30 C
Colombo
Wednesday, September 22, 2021

කොවිඩ් මාරයාට ඉඩ නොතබා ‘සිය මංගල දිනය කැප කළ’ ආදර්ශමත් යුවළ

පවතින කොරෝනා වසංගතය හමුවේ තම ජීවිතයේ වටිනාම ලස්සනම දවස කැප කළ තරුණයෙකු ආරච්චිකට්ටුව රාජකදලුව ප්‍රදේශයෙන් වාර්තාවනවා.

ඔහු නමින් ආරච්චිකට්ටුවල රාජකදලුවල ස්වර්ණ ජයන්ති මාවතෙන් හමුවූ ජේ. කේ. සුමුදු මලින්දයි ඇය‌ගේ බිරිඳ ආරච්චිකට්ටුවල කෝට්ටපිටිය පදිංචි සංජීවනී මිරෙන්ඩායි.

පාසල් කාලයේ පටන් පෙම්බැද වසර ගණනාවකට පසු ඔවුන් එකම කැදැල්ලකට ඒමට පසුගිය 07 වැනිදා ආරච්චිකට්ටුවල කෝට්ටපිටියල අන්තෝනි මුනිද්‍රයාගේ දෙව්මැදුරේදී දෙවිදුන්ගේ ආශීර්වාද ලබාගත්තේ අඩුපිරිසක සහභාගීත්වයෙන් චාම් උත්සවයක් ගනිමිනි.

නමුත් සුමුදු සංජීවනී දෙදෙනා 08 වැනිදා 150ක පිරිසකට සිය මංගල උත්සවයට ආරාධනය කළේ රජයේ අවසරය මතය.

07 වැනිදා රාත්‍රියේම සුමුදු අසලම නිවසක හිතවතෙකුගේ පවුලේ සාමාජිකයින්ට කොවිඩ් 19 වෛරසය අසාධනය වී ඇතිබවට සැලවී තිබෙනවා.

ඒ අනුව ඔහු තම උත්සවය නවතා දමා 7දා රෑ පහන් වනතුරු තම උත්සවයට ආරාධනා කළ නෑදෑ හිතවතුන්ට දුරකථන ඇමතුම් ලබා‌දෙමින් පවසා සිටියේ තම මංගල උත්සවය අවලංගු කළ බවයි.

මෙම සිදිධියෙන් සමුදු සමාජයට ආදර්ශමත් පණිවිඩයක් ගෙන දෙන්නේ මංගල උත්සවයක් සඳහා කොපමණ මුදල් ප්‍රමාණයක් වියදම් කළත් තමන්ගේ සතුට ඇතුළු හැමදේටම වඩා සමාජයටවන හානිය වලක්වාගැනීම ඊට වඩා වැඩි බව යන වටිනා පණිවිඩය සමාජයට එක්කරමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
82
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
2
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
6
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
2
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
6
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
9
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
7
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

දික්වැල්ල, කුසල් සහ ධනුෂ්ක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසන් තීරණය

එංගලන්ත තරග සංචාරය අතරතුරදී ජෛව බුබුලෙන් මිදී එංගලන්තයේ දරම් නගරයේ රාත්‍රියේ සැරිසරා තරග තහනමකට...

පැහැදිලිව ම කනගාටුයි. රුපියල් 5,000 නැහැ ස්ටාලින් රජයට දෙහි කපයි

රජය පොරොන්දු වු රුපියල් 5,000 දීමනාව වැටුප ට එක්නොකිරීම තුළින් කැබිනට් මණ්ඩලයේ තීරණ පිළිබද...

CCTV දත්ත මැකී යාම ගැන ලොහාන් කතා කරයි

තමන් බන්ධනාගාරය ඇතුළට යන දර්ශන ඇතිනම් එළියට දමන ලෙසත්, ඒවා කිසිවකුටත් මැකිය නොහැකි බවත්...

මාලක සිල්වා යළිත් කරළියට ෆේස්බුක් පිටුවේ තැබූ අමුතු සටහන

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම මෙරට ප්‍රකට දේශපාලනඥයෙකු වන ආචාර්ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා...

අන්තර්ජාතික රෑ රැජින කිරුළක් ශ්‍රී ලාංකික තරුණියක් දිනයි

මිස් ටීන් බොට්ස්වානා ඉන්ටනැෂනල් 2021 කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලාංකික තරුණියක් වන ගිම්හානි පෙරේරා...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x