කොවිඩ් විකෘති ප්‍රභේද බවට සැක කෙරෙන සාම්පල 14ක් -කොළඹ ගැන දැඩි විමසිල්ලෙන්

ජාන විකෘතිතා ඇතැයි සැක සහිත කොවිඩ් – 19 ආසාදිත සාම්පල 14ක් කොළඹ නගර සභා සීමාව ආශ්‍රිතව හඳුනා ගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අවධාරණය කරනවා

‘ඩෙල්ටා’ ප්‍රභේදය ආසාදිත යැයි වාර්තා වූ 19 දෙනා හඳුනාගත් ප්‍රදේශ ආශ්‍රිතව ලබාගත් අහඹු සාම්පල 25ක් අතරින් මෙම සැක සහිත සාම්පල 14 හඳුනාගත් බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ

මෙම ජාන විකෘතිතාව ‘ඩෙල්ටා’ කොවිඩ් ප්‍රභේදය ද නැතිනම් වෙනත් ප්‍රභේදයක්ද යන්න පිළිබඳව කිව හැක්කේ ජාන අනුක්‍රමික විශ්ලේෂණයන් මඟින් පමණක් වනවා.

එබැවින් මේ වන විට විශ්ලේෂණයන් සඳහා එම සාම්පල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙත යවා ඇති බවයි විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරන්නේ

මේ පිළිබඳ සිදු කෙරෙන පරීක්‍ෂණවල ප්‍රතිඵල සතියකින් ලැබෙන බවත් එම ප්‍රතිඵල මඟින් තහවුරු කිරීමක් කරන තෙක් අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නැති බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් පවසනවා

විකෘති ප්‍රභේද, දැයි සැක කළ හැකි සාම්පල ලබාගත් කොළඹ ප්‍රදේශ පිළිබඳව මේ වන විට වැඩි අවධානයක් යොමුකළ යුතුයි

එම ප්‍රදේශයන්හි පැතිර පවතින ප්‍රභේදයන් වෙනත් ප්‍රදේශයන් කරා ව්‍යාප්ත වීමට තිබෙන ඉඩකඩ හැකි පමණින් අසුරා තැබිය යුතු බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්‍ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා අවධාරණය කරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
1
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
1
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
1
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

තවත් කොරෝනා මරණ 48ක්…

තවත් කොරෝනා ආසාදිත පුද්ගල මරණ 48ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ඒ අනුව මෙරට කොවිඩ්...

මෙරට කොරෝනා ව්‍යාප්තිය ගැන අසුබ ආරංචියක්

දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සහ මරණවල ඉහළ යෑමක් ඊයේ දක්නට ලැබුණා. ඒ අනුව...

අත්අඩංගුවට ගත් උමාරියාට අධිකරණය දුන් නියෝගය

රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජනප්‍රිය ගායන ශිල්පිනී උමාරියා සිංහවංශ ඇප...

බිරිඳට හොරෙන් මහ පාන්දරින්ම SPA සැප ගන්න ගිය, 37 හැවිරිදි පුද්ගලයා නොඑන ගමන් ගිය හැටි, තලවතුගොඩ කැළඹූ සිද්ධියේ ඇත්ත එළියට

තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි සම්භාහන මධ්‍යස්ථානයකට පැමිණි පුද්ගලයෙකු එම සම්බහාන මධ්‍යස්ථානය තුලදීම මියගොස් තිබෙනවා.තලංගම පොලිසිය...

තම මිතුරියන් සමඟ එක්වී නිල් චිත්‍රපට සෑදූ හොරණ පාසැල් සිසුන්

හොරණ ප්‍රදේශයේ ඉලෙක්ට්‍රොනික උපාංග අළෙවිසැල් කිහිපයක් බිඳ රුපියල් මිලියන 4කට වඩා වැඩි වටිනාකමකින් යුත්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x