31 C
Colombo
Saturday, April 10, 2021

කොවිඩ් වැළඳී මියගිය දින 20 බිළිඳාගේ නඩුවෙන් විනිසුරුවරයෙක් ඉල්ලා අස්වේ

මීට මාස කිහිපයකට පෙර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි දින 20 ක් වයසැති බිළිඳෙකු කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මරණයට පත්වී තිබුණා.

පසුව එම බිළිඳු මෘත ශරීරය අත්තනෝමතික ලෙස ආදාහනය කිරීම තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇතැයි සඳහන් කරමින් එම දරුවාගේ දෙමාපියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබූවා.

එම මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බලන පංච පුද්ගල විනිසුරු මඩුල්ලෙහි එක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු අද (29) ඉන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

එම පෙත්සම අද ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී.බී. දෙහිදෙනිය, ගාමිණි අමරසේකර, යසන්ත කෝදාගොඩ සහ කුමුදුනී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූවා.

එහිදී එම විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සඳහන් කළේ, පුද්ගලික හේතුවක් මත තමා එම පෙත්සම සළකා බැලීමෙන් ඉවත්වන බවයි.

ඒ අනුව පෙත්සම සලකා බැලීම එළැඹෙන මැයි මස 25 වන දා තෙක් කල් තබනු ලැබූවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
4
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

මන්ද මානසික තරුණියට බාසුන්නැහේ අමුතු වැඩක් කරලා

31 හැවිරිදි වියේ පසුවන මන්ද මානසික කාන්තවක් දූෂණය කළ බව පැවැසෙන වඩුබාස් කෙනෙකු අත්අඩංගුවට...

බන්ධනාගාරයකින් පැන ගිය පුද්ගලයා වසර කිහිපයකට පසු පොලිසියට හසුවුණ හැටි

ප්‍රමුඛ පෙළේ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවාකප්පම් සිද්ධියක් සම්බන්ධයෙන් මොහුව...

ජොගින් ට්‍රැක් එකක් හදන්න රත්නපුරේ ගස් 103ක් බිල්ලට

මේ දිනවල රත්නපුර නව නගර මාර්ගයේ ගමන් ගන්නා ඔබට මාර්ග අයිනේ ඇති ගස් සියල්ලේම...

ඇස්ට්‍රා සෙනිකාට තිඹිරිගෙයින්ම රතු එළියක්

වයස අවුරුදු 30ට අඩු පුද්ගලයන් සඳහා ඇස්ට්‍රා සෙනිකා එන්නත වෙනුවට ආදේශක එන්නතක් ලබාදියයුතු බවට...

අධිවේගී අන්තර්ජාල පහසුකම් සැපයීම

අසීමිත අන්තර්ජාල සේවා සැපයීම සඳහා අදාළ සේවා සපයන ආයතන විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x