28 C
Colombo
Wednesday, June 23, 2021

BestWeb තරගාවලියේ ඡන්දය දීමේ අවස්ථාව අද ආරම්භ වුනා. පාඨක ඔබගේ වටිනා ඡන්දය මෙම ලාංඡනය ක්ලික් කර අප වෙත ලබාදෙන්න.. 👉

logo

කොවිඩ් මරණ තහවුරු කළ යුත්තේ කෙසේද ? විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරයි

පුද්ගල මරණයක්, කොවිඩ් අසාදිත මරණයක් බවට තහවුරු කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සියලුම වෛද්‍යවරුන් වෙත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයෙකු බවට තහවුරු කිරීම සඳහා එම චක්‍රලේඛය මගින් වෛද්‍යවරුන් අනුගමනය කළ යුතු නිර්ණායක හඳුන්වා දී ඇත.

යම්කිසි පුද්ගලයෙකු කොවිඩ් -19 රෝග ලක්ෂණ සහිතව මියගොස් ඇති බවට සායනිකව තහවුරු කිරීම අනිවාර්යෙන් සිදුවිය යුතු බව එම නිර්ණායකවලට ඇතුළත් වේ.

දීර්ඝ කාලීනව රෝගී තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයෙකු මරණයට පත්වූ අවස්ථාවේදී ඔහු කොවිඩ් -19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණ ද එම මරණ වෙනමම ගණනය කර ඔහුගේ වෛද්‍ය වාර්තා පරීක්ෂා කිරීමෙන් අනතුරුව කොවිඩ් -19 ආසාදනයවීම අදාළ මරණයට ප්‍රධානතම හේතුව බවට සාක්ෂි ඇත්නම් පමණක් එය කොවිඩ් -19 ආසාදිත මරණයක් ලෙස තහවුරු කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇත.

කොවිඩ් -19 ආසාදිත මරණයක් බවට තහවුරු කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ද අනුගමනය කළ යුතු අතර මරණ සහතිකය සටහන් කිරීමේදී එය කොවිඩ් -19 ආසාදිත මරණයක් බවට සටහන් කිරීම අනිවාර්ය කර තිබේ.

යම් පුද්ගලයෙකුගේ මරණයෙන් පසුව සිදු කරන ලද PCR පරීක්ෂණයේදී අදාළ පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගත්ත ද එම මරණයට ප්‍රධානතම හේතුව කොවිඩ් -19 ආසාදනයවීම බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු කර ගැනීම පිළිබඳව නිශ්චිතව මරණ පරීක්ෂණ වාර්තාවේ සටහන් කිරීම සිදුකළ යුතු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
1
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
6
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
3
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
2
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න පෘථිවියට සුවිසල් හානියක්

කොළඹ වරාය ආසන්නයේදී ගිනිගෙන මුහුදේ ගිලුණු රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබු නෞකාව හේතුවෙන් "පෘථිවියට...

ඩෙල්ටා ප්‍රභේදය ගැන හදිසි සාකච්ඡාවක් – තීරණ 3ක් ගනී

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් පළමුවරට දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවීමත් සමඟ එම ප්‍රදේශයෙන් පිටතට...

ජිනීවා ලොක්කී ශ‍්‍රී ලංකාව තවත් හිර කරයි..

මෙරට පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන් මියයාම සහ පොලීසිය හා අපරාධ කල්ලි සාමාජිකයින් අතර ඇතිවන...

සංචරණ සීමා ගැන යුද හමුදාපතිගෙන් නිවේදනයක්

දැනට පවතින ඔන්ලයින් ක්‍රමවේදය යටතේ රාජ්‍ය සේවකයින් තම රාජකාරී කටයුතු ඉදිරියේ දීත් නිවසේ සිට...

“මටත් පුදුමයි මේ වැඩේට” – ඔන්ලයින් ඕන දරුවන්ට: බේබද්දන්ට නෙමෙයි

ඔන්ලයින් පහසුකම් නැතුව ගස් උඩ නගින දරුවන්ට එම පහසුකම ලබා දෙන්න හදද්දි තවත් පිරිසක්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x