27 C
Colombo
Monday, September 27, 2021

කොවිඩ් නිසා ගම්පොල රෝහලට ඇතුලත් කල පොලිස් සැරයන් අතුරුදන්

කොවිඩ්-19 වැළඳී ගම්පොළ මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කොත්මලේ පොලිසියේ සැරයන්වරයෙකු අතුරුදන් වීමක් සම්බන්ධයෙන් ගම්පොළ පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේනවා.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ නුවරඑළිය, කොත්මලේ පොලිසියේ අවසන් වරට රාජකාරි කටයුතු සිදු කළ සැරයන්, සුප්පයියා ඉලන්ගෝවන් නමැති 56 හැවිරිදි නැමති පොලිස් නිලධාරිවරයෙක් බවටයි වාර්තා වන්නේ.

වසර 33 කාලයක් පොලිස් සේවයේ යෙදී සිටි සුප්පයියා ඉලන්ගොවන් පොලිස් සැරයන්වරයා නුවරඑළිය දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ ආරක්ෂක නිලධාරිවරයෙකු වශයෙන් රාජකාරි කර ඇති අතර පසුව නුවරඑළිය පොලිසියේ රාජකාරි කටයුතු සිදු කර තිබේ.

අනතුරුව ඔහු මීට මාස දෙකකට පමණ ප්‍රථම කොත්මලේ පොලිසියට මාරුවීමක් ලබාගෙන ගොස් ඇති බවටයි අප වාර්තා කරු සඳහන් කළේ.
.
අතුරුන් දැන්වූ සැරයන්වරයා කොවිඩ්-19 වැළඳී පවුලේ සමාජිකයන් ද සමග අගොස්තු මස 31 වන දින සිට නිවසේ නිරෝධායනය වෙමින් සිටි බවත් ඉන් අනතුරුව රෝග ලක්ෂණ කිහිපයක් මතුවීම හේතුවෙන් සැප්තැම්බර් මස 8 වන දින ගම්පොළ මහ රෝහල වෙත ඇතුළත් කළ බවටයි වාර්තා වන්නේ.

අනතුරුව ඔහු එම රෝහලේ 10 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිට තිබේ.

තම පියා රෝහලට ඇතුළත් කර දිනයේදී ම රෝහල් පාලන අධිකාරිය නේවාසිකව ප්‍රතිකාර ලැබූ තම පියා රෝහලෙන් පැන ගොස් ඇති බවට දැනුම් දුන් බව අතුරුදහන් වූ සැරයන්වරයාගේ පුතා කියා සඳහන් කර තිබේනවා

කෙසේ වෙතත්, තම පියාට රෝහලෙන් පැන යාමට හෝ එසේ පැන ගොස් සැඟවී සිටීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව, අතුරුදන් වී ඇති තම පියා සොයා දීමට අවශ්‍ය කටයුතු කරන මෙන් පොලිසියෙන් සැරයන්වරයාගේ බිරිඳ ද ඉල්ලා සිටින බවයි අප වාර්තාකරු පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
1
31.svg?v=2.6
මාර දුකයි !
3
27.svg?v=2.6
මලපනිනව !
2
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

මත්පැන් අලෙවිය නතර කරන්න – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය බැසිල්ගෙන් ඉල්ලයි

නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමට පෙර මැත්පැන් අලෙවිය සඳහා අවසර ලබාදීමට ගෙන ඇති තීරණය ගැටලු...

රජ කාලෙන් පසුව මේ තරම් සේවාවක් කලේ මහින්ද පමණයි..

සෑම පුන් පොහෝ දිනකම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පවත්වන “අමාදම් සිසිලස”...

සීමාවන්ට යටත්ව ලබන පළමු වනදා රට විවෘත කරනවා.

පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කර සීමාවන්ට යටත්ව ලබන මස (01) දින රට...

කොවිඩ් මරණ 66ක්

කොවිඩ් මරණ 66ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ ඊයේ (20)...

ගියොත් ආය ගැලවෙන්න බැරි වට්සැප් සමුහය ගැන බුද්ධි අංශය ඇත්ත හෙළි කරයි

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය මගින් නිකුත් කර ඇති ලිපියක දක්වා ඇති වට්ස්ඇප් සමූහය ව්‍යාජ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x