කොවිඩ් ආසාදිත බිළිඳන් මියයන ප්‍රධාන හේතුව

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී මේ දක්වා කොවිඩ් ආසාදන වූ කුඩා බිළිඳන් 150 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි.

අධ්‍යක්ෂවරයා පවසන්නේ මේ හේතුවෙන් කාර්ය මණ්ඩල නිලධාරීන් රැසක් අවස්ථා කිහිපයකදී නිරෝධායනය සඳහා යොමු කිරීමට ද සිදුවූ බවය.

කොවිඩ් ආසාදිත කුඩා දරුවන් මියයෑමට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ ප්‍රමාද වී රෝහලට පැමිණීම බව වෛද්‍ය ජී. විජේසූරිය මහතා පෙන්වා දෙයි.

“මෙම මස පළමු වැනිදා අවුරුද්දකුත් මාස 4ක් වයස කුඩා දරුවෙකු මියයෑම සිදුවුණා. ඊට පෙරත් දින 20ක කුඩා බිළිඳියක මේ ආකාරයෙන්ම මරණයට පත්වුණා. මේ දරුවන් දෙදෙනාගේම මරණ ගැන බැලීමේදී අපිට පෙනී යන්නේ රෝහලට පැමිණීම ප්‍රමාදවීම තමයි ප්‍රධානම කාරණාව. ඒ නිසා යම්කිසි අසනීප තත්ත්වයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම රෝහල්වලට රැගෙන පැමිණෙන්න.” යනුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

නිදි යහනේදීම මරු තුරුලට ගිය මාස දෙකක් වයසැති පුංචි සිතුම්

මූන්දලම දේවාල හන්දිය ප‍්‍රදේශයේ නිවසක නිදියහනේ සිටි බිළිඳෙකුට පත්තෑයකු දෂ්ට කිරීමෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි...

රටට සිදුවෙලා තියෙන ඓතිහාසික වැරැද්ද නිවැරදි කරන්න විමල්ගෙන් සුපිරි ක්‍රමයක්

සමාජය මේ අවස්ථාවේ සිටින්නේ සොයාගත් උත්තර පිළිබඳව වේදනාවකින් බවත් හෘද සාක්ෂියත් සමග ගනුදෙනු නොකරන...

ගෞතම් අදානි මන්නාරමට යයි : ජනපතිත් හමුවෙයි

තුන් දින සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දියාවේ අදානි සමාගමේ සභාපති ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම්...

බ්‍රිතාන්‍යයේ 95 හැවිරිදි එලිසබෙත් රැජින රෝහල්ගත කරයි

ලොව වයස්ගතම හා වැඩිම කලක් පාලන බලයේ සිටින බ්‍රිතාන්‍යයේ 95 හැවිරිදි එලිසබෙත් රැජින උතුරු...

කාලගුණ අනාවැකි

දිවයින පුරා අහස වලාකුලින් බරව පවතින බව කාලගුණ විදයා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x