කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙක් හෙදියන්ට කළ කැත වැඩක් නිසා මහා අවුලක්

ගාල්ල, කරාපිටිය රෝහලේ විශේෂ කොවිඩ් ප්‍රතිකාර ඒකකය වසා දමා තිබෙනවා.

එහි සේවකයින් 09 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

වෛරසය ආසාදනය වූ පිරිස අතර හෙදියන් 07 දෙනෙකු සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 02 දෙනෙකු සිටින බව සඳහන්.

මේ අතර රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය චෝදනා නගන්නේ මෙම විශේෂ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් දෙදෙනෙකුගේ කළහකාරී හැසිරීමක් හේතුවෙන් හෙදියන්ට සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයට මෙලෙස වෛරසය ආසාදන වූ බව යි.

අදාළ ආසාදිතයින් දෙදෙනා ප්‍රතිකාර ඒකකය තුළ කළහකාරීව හැසිරීමට පටන් ගැනීමත් සමග එම තත්ත්වය පාලනය කිරීමට උත්සහ කළ හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අදාළ ආසාදිතයින් පහර දී තිබෙනවා.

එමෙන්ම එම පහරදීම අතරතුර හෙදියන්ගේ සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ ආරක්ෂක වැසුම්, මුහුණු ආවරණ ආදිය ගලවා දැමීමට අදාළ ආසාදිතයින් කටයුතු කර ඇති බව සඳහන්.

එම සිදුවීමෙන් දින කිහිපයකට පසු පහරකෑමට ලක්වූ හෙදියන්ට සහ අනෙකුත් සේවකයින්ට කොවිඩ් ආසාදනය වූ බවට යි රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය චෝදනා නගන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධව විමර්ශන සිදුකිරීම සඳහා විශේෂ කමිටුවක් ද පත්කර ඇති බව වාර්තා වූවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
5
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
4
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
8
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
14
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
7
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

රන්ජන්ට ජනපති නිදහස් අහිමි වෙයි? ඇමතිගෙන් ප්‍රකාශයක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ලදව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සිර දඬුවම් ලබාදී සිටින රන්ජන් රාමනායක මහතාට නිදහස්...

වීරවංශට සිදු වු නොසිතූ කරදරය

අමාත්‍ය විමල් වීරවංශ මහතා හදිසියේ නිරෝධායනයට ලක් වී තිබෙනවා.ඒ ඔහුගේ ආරක්ෂක අංශයේ සේවය කළ...

පොලිස් ස්ථානයක කොවිඩ් පොකුරක්

වැල්ලවාය, පොලිස් ස්ථානයේ නිලධාරීන් දාහත් දෙනෙකුට කොවිඩ් -19 ආසාදිදනය වී ඇති බව අනාවරණය වී...

“එන්නත ගත්තත් ඩෙල්ටාවලින් බේරෙන්න බෑ..” – ඩෙල්ටා ප්‍රභේදය ගැන අලුත්ම අනාවරණය මෙන්න

පූර්ණ කොරෝනා එන්නත්කරණය ලැබූ පුද්ගලයින්ටද සීග්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදනය විය හැකි...

ජාතික රෝහල කොරෝනා රෝගීන්ගෙන් පිරී යයි

කොළඹ ජාතික රෝහලේ කොරෝනා වාට්ටු සියල්ලම රෝගීන්ගෙන් පිරී ගොස් ඇති අතර දැඩි සත්කාර ඒකකවල...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x