27 C
Colombo
Tuesday, September 21, 2021

කෝටි ගාණක කප්පම් සිද්ධියට බොලිවුඩ් නිළි ජැකලින් ප්‍රශ්න කරයි

මුදල් විශුද්ධිකරණ සිද්ධියක සාක්ෂිකරුවකු ලෙස ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්ගෙන් ඊයේ(30) ප්‍රශ්න කළ බව එන්ඩීටීවී (NDTV) ඇතුළු ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තාවලට අනුව ඉන්දීය මැතිවරණ කොමිෂන් සභාව විසින් අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට මේ වන විට හඳුනාගෙන ඇති සුකේෂ් චන්ද්‍රශේකර් නම් පුද්ගලයකු විසින් ක්‍රියාත්මක කරන ලද යැයි කියන කෝටි ගණනක කප්පම් ජාවාරමක් සම්බන්ධයෙන් මෙලෙස ජනප්‍රිය බොලිවුඩ් නිළියගෙන් ප්‍රශ්න කර තිබේ.

මෙහිදී 36 හැවිරිදි ජැකලින් සිද්ධියේ චූදිතයකු නොවන නමුත් සුකේෂ් චන්ද්‍රසේඛර්ට එරෙහි නඩුවක සාක්ෂිකරුවකු ලෙස ප්‍රශ්න කිරීම්වලට ලක්වේ.

චන්ද්‍රසේකරට එරෙහි මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් පසුගියදා චෙන්නායි හි මුහුදට මුහුණලා තිබූ බංගලාවක්, පවුම් ලක්ෂ 82.5 ක මුදලක් සහ සුඛෝපභෝගී මෝටර් රථ දුසිමකට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම නඩුව පදනම් වී ඇත්තේ අපරාධ කුමන්ත්‍රණය, වංචා කිරීම සහ පවුම් කෝටි 200ක පමණ කප්පම් ගැනීම් සම්බන්ධයෙනි.චන්ද්‍රසේකරට සහ අනෙක් අයට එරෙහිව දිල්ලි පොලිසියේ ආර්ථික අපරාධ අංශය විසින් නඩු පවරා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
1
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
7
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

මේගොල්ලො ඇත්තටම ගුරුවරු ද කියලත් හිතන්න බෑ. සාකච්ඡා අතරතුර උණුසුම් තත්වයක්

ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට කැබිනට් අනුකමිටුව ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව වර්ජනයේ...

ප්‍රදේශ කිහිපයකට තද වැසි

සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ...

ජනාධිපතිවරයා අද ගන්න යන විශේෂ තීරණය මෙන්න

මාසයකට ආසන්න කාලයක් පුරා දැනට ක්‍රියාත්මක වෙන නිරෝධායන ඇඳිරි නීතිය ලබන 21 වැනි දායින්...

කබ්රාල් ගැන වෝහාරික විගණනය බාරව සිටි දවුලුගල ඉවත් කරයි

අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහබැංකුවේ අධිපති ධූරය බාරගෙන දිනක් ඉක්ම යාමට මත්තෙන් බැදුම්කර ගනුදෙනු...

අධි බලැති ක්ලේමෝ බෝම්බ දෙකක් හමුවේ

යාපනය කොඩිකාමම් කුඩමියන් ප්‍රදේශයේ තිබී අධිබලැති ක්ලේමෝ බෝම්බ දෙකක් 16 දින හමුව ඇති බවට...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x