කොවිඩ් වසංගතය මැද වෛද්‍ය බිරිඳගේ දින චර්යාව ගැන සැමියා තැබූ සටහන

මහත්තයා, MOH නෝනට කතා කරන්න පුළුවන්ද?

එයා හොදටම නිදි. ඒත් එයාගෙ ෆෝන් එක රිංග්වෙනව. වෙලාව පාන්දර තුනයි හතලිහයි. කාගෙන්ද බලන්නෙ නැතුව මම ආන්සර් කෙරුව. අනිත් කෙරවලෙන් ඇහුනෙ වෙව්ලන කටහඬක්.

“මහත්තයා, නෝනට කතා කරන්න පුළුවන්ද?”
“මොකද හදිස්සිය?” මම ඇහුව.
“මගෙ නෝනට බබා ලැබෙන්න දින තියෙන්නෙ ලබන සතියෙ. ඒත් දැන් හොදටම අමාරුයි. අපි නිරෝධායනය වෙලා හින්ද කවුරුත් එන්නෙ නැහැ, ලෙඩාව ගෙනියන්න. 1990ත් දුරක ගිහිල්ලලු.”

ඉතිරි ටික අහගන්න එයාව ඇහැරවල ෆෝන් එක අතට දුන්නා. මුලින් නිදිමතෙන් කතා කෙරුවත් ඇඳෙන් බැහැල කලබලෙන් එයා කොහේටද කෝල් කරනව ඇහෙද්දි මට නින්ද ගියා.

වෙලාව පාන්දර පහයි දහයයි මගෙ ෆෝන් එක රිංග්වෙනව.

“මහත්තයා , නෝනගෙ නම්බර් දෙකම එන්ගේජ්. අනේ ෆෝන් එක පොඩ්ඩක් නෝනට දෙන්න. අපි හතර දෙනාම පොසිටිව්. පොඩිදරුවට දැන් හුස්ම ගන්න බැහැ.”

මම එයාව හොයද්දි එක ෆෝන් එකක් කනේගහගෙන. අතේ තියෙන එකත් රිංග්ස් යනවා. දැන් කොහොමද මගෙ ෆෝන් එක එයාට දෙන්නෙ. ආයිත් මට කෝල් එකක්.

“මම පිඑච්අයි මහත්තයෙක් කතා කරන්නෙ. මැඩම්ට ගන්න බැහැ. හදිස්සියක්. මැඩම් ට ෆෝන් එකදෙනවද?”

එතකොට එයා නාන කාමරේ, ඒත් ටැප් එකේ වතුර සද්දෙ වෙනුවට ඇහෙන්නෙ කලබලෙන් කාටද කතාකරන සද්දෙ. වෙලාව අටට විතර ඇති එයා වෙනද අඳින සාරිය වෙනුවට කොලපාට සැහැල්ලු ඇඳුම ඇදල පිටත්වෙන්න සූදානම.

“අද කඩ වහල. පොඩ්ඩක් ඉන්න මම ඉක්මනට රොටියක් හදන්නම් කාල යන්න.”මම කිව්වා.
“ඔයාල හදාගන්න. මට බඩගිනි නැහැ,” කියල එයා MOH එකට පිටත්වුනා. ඊට පස්සෙ මට එක දිගට ආපු ඇමතුම් එයාගෙ පණිවිඩ. ඒ පණිවිඩ එයාට කියන්න ගත්තු හැම වෙලාවකම එන්ගේජ්. හවස හතරට විතර එයාගෙන් කෝල් එකක්.

“ඇයි මට කතාකරල තිබ්බෙ?” කතා කරපු හේතු ඒ වෙනකොට මතකත් නැහැ.
“ඔයා දවල්ට කාලද?” මම ඇහුවා.
“තවම නෑ”
“කෑම එකක් එවන්නද?”
“එපා. මම විතරක් කන්නෙ කොහොමද? MOH එකේ කවුරුත් තවම කාල නහැ. අපි දැන් තේ බීවා.”
(සමහරවිට ඒක බොරුවක් වෙන්නත් ඇති.)

ඇඳිරි වැටිලත් පැය ගානකට පස්සෙ එයා ගෙදර ආවා. ආපු ගමන් කෑම මේසෙ වාඩිවෙලා මමයි දරුවොයි හදපු දවල් කෑම පිගානකට බෙදාගත්තා. අපි හතර දෙනා එයා වටේ වාඩිවුනා.

“අද නම් මහන්සියි ඉක්මනට නිදා ගන්න ඕනැ,” එයා කියුවා. අපි හතර දෙනා ඔළුව වැනුවා. මම ඉක්මනින් නින්දට වැටුනා. වෙලාව රෑ එකොළහයි හතලියයි. මගෙ ෆෝන් එකට කෝල් එකක්.

“අනේ මහත්තයා, නෝනට ⁣ෆෝන් එක දෙන්න අම්මට හොඳටම අමාරුයි හතිය වැඩිවෙලා.”එයා ,ඇඳේ නැහැ. නිදිමතේම මම එයාව හෙව්ව. අඳුරු ස්තෝප්පුවෙ කෙලවරක වාඩිවෙලා. “ඇයි මේ?” මම ඇහුව.

“අමාරුවෙච්චි කෙනෙකුට ICU ඇඳක් හොයනවා”. එයා කිව්වා.
මීගහතැන්න වෛද්‍ය නිලධාරිනිය මගේ බිරිඳය. ඉහත සටහන ඇයගේ එක දිනක් නොව මේ දිනවල සාමාන්‍ය චර්යාවය.

– චන්දන ගුණසිංහ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
44
11.svg?v=2.6
අවුල් වගේ !
3
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
6
31.svg?v=2.6
මාර දුකයි !
71
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
4
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

මීගමුවෙන් අතුරුදහන් වූ දැරියගේ සිරූර හලාවතට ගොඩ ගසයි

දින කීපයකට පෙර මිය ගිය බවට සැකකරණ බිළිදියකගේ මළ සිරුරක් හලාවත, ඉරණවිල මුහුදු වෙරළට...

සුදුලූණු වංචාවට ලොක්කෙක්ගේ පුතෙක් අත්අඩංගුවට

ඊයේ (22) දිනයේ දී සතොස සුදුලූණූ වංචාවට අදාළ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරික්ෂණ...

ඇත්තම කියනවා නම් මම විවාහ දිවියක් ගත කරන්න හිටපු කෙනෙක් නෙවෙයි

උදයන්ති කුලතුංග කියන්නේ අපි කාගෙත් අතර ජනප්‍රිය රංගන ශිල්පිනියක්. සිහින සමාගම, සංසාරණ්‍ය අසබඩ, කැළෑ...

කොන්දොස්තර නැතුව බස් ධාවනයට අවසර ඉල්ලයි

බස් රථවල ආදායම අඩුවීම සහ සේවකයන් නොමැතිවීම පිළිබඳව අවදානය යොමු කර කොන්දොස්තරවරයා නොමැතිව බස්...

යුද හමුදාපතිවරයා රුසියාවට.. ඉහළම ගෞරවය සමඟ යුද හමුදාපතිවරයා පිළිගනී

යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා රුසියාවේ සංචාරයකට එක්වී තිබෙනවා.පසුගිය වසරේදී රුසියානු ජනරජ භූමි මෙහෙයුම්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x