කොවිඩ් රෝගීන්ට වැළඳෙන තවත් දිලීර දෙකක්

කොවිඩ් 19 වෛරස ආසාදිතයින් අතර පැතිරෙන කළු දිලීර රෝගයට අමතරව කොවිඩ් ආසාදිත රෝගීන්ට වැළදෙන වෙනත් දිලීර වර්ග දෙකක් රෝගීන් අතරින් හඳුනාගෙන ඇති බව විශේෂඥ වෛද්‍යවරු පවසති.

ඇස්පර්ගිලෝසිස් ( Aspergillosis) සහ කැන්ඩිඩියාසිස් (Candidiasis) යනුවෙන් එම දිලීර හඳුන්වන අතර කොවිඩ් 19 ආසාදිත පුද්ගලයින්විට මේවා ආසාදනය විය හැකි බව එම විශේෂඥයෝ පෙන්වා දෙති.

කොවිඩ් 19 ආසාදිත පුද්ගලයින් අතර ඉහත දිලීර රෝග දෙක සෞඛ්‍ය බලධාරීන් විසින් නිරීක්ෂණය කර ඇති බවත් මෙම සංසිද්ධිය වෙනත් රටවල ද නිරීක්ෂණය වී ඇති බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විශේෂඥ ක්ෂුද්‍ර විද්‍යාඥ වෛද්‍ය ප්‍රීමාලි ජයසේකර ප්‍රකාශ කර තිබේ.

ඇස්පර්ගිලෝසිස් දිලීරය පෙනහළු වලට බලපෑ කර නියුමෝනියාව ඇති කරන අතර කැන්ඩිඩියාසිස් දිලීරයට රුධිර ප්‍රවාහ ආසාදන කළ හැකි අතර බහු අවයව වලට හානි කළ හැකි බව ඇය පවසයි.

මෙම දිලීරයන් නිසි ආකාරයෙන් හඳුනා නොගෙන ප්‍රතිකාර සඳහා යොමු නොවුණහොත් ජීවිතයට බලපෑම් ඇති විය හැකි බව ඇය වැඩිදුරටත් පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
4
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

පිළිගත් කලාකරුවන් යොහානි ද සිල්වා අගය නොකිරීම නිවැරදි තීන්දුවක් – මහාචාර්ය නලින් ද සිල්වා

යොහානි ද සිල්වා මෙරට ජේෂ්ඨ කලාකරුවන් අගය නොකිරීම නිවැරදි බව ආචාර්ය නලින් ද සිල්වා...

කොවිඩ් මරණ 23ක්

තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (15) දින...

සයිනොෆාම් එන්නත ගැන අලුත්ම අනාවරණය

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත ලබාගත් ශ්‍රී ලාංකිකයන්ගේ ශරීරවල කොවිඩ් වයිරසයට එරෙහිව ක්‍රියාත්මක වන ‘ටී...

යාචකයෙක් වී අවසන් ගමන් ගිය කෝටිපතියා

ප්‍රදේශයේ දානපතියෙකු වශයෙන් සිට පසුව අන්ත අසරණව කඩපිල්මත වසර විස්සක් දිවි ගෙවා මියගිය පුද්ගලයෙකුගේ...

ඇම්බියුලන්ස් හෙදිය රන්මාලය සොරා ගත්තේ ජීවන බර වැඩි නිසාද?

විශ්‍රාමික ආදායම් බදු කොමසාරිවරයකුගේ බිරියක රෝගාතුර වී රෝහලට රැගෙන යාමට ආ සුවසැරිය ගිලන් රථයක...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x