකයන් සිව්දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග රඳවා සිටි අයවලුන් බවත් එම පුද්ගලයන් ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

කොස්ගොඩ තාරක ඇතුළු සැකකරුවන් පිරිසකට මීට පෙර කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

හාල් කතාවේදී තමන්ට වැරදුන බව බන්දුල පිළිගනී

තමන්ගේ සමහර ප්‍රකාශන වලදී යම් යම් කරුණු වැරදීමේ හැකියාව පවතින බවත්, පුද්ගලයෙකුට කියන එක...

දංකොටුවෙන් හමු වූ බවුසර්වල විෂ පොල්තෙල් බව තහවුරු වෙයි

පසුගියදා දංකොටුව ප්‍රදේශයේ තිබියදී සොයාගත් පොල් තෙල් බවුසර්වලින් ලබාගත් සාම්පලවල 'ඇෆ්‍ලටොක්සීන්' නමැති පිළිකා කාරකය...

එරික් පෙරේරා ඉවත් කරන්නැයි මා ලියු ලියුම මාධ්‍යවලට ගියේ කෙසේදැයි පරීක්‍ෂණයක් කරන්න..- අරුන්දික

තමන් විසින් නීතිය හා සාමය භාර අමාත්‍යවරයාට වෙන්නප්පුව පොලිස් නිලධාරියකු සම්බන්ධයෙන් යොමු ලිපිය එම...

එක දවසට 13ක් මරුට

ඊයේ(08) දින මහමග සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් දහතුන් දෙනෙක් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය...

කෙක්ක දිගේ පැමිණි මාරයා ජීවිතයක් බිලිගනී

කෙක්කකින් කොස් ගෙඩියක් කඩන විට එම කොස් ගෙඩිය හිස මතට වැටී මිනුවන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයකු...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x