Central Bank Central Bank

කෝවිලක තෙරපීමකින් 12 ක් මරුට

නව අවුරුදු උදාවේ දෙවියන් නමැදීමට ජම්මු කාශ්මීරයේ මාතා විෂ්ණෝදේවි දේවස්ථානයට පැමිණි බැතිමතුන් අතර සිදු වූ තෙරපීමකින්, පුද්ගලයින් 12 දෙනෙකු ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.

තවත් 14 දෙනෙකු එහි දී තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

ජම්මු කාශ්මීරයේ ටි්‍රකුටා කඳුකරයේ පිහිටි මෙම දේවස්ථානයට නව අවුරුදු උදාවේ දෙවියන් නැමදීමට බැතිමතුන් විශාල පිරිසක් පැමිණ ඇති අතර, ඇතැමුන් ඒ සඳහා අවසර ලබාගෙන නො මැති බව සඳහන්.පොලීසිය සඳහන් කළේ, ජිවිතාරක්ෂක මෙහෙයුම කඩිනමින් ක්‍රියාත්මක කළ අතර, රෝහල්ගත කෙරුණු ඇතැම් පුද්ගලයන්ගේ තත්ත්වය බරපතළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
3
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්