31 C
Colombo
Sunday, April 18, 2021

කොවිඩ් වැලඳුනාම වයසක අයත්, පිරිමි අයත් වැඩිපුර මැරෙනවා කියන්නේ බොරුවක්

ඇමරිකාවේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ අලුත්ම දත්තයන්ට අනුව මේ වනවිට ලොව පුරා වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව ලක්ෂ විසිපහකට වඩා වැඩිය. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව හාරසිය පනස් හතකි. ලංකාවේ තත්ත්වය පසුගිය ජනවාරි මාසයට සාපේක්ෂව දෙගුණයක වැඩිවීමකි. එනම්, පෙබරවාරි මාසයේ මුල් දවස් විස්සෙහි දිනකට වාර්තා වූ අවම කොවිඩ් මරණ ගණන තුනක් හෝ පහක් පමණ විය.

මේ පිළිබඳව වසංගත රෝග විද්‍යාංශය පවසන්නේ ජනගහනයෙන් සෑම මිලියනයකටම කොවිඩ් මරණ දහනවයක් සිදුවිය හැකි බවයි. එය පසුගිය ජනවාරි මස අවසාන සතිය වනවිට ජනගහණයෙන් සෑම මිලියනයකටම මරණ දහතුනක් වශයෙන් පහළ අගයක් ගත්තේය.

මෙරට කොවිඩ් මරණ හාරසිය පනස් හතෙන් එකසිය හැට නවයක් කාන්තාවන් වන අතර දෙසිය අසු අටක් පිරිමි පුද්ගලයන්ය. පිරිමි මරණ ගණන සමස්ත කොවිඩ් මරණවලින් සියයට හැටතුනක් ලෙස දැක්විය හැකිය. කෙසේ වෙතත්, මෙලෙස පිරිමි පුද්ගලයන් වැඩි වශයෙන් මියයාම සම්බන්ධයෙන් විශේෂ හේතුවක් නොමැති බව මේ පිළිබඳව අදහස් දක්වන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

‘‘සාමාන්‍යයෙන් රෝගීන්ගේ ප්‍රතිශතය අනුව තමයි මරණ සංඛ්‍යාව තීරණය වෙන්නේ. අනික වැඩිපුරම ඉන්නේ කොවිඩ් වයිරසය ආසාදනය වූ පිරිමි පුද්ගලයන් නම් වැඩි වශයෙන් කාන්තාවන්ට වඩා පිරිමි පුද්ගලයන් මියයාම සාමාන්‍ය කරුණක්. ඒත් යම්කිසි මොහොතක කොවිඩ් වයිරසය ආසාදනය වූ කාන්තාවන් වැඩි වශයෙන් ඉඳලා වැඩිපුර පිරිමි මියයනවා නම් එතන ගැටලුවක් තියෙනවා. ඒ නිසා වර්තමානයේදී කාන්තාවන්ට වඩා පිරිමි පුද්ගලයන් මියයාම සම්බන්ධයෙන් එතරම් විශේෂ හේතුවක් කියන්න අමාරුයි.” ඔහු අවධාරණය කරයි.

කෙසේ වෙතත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරන්නේ තවමත් බිම් මට්ටමේ ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව ලේඛන ගත කර නොමැති බවයි. මේ අතර කොවිඩ් ආසාදිත මරණ හාරසිය පනස් හතෙන් තුන්සිය විස්සකට වැඩි පිරිසක් වයස අවුරුදු හැට ඉක්මවූ අය වෙති. එය සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් සියයට හැත්තෑවකට වඩා වැඩි ප්‍රතිශතයකි.

ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු මෙසේ මියයන්නේ නියුමෝනියාව, ලේ විෂවීම, ශ්වසන පද්ධතිය අක්‍රිය වීම සහ මුත්‍රා මාර්ගයේ ඇතිවූ ආසාදන වැනි රෝග ලක්ෂණයන් හේතුවෙනි. මෙම රෝග ලක්ෂණ සහිත බොහෝ දෙනෙකු නිදන්ගත රෝගයන්ගෙන් පෙළුණු අය බවද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියයි.

එම නිදන්ගත රෝග අතර උග්‍ර දියවැඩියාව, හෘද රෝග, අධි රුධිර පීඩනය සහ උග්‍ර වකුගඩු රෝගය බහුල වශයෙන් දක්නට ලැබෙන බව වෛද්‍යවරයා කීවේය. එවැනි වැඩිහිටියන් හට කොවිඩ් රෝගී තත්ත්වය උත්සන්න වී සංකූලතා ඇතිවීමේ වැඩි අවදානමක් ඇත්තේය. මෙයට හොඳම උදාහරණය හිටපු කථානායක වි.ජ.මු. ලොකු බණ්ඩාරය. ඔහු කොළඹ අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතරතුර කොවිඩ් රෝගය උත්සන්න වී මිය ගියේ කොවිඩ් වැලඳීමෙන් ලංකාවේ මෙතෙක් මියගිය ඉහළම ප්‍රභූවරයා හැටියටයි. ඔහුගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ උග්‍ර වකුගඩු හානිය, ලේ විෂවීමේ කම්පනය, හෘද රෝගී තත්ත්වය, අධි රුධිර පීඩනය, රුධිර ප්‍රමාණය ඉහල යාම සහ කොවිඩ් නියුමෝනියාව වැනි රෝග ලක්ෂණයි.

