31 C
Colombo
Monday, May 17, 2021

කොවිඩ් 19 ආසාදනයෙන් මාළඹේ එකම පවුලේ තිදෙනෙක් මරුට

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාලඹේ – ගෝනවත්ත ප්‍රදේශයේ එකම නිවසක පදිංචිව සිටි වයෝවෘද්ධ අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනෙක් (03) මියගොස් තිබෙනවා.

තලංගම පොලිසිය පවසන්නේ මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 86 ,94 අඹුසැමි යුවළ සහ වයස අවුරුදු 82 කාන්තාවක් බවයි.

මියගිය පිරිමි පුද්ගලයා කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රීවරයෙක් වන අතර ඔහුගේ බිරිඳ විශ්‍රාමික හෙදියක් වනවා.

මියගිය අනෙක් වයෝවෘද්ධ කාන්තාව මියගිය අඹු-සැමි යුවළගේ දියණියගේ සැමියාගේ මව බවයි වාර්තා වන්නේ.

ඉකුත් 22 දින මොවුන් තිදෙනා IDH රෝහල වෙත ඇතුළත් කර තිබූ අතර පසුගිය 03 වනදා ඔවුන් තිදෙනාම මියගොස් තිබුණා.

පොලීසිය පවසන්නේ මියගිය අඹුසැමි යුවළගේ දියණිය හා ඇයගේ සැමියා මෙන්ම පුතණුවන් ද කොවිඩ් 19 වෛරසය ආසාදිතව මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

මියගිය තිදෙනාගේ අවසන් කටයුතු මුල්ලේරියාව ආදාහනාගාරයේ දී සිදුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
3
හරි හිනා !
0
හම්මෝ !
6
මාර දුකයි !
56
කුජීතයි !
2
මලපනිනව !
6
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

සංචරණ සීමා මැද කන්ටේනරයක් නිවසක් කඩාගෙන පෙරළෙයි

පාලනයෙන් ගිලිහීම හේතුවෙන් අම්බලන්ගොඩ ප්‍රදේශයේ නිවසක කන්ටේනර් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.අනතුරෙන් නිවසට දැඩි...

නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ 06කට කොවිඩ්

නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ 06 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති...

බදුල්ල පස්සර මාර්ගයේ වෑන් රථයක් පෙරළීමෙන් රියදුරු ජීවිතක්ෂයට

බදුල්ල පස්සර මාර්ගයේ 2කණුව දියනගල ප්‍රදේශයේදි මගී ප්‍රවාහන වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන්...

අලුත් කොරෝනාවෙන් ගැලවෙන්න ක‍්‍රම 06ක් මෙන්න.

විශේෂ වයිරස ප්‍රභේද ගැන පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා,ප්‍රතිශක්තිවේද හා...

නිවෙස්වලම රෝගීන් ‘අවසන් හුස්ම හෙලන’ තත්ත්වයක් ! – PHI සංගමය කරුණු හෙළිකරයි

කොවිඩ් රෝගීන්ට නිවසේ රඳවා ගෙන ප්‍රතිකාර කිරීමට ගියහොත් විවිධ ගැටළු පැන නැගිය හැකි බව...

තවත් කොරෝනා ආසාදිතයන් 1429ක් හඳුනා ගැනේ

තවත් කොරෝනා ආසාදිතයන් 1429ක් හඳුනා ගෙන තිබෙනවා.

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x