කෝවිඩ් හැදුනත් දැන් රෝහල් ගත විය හැක්කේ මේ අයට විතරයි

කොරෝනා මේ ලක්ෂණ පහළ වුණොත් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් පතන්න

නිවසේ සිට ප්‍රතිකාර ලබන කොවිඩ් 19 ආසාදිත පුද්ගලයෙකු සැලකිලිමත් විය යුතු අවදානම් ලක්ෂණ ගැන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය දැනුම් දීමක් කර තිබේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් දක්වමින් මේ පිළිබඳව කරුණු දක්වා තිබේ.

නිවසේ සිටම ප්‍රතිකාර ලබාගන්නා කොවිඩ් 19 රෝගියෙකු වහාම රෝහල්ගත කළ යුත්තේ කුමන අවස්ථාවකදී ද?

නිවසේ සිට ප්‍රතිකාර ලැබීමට සුදුසු බවට තෝරාගෙන ලියාපදිංචි කිරීමෙන් අනතුරුව වෛද්‍ය උපදෙස් අනුව කොවිඩ් 19 රෝගයට ප්‍රතිකාර ලබන අයෙක් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තිබෙනවා.

⦾ උපරිමයෙන් විවේක ගැනීම
⦾ ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම
⦾ පෝෂ්‍යදායී සමබර ආහාර වේලක් ගැනීම
⦾ රෝගය උත්සන්න වන බවට වන ලක්ෂණ පිළිබඳ අවධානයෙන් සිටීම මේවායින් ප්‍රධාන වනවා.

විවේකීව සිටියදී හෝ අඩි දහයක් දොළහක් පමණ ඇවිද යද්දී හති වැටේ නම් හෝ හුස්ම ගැනීමට අපහසු බවක් දැනේ නම්, එය එම රෝගියා වහාම රෝහල්ගත කළ යුතු තත්ත්වයක සිටින බව බව පෙන්නුම් කරන ප්‍රධානතම ලක්ෂණයක්.

අට වාරයක් – දහ වාරයක් පමණ පුටුවකින් හිඳ ගැනීම හා නැගිටීම සිදුකිරීම හෝ වෙනත් සුළු ව්‍යායාමයක දී හතියක් ඇතිවේ දැයි පරික්ෂා කිරීමත් මෙහි දී කරන්න පුලුවන්.

රුධිරයේ ඔක්සිජන් සාන්ද්‍රණය මැනිය හැකි pulse-oximeter උපකරණයක් නිවසේ ඇත්නම් එය ආධාරයෙනුත් අපට රෝගියාගේ තත්වය ගැන අදහසක් ලබාගන්න පුලුවන්.

මෙවැනි අවස්ථාවක සිරුරේ ඔක්සිජන් සාන්ද්‍රණය 96% ට වඩා අඩු අගයක් ගන්නා බවට පෙනේනම් වහාම රෝහල්ගත වීමට කටයුතු කළ යුතුය. එවන් උපකරණයක් නැතිනම් පෙර කී අවදානම් ලක්ෂණ පමණක් සලකා බලා වුවත් රෝහල්ගතවීම ගැන වෛද්‍ය උපදෙස් වෙත යොමු වීම ඉක්මනින් කළ යුතුයි.

මෙයට අමතරව,

⦾ නිතර පවතින පපුවෙහි බර ගතිය හෝ පපුවේ වේදනාව
⦾ තොල කට වියළී යාම, මූත්‍රා පිටවීම අඩු වීම වැනි විජලනයේ ලක්ෂණ
⦾ සිහි කල්පනාව වෙනස් වීම
යනාදී රෝග ලක්ෂණ ද කොවිඩ් ආසාදිතයෙකු වහාම රෝහල් ගත යුතු අවස්ථාවට පැමිණ ඇති බවට සාධක වෙනවා.

එමෙන්ම, රෝගියා මුල සිට පෙන්නුම් කළ රෝග ලක්ෂණ ක්‍රම ක්‍රමයෙන් දරුණු වීම හෝ අසාමාන්‍ය ලෙස කල්පැවතීමක් සිදු වේ නම් එවැනි රෝගීනුත් රෝහල් ගත කිරීම පිළිබඳ සලකා බැලීම සිදු වෙනවා.

මෙවන් අවස්ථාවකට ඔබ හෝ ඔබ විසින් රැකබලාගන්නා කොවිඩ් ආසාදිත පුද්ගලයා පත්වුවහොත් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කිරීම ඉතා වැදගත්. මේ හැර උණ සහ අනෙකුත් සුළු රෝග ලක්ෂණ සඳහා නියම කෙරෙන ඖෂධ නිවසේ සිටම ලබාගැනීම කළ හැකියි.

ඉහත සඳහන් කල කිසිම රෝග ලක්ෂණයකින් හෝ සරළ පරීක්ෂාවකින් කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බව නිගමනය කරන්න නොහැකි බවත්, රෝග නිශ්චය කළ හැක්කේ වෛද්‍ය උපදෙස් මත නිසි අවස්ථාවේ සිදු කෙරෙන පිසිආර් හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මඟින් පමණක් බවත් මෙහි දී අවධාරණය කළ යුතුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
2
31.svg?v=2.6
මාර දුකයි !
17
27.svg?v=2.6
මලපනිනව !
6
30.svg?v=2.6
කුජීතයි !
1
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

නෙදර්ලන්තයේ රූ රැජිනිගේ ඔටුන්න ප්‍රසිද්ධියේ ගැලවෙයි..

නෙදර්ලන්තයේ රූ රැජිනිය ලෙස කිරුළු පැලැඳි 21 හැවිරිදි ඩිලේ විලෙම්ස්ටෙයින් සිය COVID-19 එන්නත් මාත්‍රාව...

ජනප්‍රිය තරුවක් වුණු ශනුද්‍රි ප්‍රියසාද් කේක් ගෙඩියක් කැපුවේ ඇයි..?

මේ දවස්වල ජනප්‍රියම චරිතයක් තමයි ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ. මේ දවස්වල ඇය නර්තනය නිසාවෙන්ම ප්‍රේක්ෂකයාගේ...

ප්‍රමුදි කරුණාරත්නගේ දෙවැනි දියණියගේ උපන් දිනය වෙනුවෙන් ගත් ඡායාරූප

ප්‍රමුදි කරුණාරත්න කියන්නේ කුඩා කල සිටම ජනතාවගේ ආදරේ දිනා ගත් චරිතයක්. විවාහයෙන් පසුව නිර්මාණවලින්...

සනිටයිසර් බිව් රැඳවියන් දෙදෙනෙකු ජිවිතක්ෂයට

දෑත් පිරිසිදු කර ගැනීම සඳහා ලබාදෙනු ලබන විෂබිජනාෂක දියර (හෑන්ඩ් සැනිටයිසර්) පානය කරනු ලැබු...

ත්‍රීරෝද රථ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යංශය ගත් දැඩි තීරණය

කුලී සේවාවල යෙදෙන සියලුම ත්‍රීරෝද රථ සඳහා මීටර් සවිකිරීම අනිවාර්ය කිරීම ලබන වසරේ සිට...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x