මෙලෙස රෝග ලක්ෂණයන් ඇති පුද්ගලයන් වැඩි වශයෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීම වැදගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කීවේය.

‘‘ඕනෑම පුද්ගලයකු වයසට යනකොට විවිධ රෝගාබාධවලට ලක්වෙනවා. එත් ඒ නිසාම කොවිඩ් වයිරසය නිසා වැඩියෙන්ම මැරෙන්නේ වයසක අය කියලා කියන්න බැහැ. ඒකට හොඳම උදාහරණය තමයි පසුගිය දවස්වල ලංකාවේ වැඩිහිටි නිවාසවල පුද්ගලයන් කිහිපදෙනෙක්ටම කොවිඩ් ආසාදනය වුණා. ඒ වෙලාවේ අපිත් හිතුවේ ඔවුන්ට වයිරසයට මුහුණ දෙන්න බැරි වෙයි කියලා. එත් ඒ වැඩිහිටි නිවාසවල කිසිම කෙනෙක් මියගියේ නැහැ. හැමෝම හොඳින් ඉන්නවා. ඒ නිසා අපිට කියන්න බැහැ වයස වැඩිවෙනකොට කොවිඩ් මරණ වැඩිවෙනවා කියලා.”

නමුත්, යම් ප්‍රතිශතයකින් සංකූලතා වැඩිවෙත්ම ඔහුගේ වයස මත කොවිඩ් වයිරසයෙන් බේරීමට ඇති හැකියාව තීරණය වන බව වෛද්‍යවරයා කියයි. වර්තමානයේදී එන්නත් කරන වැඩසටහන ආරම්භ කර ඇති නිසා ඉදිරියේදී කොවිඩ් ආසාදිතයන්ගේ සහා කොවිඩ් මරණයන්ගේ අඩුවක් දක්නට හැකිවේ දැයි අපි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්ගෙන් විමසුවෙමු.

‘‘ඇත්තටම එන්නතේ ප්‍රතිඵල ලබාගන්න නම් තවත් මාස තුනක් හතරක් බලන් ඉන්න වෙනවා. අනික, අපි මේ එන්නතට අපිව ආරක්ෂා කරන්න දීලා සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරන්නේ නැතුව හිටියොත් මොන එන්නත ගැහුවත් තේරුමක් නැති වෙනවා. ඒ නිසා මාස ගාණක් තිස්සේ අපි පුරුදු පුහුණු වෙලා ඉන්නෙ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරන්න. ආයතන ප්‍රධානියා වුණත් මම මගේ ආයතනය ඇතුළට යනකොට අනිත් අය වගේම අත් හෝදලා, උණ බලලා තමයි යන්නේ. ඒ විතරක් නෙවෙයි කොහේ ගියත් මම ඒ පුරුදු අතහරින්නේ නැහැ.”

කෙසේ හෝ, සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන්නන්ට කුමන වයසක සිටියත් කොවිඩ් වයිරසයෙන් ආරක්ෂා වීමේ හැකියාව පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අවධාරණයෙන් කියයි.

හර්ෂණි දිසානායක

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ප්‍රාදේශීය සභා, නගර සභා මන්ත්‍රීන් 80කට අල්ලස් චෝදනා පරීක්ෂණ

අල්ලස් ගැනීම්, දූෂණ හා අයථා ලෙස වත්කම් ඉපයීම් සම්බන්ධයෙන් ප්‍රාදේශීය දේශපාලඥයින් 80 දෙනෙකුට විරුද්ධව...

මියන්මාර අත්අඩංගුවේ සිටි මෙරට ධීවරයින් 12 ට සිදු වු දේ

මියන්මාර මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටියදී, මියන්මාර බලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව, වසර 6ක සිරදඬුවමකට ලක්ව...

කාන්තාවක් බස් රථයකට යට වෙයි

කතරගම ඩිපෝවට අයත් බස් රථයක් තංගල්ල බස් නැවතුම්පොළට පිවිසෙන අවස්ථාවේදී කාන්තාවක් අනතුරට පත් කරන...

ඊයේ දිනය ඇතුළත ලක්ෂ 12කට රු. 5000 බෙදයි

සමෘද්ධි හා අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් රජයෙන් ලබා දෙන රුපියල් 5000 දීමනාව ඊයේ (12 වැනිදා)...

සිංහල හා දමිළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ චාරිත්‍රයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ සාමාජිකයින් එක් වූ හැටි

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත් චාරිත්‍රය අද පූර්වභාග 7.16ට යෙදි...

දක්ෂිණ අධිවේගයේ වාහනයක යකා නැටු තරුණ කණ්ඩායමේ සුළමුල හෙළි වෙයි – අයිතිකරු ගැනත් අනාවරණයක්

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන කඩවත සිට මාතර දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිතව ධාවනය...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x