28 C
Colombo
Sunday, September 19, 2021

කොවිඩ් වැළඳුණු දරුවන් 5000කින් එක් අයෙකුට, සිදුවන බවට හෙළිවූ දේ

කොවිඩ් වෛරසය ආසාදිතව සුවය ලැබූ දරුවන්ගෙන් 5000කින් එක් අයකුට MIS-C හෙවත් බහු පද්ධති සංකූලතා රෝගය වැළඳීමේ ප්‍රවණතාවක් ඇති බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික්‍රමසිංහ අවධාරණය කරනවා

කොවිඩ් වෛරසය පැතිරයෑමේ වැඩිවීමත් සමඟම යම් ප්‍රමාණයකට මෙම රෝගයද පැතිර යෑමේ ප්‍රවණතාවක් පවතින බවයි විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා දිනපතා පළවන පුවත්පතකට පවසා තිබෙන්නේ

කොවිඩ් රෝගය හේතුවෙන් මේ වනවිට ළමා රෝහලේ දරුවන් 10ක් පමණ මියගොස් ඇති බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරනවා

මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස දැක්විය හැක්කේ, උදරය ආශ්‍රිත අසාමාන්‍ය සංකුලතා මතුවීම සහ විශාල ප්‍රමාණයේ කුෂ්ට ඇති වීම බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරනවා

ශ්වසන රෝග සහ පාචනය මේ කාලයේ බහුලව දරුවන් අතර පැතිර යන අතර මෙම රෝගී තත්ත්වයද පැතිර යෑමේ අවදානමක් පැවතිය හැකි බවයි මහාචාර්ය පූජිත වික්‍රමසිංහ පවසන්නේ

එම නිසා ප්‍රමාද නොකර දරුවාව රෝහලකට ගෙන ගොස් සායනික හඳුනාගැනීම් සිදුකිරීමට ඉදිරිපත් වන ලෙසත්, මේ වෙලාවේ එය ඉතා වැදගත් ක්‍රියාවක් බවත්, විශේෂඥ වෛද්‍ය වික්‍රමසිංහ අවධාරණය කරනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
2
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

විවෘත කළ බාර් PHI වසාදමයි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකම අද මත්පැන් අලෙවිසල් විවෘත කර තිබූ අතර නිරෝධායන ඇඳිරි නීතිය ද...

සුරාසැල් විවෘත කිරීම පිළිබඳ නවතම අදහස්

ඔක්තෝබර් පළමු වනදා තෙක් නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කිරීම මගින් මෙරට කොවිඩ් ව්‍යාප්තිය තවදුරටත් සාර්ථක...

ලොක්ඩවුන් ඉවතට? නව සංචරන සීමා මෙහෙමයි..

එන සතියේ දී යම් යම් සීමාවන්ට යටත්ව රට විවෘත කිරීමේ හැකියාවක් ඇති බව යුද...

ජනාධිපතිවරයා අද ගන්න යන විශේෂ තීරණය මෙන්න

මාසයකට ආසන්න කාලයක් පුරා දැනට ක්‍රියාත්මක වෙන නිරෝධායන ඇඳිරි නීතිය ලබන 21 වැනි දායින්...

කොරෝනා දින 6ක බිළිඳාවත් අරන් යයි

දින 6ක බිළිඳෙක් කොවිඩ් ආසාදිතව මියගිය පුවතක් බලංගොඩ මූලික රෝහලෙන් වාර්තා විය. බලංගොඩ, බෝම්බුව ප්‍රදේශයේ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x