කොවිඩ් ආසාදිතයින් 100කට ලංකාවේ මැරෙන සංඛ්‍යාව මෙන්න

කොවිඩ් තුන්වන රැල්ලේ ව්‍යාප්තිය සිදුවූ පසුගිය අප්‍රේල් මාසය තුළ රජය තහවුරු කළ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 110කි.

ඉන්පසු කොවිඩ් මරණවල සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කළ මැයි මාසය තුළ රජය තහවුරු කළ සමස්ත මරණ ගණන 806 ක් ලෙස දැක්වේ.

ජුනි මාසයේ මේ දක්වා කොවිඩ් මරණ 941ක් රජය විසින් තහවුරු කර තිබේ.

මේ අනුව අප්‍රේල් මාසය තුළ කොවිඩ් මරණවල දෛනික සාමාන්‍ය අගය පැවතියේ 04ක් ලෙසය.

මැයි මාසය තුළ කොවිඩ් මරණවල දෛනික සාමාන්‍ය අගය 26 දක්වා වර්ධනය වී තිබුණි.

කෙසේවෙතත් ජූනි මාසයේ දැනට ගෙවී තිබෙන දිනවලට සාපේක්ෂව ගතහොත් කොවිඩ් මරණවල දෛනික සාමාන්‍ය අගය පවතින්නේ 55ක් වැනි ඉහළ අගයකය.

ඒ අතර මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් අතරින් මරණයට පත්වූ සංඛ්‍යාව මේ වනවිට සියයට 1 ඉක්මවා ඇති බව දත්ත අනුව පැහැදිලි වේ.

එනම් දළ වශයෙන් සෑම ආසාදිතයින් සිය දෙනෙකුගෙන්ම එක් අයෙකු කොවිඩ් ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන් පැහැදිලිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
1
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
3
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
6
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
2
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

තම සිඟිති පුතුට හිංසා කළ මවක්

මාස 06ක පමණ වූ බිළිඳෙකුට මව විසින් අමානුෂික වධ හිංසා පැමිණවූ පුවතක් ජා ඇළ...

බන්ධනාගාරයේදී සියදිවි නසා ගත් රැඳවියාට කොවිඩ්

ගාල්ල බන්ධනාගාරයේ දී ගෙල වලලාගෙන මියගිය රැඳවියෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.අදාළ රැඳවියා ගාල්ල...

‘ඩෙල්ටා‘ ආසාදිත 11 හැවිරිදි සිසුවෙක් හඳුනා ගනී

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ දී පළමුවරට ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය වැළඳුන 11 හැවිරිදි...

හෙදියකට පහරදුන් හිමිනම අත්අඩංගුවට

ආණමඩුව පොලීසිය පැවසුවේ පී.සී.ආර්. පරීක්ෂණයකදී දැඩි වේදනාවක් ඇතිවීමෙන් උරණ වූ හිමිනමක් පරීක්ෂණය සිදුකළ හෙදියට...

දකුණ ට දිස්වූ සූර්යය ප්‍රභා මණ්ඩලය

දකුණු පළාතේ තැන් කිහිපයක සූර්යය ප්‍රභා මණ්ඩලයක් දර්ශනය වී ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x