26.3 C
Colombo
Wednesday, September 29, 2021

කොවිඩ් වැළඳී මිය ගිය මාස පහක නූපන් කළලය

කොවිඩ් මාරයට බිලිවූ මාස පහක කළලය.. මාස 5ක් වූ නූපන් දරුවෙකු කෝවිඩ් වැළදී ගම්පොල ශික්ෂණ රෝහලේදී මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම මරණයට පෙර මෙරට අඩුම වයස් කොරෝනා මරණය වූ ඉපදී සති 8ක් වූ දරුවෙකු ද මියගොස් තිබුනේ ගම්පොලදීය. 

 මෙම නූපන් දරුවාගේ මව ගම්පොල නගරයේ නුවරඑළිය මාර්ගයේ පදිංචිකාරියක් වන අතර ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ නිසා ගම්පොල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබාදෙමින් සිට ඇත. ඒ අතර තුර සති 20ක් (මාස 5) දරුවා පිලිබඳව වෛද්‍යවරු සැලකිල්ලෙන් සිටියද එම දරුවා කුස තුළ මියගොස් ඇති බව දැන පසුව දරුවා සැත්කමක් කොට එළියට ගෙන ඇත. එහිදී සිදුකල පරීක්ෂාවකදී මෙම දරුවා ආසාධිත බව හදුනා ගෙන ඇත.

36 හැවිරිදි මව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඇගේ පවුලේ සියලුදෙනා නිරෝධායනයට ලක් කිරීමට ගම්පොල නගර සභා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන ඇත.

ගම්පොල උඩපළාත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එම්.ෂාහිඩ් මහතා පවසන්නේ කොරෝනා වෛරසයට ලක්වන ගර්භනී මවක් විවිධ සංකූලතාවන්ට ගොදුරු වන නිසා මෙම වසංගතයෙන් ආරක්ෂා වීමට ගත හැකි සෑම පියවරක්ම ගැනීමට කටයුතු කළයුතු බවයි. මියගිය දරුවාගේ ආදාහනය අද (25දා) ගම්පොල නගර සභා ආදාහනාගාරයේදී සිදු කෙරිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
11.svg?v=2.6
අවුල් වගේ !
4
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
30
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ජනප්‍රිය නිරූපණ ශිල්පිනි චුලක්ෂි රණතුංග ගේ නවතම ඡායාරූප අන්තර්ජාලය කැළඹු හැටි

චුලක්ෂි රණතුංග කියන්නේ නිරූපණයෙන් වගේම රංගනයෙනුත් බොහෝ පිරිසකගේ ආදරය දිනාගත්තු ශිල්පිනියක්. ඒ වගේම කාලෙන්...

කර්නල්ගේ වාහනේ ඉස්සර කළ තරුණයාට ලේ වමනේ දාන්න ගහලා

අද උදෑසන කැස්බැව හල්පිට ප්‍රදේශයේදී යුද හමුදාවේ කර්නල් වරයෙකු වයස අවුරුදු 23ක් පමණ වන...

රට විවෘත කිරීමේ සූදානම ගැන යුද හමුදාපති කියයි

ඔක්තෝම්බර් පළමු වනදා රට විවෘත කිරීමට අදාළ සැලසුම් මේ වනවිට සකස් කරමින් ඇති බව...

රට විවෘත කල පසු පිලිවෙල මෙන්න

ලබන මස පළවැනිදා රට සාමාන්‍ය පරිදි විවෘත කර සියලු ම රාජ්‍ය සේවකයන් සෞඛ්‍ය ආරක්ෂිත...

සහල් මිල අතට ගත්ත මෝල් හිමියන්ට රජයෙන් රතු එළියක්

(27) දිනයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සහල් පිළිබඳව පාරිභෝගික අධිකාරිය විසින් පනවා තිබෙන...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x