28 C
Colombo
Sunday, September 19, 2021

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන අයට විශේෂ දැනුම් දීමක්

ඇඟ පත රිදීමක්, තද උණ ගතියක් හෝ ඔළුවේ කැක්කුමක් වැනි රෝග ලක්ෂණ ඇති නම්, ගත යුතු එක ම ඖෂධය පැරසිටමෝල් බවත් රෝහල් තුළ දී කොවිඩ් රෝගීන්ට ලබා දෙන වෙනත් ඖෂධ රෝහල්වලට පිටත නිවෙස්ගතව සිටින කිසිවෙකු නොගත යුතු බවත් කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, මේ දිනවල කොවිඩ් රෝගියෙකු ගත යුතු ඖෂධ සම්බන්ධයෙන් සමාජයේ සහ සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වන විවිධ මත සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමිනි.

“කොවිඩ් රෝගියෙකුට ගත යුතු ඖෂධ ගැන සමාජ මාධ්‍ය සහ වෙනත් කටකතාවල මත සහ දුර්මත පළවෙනවා. දැන් මේ ඖෂධ ගැන කතා කරන කොට ඔබට තියෙන්නේ ඇඟපත රිදීමක්, උණක්, තද උණක්, ඔළුවේ කැක්කුමක් නම් එයට ගත යුතු ඖෂධය වන්නේ පැරසිටමෝල් ඖෂධය පමණයි.”

 

‘ඩෙක්සමෙතසෝන්’ නැමැති ඖෂධය වෛද්‍ය අධීක්ෂණයකින් තොරව ලබාගත් රෝගීන් රෝහල්වලට පැමිණෙන බව ද ඔහු පැවසීය.

 

නමුත් එම ඖෂධය එලෙස නොගත යුතු බවත් රෝහල් තුළදී තවත් ඖෂධ සමග ලබාදෙන එම ඖෂධය අනිසි ලෙස භාවිත කළ හොත් ඇති විය හැකි බරපතළ තත්ත්වය පිළිබඳව ඔහු මෙලෙස පැහැදිලි කිරීමක් කළේය.

 

“සමහර අවස්ථාවලදී රෝහලට රෝගීන් අරන් එනවා මේ අපි මේ මේ බෙහෙත් අරගත්තා කියලා.

 

එක බෙහෙතක් තමයි ඩෙක්සමෙතසෝන් කියන බෙහෙත. මේ බෙහෙත කොවිඩ් ආසාදිත රෝගියෙකුට රෝහල්වල දෙන එකක්. හැබැයි ඒ දෙන්නේ ඒ රෝගියාගේ ඔක්සිජන් ප්‍රමාණය 94%කට වඩා අඩු වුණා ම වෙනත් ඖෂධ සමගයි. මේ ඩෙක්සමෙතසෝන් ඖෂධය ඊට පෙර ඒ කියන්නේ රෝගයේ මුල් අවස්ථාවේදී අරගත්තොත් ඒ කොවිඩ්-19 වෛරසය ඔබගේ පෙනහලුවල ගුණනය වීම වැඩිවෙනවා. ඒකෙන් මේ රෝගයේ සංකූලතා ඇතිවීම ඉතා ම වැඩියි. ඒ නිසා අපි කිසිසේත් අනුමත කරන්නේ නැහැ රෝහලට පිටින් ඉන්නා රෝගියෙක් ඩෙක්සාමෙතසෝන් කියන ඖෂධය ලබාගැනීම.”

 

තව ද කොවිඩ් රෝගය වැළඳුණු රෝගීන් ඊට පෙර බෝ නොවන රෝග වැළඳී සිටි අය නම්, ඔවුන් එම රෝගවලට අදාළව වෛද්‍යවරුන් නියම කළ ඖෂධ ද කොවිඩ් රෝගයට ඖෂධ ගන්නා අතරතුර ගත යුතු බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

“ඊට අමතරව කිව යුත්තේ, ඔබ දීර්ඝ කාලීන රෝගවලින් පෙළෙනවා නම් අධි රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝල් වැඩිකම ඒ ආදී රෝගවලින් පෙළෙනවා නම්, කොව්ඩ්-19 රෝගය තියෙනවා කියලා ඒ රෝගයේ බෙහෙත් අරගන්නේ නැතිව ඉන්න එපා. ඒ බෙහෙත් ඔබගේ වෛද්‍යවරයා නියම කරපු ආකාරයට හරියට දිගට ම අරගන්න. නිසි සෞඛ්‍ය පිළිවෙත් පිළිපදින්න. මේ රෝගය ඔබගේ පවුලේ අනික් අයට පැතිරීමත් රටපුරා ව්‍යාප්තවීමත් වැළැක්වීම සඳහා දායකවන්න.”

 

උපුටා ගැනීම – මව්බිම පුවත්පත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
2
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
1
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
1
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

වැලිකඩ බන්ධනාගාරය අසල ඔත්තු බැලූ අයෙකුට සිදු වු දේ

අද (13) පෙරවරු කාලයේ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය ආසන්නයේ සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන...

ගුවන් තොටුපොළ ප්‍රහාරය ගැන පැතිරෙන ආරංචිය සම්බන්දව ආරක්ෂක ලේකම් කතා කරයි

ප්‍රහාරයක් එල්ල වෙන බවට ගුවන් තොටුපොළ බලධාරින්ට ලැබුණු ව්‍යාජ ඊ මේල් පණිවුඩය ගැන ජනතාව...

CCTV දත්ත මැකී යාම ගැන ලොහාන් කතා කරයි

තමන් බන්ධනාගාරය ඇතුළට යන දර්ශන ඇතිනම් එළියට දමන ලෙසත්, ඒවා කිසිවකුටත් මැකිය නොහැකි බවත්...

එන්නත් නොගත් අයට රතු එළියක්

එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන නොමැති මන්නාරමේ වැසියන්ට හෙට සිට මුහුදු යාමට හෝ පොදු ස්ථානවල...

විවාහක රූ රැජිණ පුෂ්පිකා ලොහාන් සමඟ එල්ලුම් ගස නැරඹීමට ගියාද ? ඇය කතා කරයි

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ මෙම අවුරුද්දේ පැවැත් වු අතර එහිදී මහත් මහත් ආන්දෝලනාත්මක...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x