කොවිඩ් ආසාදනයෙන් ගැබිනි කාන්තාවන් මියයෑම පිළිබඳව හෙළිදරව්වක්

2021 මැයි මාසයෙන් පසුව ගර්භණී කාන්තාවන් 52 දෙදෙනෙක් කොවිඩ් ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.

අද (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඇය සඳහන් කර සිටියේ, කොරෝනා වෛරසයේ ආරම්භයේ සිට මේ දක්වා ගර්භණී කාන්තාවන් 5,000කට පමණ කොරෝනා ආසාදනය වී ඇති බවය.

මේ වන විට ගර්භණී කාන්තාවන්ගෙන් සියයට 90කට එන්නත් ලබා දී ඇති බව ද ඇය සඳහන් කළාය.

එන්නත ගැනීමෙන් ගර්භණී කාන්තාවන් ට ඇතිවිය හැකි සංකූලතා අඩුකර මරණයට පත්වීමේ සම්භාවිතාව අවම කර ගැනීමට හැකිවන හෙයින් කිසිදු බියකින් තොරව එන්නත ලබාගැනීමට කටයුතු කරන ලෙස ද ඇය කියා සිටියාය.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කොළඹ ජාතික රෝහලේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආශා සමරනායක මහත්මිය සඳහන් කර සිටියේ, පශ්චාත් කොවිඩ් සමය තුළ සංකූලතා ඇති රෝගීන් කල්පනාකාරීව රැකබලාගත යුතු බවය.

කොවිඩ් ආසාදනයවී සුවය ලැබුව ද අධි අවදානම් පසු කොවිඩ් තත්ත්වය ලෙස සලකන කොවිඩ් නියුමෝනියාව, පෙනහැලි ධමනිවල ලේකැටි ඇතිවීම, පෙනහැලිවල ද්විතීයික බැක්ටීරියා ආසාදනය, හෘදයේ කිරීටක ධමනිවල කුඩා රුධිරනාල කැටි ගැසීම, ස්නායු පද්ධතියට බලපෑම් ඇතිවීම, මෂ්තිස්ක පටකවල ආසාදන තත්ත්ව ඇතිවිය හැකි බව ද ඇය සඳහන් කළාය.

එබැවින් රෝගියාට නියම කරන ලද ඖෂධ මාත්‍රාව නිසි පරිදි ලබාදීම, දිනකට 04 වරක් තත්ත්වය පරීක්ෂා කිරීම, දිනකට ලීටර 02ක් දියර වර්ග ලබාදීම, පෝෂණීය ආහාර ගැනීම ඉතා වැදගත් බව ද වෛද්‍යවරිය කියා සිටියාය. 

පශ්චාත් කොවිඩ් සමයේ හුස්ම ගැනීමේ අපහසුතා, නින්ද නොයාම, අධික තෙහෙට්ටුව, හෘදය වස්තුවේ ස්පන්දනය වැඩිවීම සහ සමේ ලප ඇතිවීම ආදී සංකූලතා ඇතිවුවහොත් දුරකථන අංක 247 හෝ 1904 ඔස්සේ කෙටි‍ පණිවුඩයක් මඟින් වෛද්‍ය උපදෙස් ලබාගත හැකි බව වෛද්‍ය සමරනායක මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
2
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

දුමින්ද සිල්වාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් නියෝගයක්..

නිවාස සෑදීමට සමාගමකට ලබා දී තිබියදී,ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු බලධාරීන්ගේ උපදෙස් මත...

විදෙස් ජාතික කාන්තාවක් මුහුණු පොතෙන් යහළු වී ලාංකික කතකට කල කැත වැඩේ

මෙරට කාන්තාවකගෙන් රුපියල් 129,000ක මුදලක් වංචා කළ විදෙස් ජාතිකයෙකු නුගේගොඩ ප්‍රදේශයේ දී ඊයේ (15)...

අන්තර්ජාලය හරහා සිදුවන ලිංගික අපරාධ මැඩලන්න විශේෂ මෙහෙයුමක්

අන්තර් ජාලය හාරහා සිදුවන ලිංගික අපරාධ මැඩලීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ෂණයක් ආරම්භ...

අයර්ලන්ත පන්දු යවන්නෙක් පිට පිට කඩුලූ 04ක් දවා ගනියි

පිට පිට යවන ලද පන්දු 04කදි කඩුලු 04ක් දවා ගැනීමට අයර්ලන්ත පන්දු යවන්නෙකු වන...

කාලගුණ අනාවැකි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. ඌව පළාතේ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x