32 C
Colombo
Thursday, April 22, 2021

කොවිඩ් හේතුවෙන් පාසලේ 5 වසරේ පන්ති වසාදැමේ

කොවිඩ් – 19 අසාදිත සිසුවෙකු හමුවීම හේතුවෙන් නෝර්වුඩ් දමිළ මහා විද්‍යාලයේ 05 වසර පන්තිවල අධ්‍යයන කටයුතු අද (15) සිට තාවකාලිකව නවතා දැමීමට පියවර ගෙන තිබේ.

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් දමිළ මහා විද්‍යාලයේ 05 වසරේ සිසුවෙකුට එලෙස කොවිඩ් – 19 වෛරසය අසාදනය වී ඇති බවට ඊයේ (14) දින තහවුරු වී තිබුණි.

හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. ශ්‍රීදරන් මහතා පැවසූවේ සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව 05 වසරේ අධ්‍යාපන කටයුතු එළඹෙන 22වන දින දක්වා ආරම්භ නොකරන බවය.

නොර්වුඩ් ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වන නොර්වුඩ් පුස්ථකාලයේ පුස්තකාලාදිපතිනියට සහ ඇයගේ පුතාට කොවිඩ් – 19 වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වු බවත් පුස්තකාලාධිපතිනියගේ පුතා අසාදිත පාසල් සිසුවා බව ද මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩී. චන්ද්‍රරාජන් මහතා පැවසිය.

අසාදිත මව සහ පුතා වලපනේ නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථානය කරා යොමු කර තිබේ.

නෝර්වුඩ් දමිළ මහා විද්‍යාලයේ 05 වසරේ අසාදිත සිසුවාගේ සමීප ආශ්‍රිත සිසු සිසුවියන් අද (15) දින PCR පරීක්ෂණ සඳහා යොමුකරන බවත් මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවසීය.

නොර්වුඩ් පුස්තකාලය ද තාවකාලිකව වසා දමා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

භික්ෂුවකගේ වෙස් ගත් ‘සැක කටයුතු අයෙක්’ කහල්ල රක්ෂිතයකට පලා ගිහින්

ඊයේ (17) දහවල් කාලයේ මීගලෑව රැස් වෙහෙර රජමහා විහාරයට බෞද්ධ භික්ෂුන් වහන්සේනමකගේ වෙස් ගත්...

රූ රැජිණ තරගාවලියට රජය ගන්න හදන නව නීති රිති

ශ්‍රී ලංකාව හා සම්බන්ධ රූපලාවණ්‍ය තරගාවලි නියාමනය කිරීම සඳහා නීති රීති හඳුන්වා දීමට රජය...

වේලි ඔයේ ගසාගෙන ගිය මහරගම පියා සහ පුතා

හල්දුම්මුල්ල, කළුපහණ ප්‍රදේශයේ වේලි ඔයේ දිය නෑමට ගොස් සිටියදී දිය පහරකට හසුව අතුරුදන්ව සිටි...

පාසැලක ළමුන් 06 කට කොරෝනා

කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි පාසැලක ළමුන් 06 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනා ගෙන ඇති...

අධික බීමතින් තරුණියකට බලෙන් පෙම් කරන්න ගිය ප‍්‍රසිද්ධ ක‍්‍රිකටර්ට ගුටි පූජාවක්.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් දැන් වළ පල්ලටම ගොස් හමාරය. එලෙස වළපල්ලටම යෑමට හේතු වූ කරුණු...

දිවයිනේ සියලු පාසල්වල දෙවන වාරය අදින් ඇරඹේ

දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන වාරය අදින් ආරම්භ වනවා.නව මාර්ගෝපදේශ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x