කොවිඩ් නව ප්‍රභේදය ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

නව කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් රට තුළ කොවිඩ් -19 අවදානම දැඩි ලෙස ඉහළගොස් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ මෙම වසංගත තත්ත්වය පාලනය කිරීමේදී මහජනතාවගේ කැපවීම අත්‍යවශ්‍ය බවය.

“ඊයේ වාර්තා වූ නව ප්‍රභේදයත් එක්ක මේ රටේ කොවිඩ් -19 තර්ජනය ඉතාම ඉහළ ගිහින් තියෙන නිසා අපි කිසිසේත් මැලිවන්නේ නෑ මින් ඉදිරියට නිරෝධායන නීති කඩකරන සහ සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට. ඒ නිසා මින් ඉදිරියට අනවශ්‍ය ගෘහස්ථ උත්සව සඳහා අවසර ඉල්ලන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට එන්න එපා. දැනට ලංකාවේ පැවැත්විය හැක්කේ සීමාවන්ට යටත්ව අවමංගල්‍ය උත්සව සහ මංගල උත්සව පමණයි. ඒ නිසා අද දිනයේ සිට අපි දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.” යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

සය නිවුන් දරු උපතට පසු ලබාගත් ඡායාරූප මෙන්න

මෙරට පළමු සය නිවුන් දරු උපත අද කොළඹ පෞද්ගලික රෝහලකදී අද වාර්තා වුණා මහාචාර්ය ටිරාන්...

මහින්දගේ වේදිකාවට ෆයිල් අරන් ගොඩවුණු අයේෂා මධුෂානී යුග දිවියට පිවිසෙයි – Photos

නිරූපිකාවක් ලෙස රසිකයන් අතරට පිවිසි අයේෂා මධුෂානි යුග දිවියට පා තබා තිබෙනවා.ඇය බොහෝ දෙනෙකුගේ...

රටට සිදුවෙලා තියෙන ඓතිහාසික වැරැද්ද නිවැරදි කරන්න විමල්ගෙන් සුපිරි ක්‍රමයක්

සමාජය මේ අවස්ථාවේ සිටින්නේ සොයාගත් උත්තර පිළිබඳව වේදනාවකින් බවත් හෘද සාක්ෂියත් සමග ගනුදෙනු නොකරන...

ගුරුවරුන්ගෙන් ආණ්ඩුවට අලුත් අභියෝගයක්

හෙට (25) දිනයේ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ්...

ජාතික රූපවාහිනියේ සේවකයින් වැටුප් ඉල්ලයි

ජාතික රූපවාහිනි සංස්ථාවේ සේවකයින් පිරිසක් සිය ඔක්තෝම්බර් මාසයේ වැටුප් ලබා දෙන ලෙස ඉල්ලා විරෝධතාවයක්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x