29 C
Colombo
Friday, September 17, 2021

ගයාත්‍රියි මායි එකතුවෙන කතා සියල්ල බොරු – අපි නීතියෙන් වෙන්වෙලා අවුරුදු 7 ක් වෙනවා

ජනප්‍රිය රංගන ශිල්පී යුවළක් වන ගයාත්‍රි ඩයස් හා චන්න පෙරේරා අතර ‘විවාහ ප්‍රශ්න‘ ගැන වසර ගණනාවක් තිස්සේ මාධ්‍ය ඔස්සේ විවිධ ආරංචි පළවුවත් ඔවුන් ඒ ගැන සෘජුව අදහස් පළකර තිබුනේ නැත. මෑත දිනවල එම දෙන්නා යළි එක්වූ බවට ඇතැම් පුවත් ප්‍රචාරය වී තිබෙන නමුත් චන්න පෙරේරා පවසන්නෙ ඒ සියල්ල අසත්‍ය හා නිර්මාණාත්මක ඒවා බවයි.

ගොසිප් ලංකා නිවුස් අප වෙත විශේෂ ප්‍රකාශයක් ලබාදෙමින් චන්න පෙරේරා මේ ගැන හෙළි කළේය. ඔහු පවසන පරිදි ගයාත්‍රීගෙන් ඔහු නීත්‍යානුකූලව දික්කසාදවී ඇත්තේ මීට අවුරුදු 07 කට පෙර 2014දීය. නමුත් එය රහසක් ලෙස ඔවුන් සඟවාගෙන තබා ඇත.කාලයක් තිස්සේ ගයාත්‍රී සහ දියණියන් දෙන්නා එක් නිවසකත් ඊට ආසන්න වෙනත් නිවසක චන්නත් දිවිගෙවන බව ඔහු පවසන අතර දියණියන් වරින්වර නිවෙස් දෙකෙහි කාලය ගත කරන බවත් දන්වා ඇත. දරුවන් වෙනුවෙන් දෙන්නාම නොපිරිහෙළා යුතුකම් ඉටුකරමින් සිටිනා බව චන්න පවසයි. නමුත් දෙන්නා යළි එකට ජීවත්වීමේ තීරණයක් කිසිලෙසකින් හෝ ගත්තේ නැති බවත් චන්න හා ගයාත්‍රී සිටින දියණියගේ උපන්දින ඡායාරූපයක් පළකරමින් ෆේස් බුක් පිටු හා යූටියුබ් නාලිකා මෙම අසත්‍ය පතුරන බවත් දන්වා ඇත.

චන්න පෙරේරා අප වෙත ලබාදුන් සම්මුඛ සාකච්ඡාව පහතින්

“ඕක ඇත්තටම කිව්වොත් පිංතූරයක් කළ හදියක් වගේ එකක්. ඇත්තටම වුනේ අපේ දූලගේ උත්සවයක් වගේ අවස්ථාවක් තිබුණොත් මමත් ගයාත්‍රීත් කොච්චර වැඩ තිබුණත් ඒවා නතර කරල ඒකට සම්බන්ධ වෙනවා. ඉතිං මේ ළඟදි අපේ ලොකු දුවගේ උපන්දිනේ සැමරුවා. ඒකට ගයාත්‍රියි මායි දූලා දෙන්නයි ගත්ත ෆොටෝ එකක් එක්තරා සමාජ මාධ්‍යයක පළකරලා තිබුණා ගයාත්‍රියි මායි නැවත එකතුවෙයිද? කියල. ඉතිං මේක අරගෙන එක එක්කෙනාට හිතුමතේ යූටියුබ් නාලිකාවල වෙනවෙන තැන්වල දාල තිබුනා අපි මේ නැවතත් එකතුවෙන්න තීරණය කළැයි කියලා. සමහරු එකතු වෙලයි කියලත් දැම්මා. ලංකාවෙ සමාජයේ හැටියට වෙන්වෙච්ච දෙන්නෙක් එකතු වෙනවා නම් ඒක හොඳ දෙයක්. ඒවුණාට මේක සත්‍යයෙන් තොරයිනෙ. බොරුවක්නෙ.

මේ බොරුව සමහර වෙලාවට මගේ දුවලට එයාලගෙ මානසිකත්වයට අනවශ්‍ය විදිහට බලපාන්න පුළුවන්. ඉතින් එහෙම තීරණයක් අපි දෙන්නා අරන් නෑ. ගයාත්‍රියි මායි ආයෙ එකතුවෙන්න කියල තීරණයක් අරන් නෑ. අපි වෙන්වුණා වුණත් මගේ දූලා දෙන්නට කෙරෙන්න ඕන යුතුකම් මං කරනවා. ගයාත්‍රි එයාගෙ යුතුකම් කරනවා. ඒ දෙන්නට කිසිම අඩුවක් වෙන්න දීල නැහැ.

මේ සිද්ධියෙන් පස්සෙ මගේ යාළුවො කෝල් කරල ඇහුවා ආයෙ එකතු වුණාද කියල. සමහරු සුබපැතුවා. එතකොට තමයි මම දන්නෙ මෙහෙම දෙයක් ගිහිල්ලා තියනවා කියලා.

එතකොට තමයි තේරුනේ විශේෂයෙන් සෝෂල් මීඩියා කිසිම වගකීමකින් තොරව තමා වැඩ කරන්නෙ. ඉතින් ඒ ගොල්ලො ඒගොල්ලන්ට හිතෙන හිතෙන දේ මිනිස්සු ගැන දාන එක වැරදියිනෙ.

එහෙම කියන එකත් වැරදියිනෙ. එතැන ලොකු අසධාරණයක් වෙලා තියෙන්නෙ. එක පැත්තකින් මං හිතුවා මේ ගැන නීතිමය පැත්තෙන් කටයුතු කරනවා කියලා. ආයෙ මට හිතුණා මට ඕවට සම්බන්ධ වෙන්න වෙලාවක් නැති හින්දා ඕගොල්ලන්ගෙ මාධ්‍යයෙ මේ ගැන ප්‍රකාශයක් කරන්න හිතුණා. මොකද ඕගොල්ලන්ගෙ මාධ්‍ය ගොඩක් අය බලනවා. මට හිතුණා මේ ගැන කියල වැරැද්ද නිවැරදි කරන්න ඕන කියලා.“

ගයාත්‍රී මේක නිවැරදි කරේ නැද්ද?

“එයා කොහොමත් නිශ්ශබ්දව ඉන්න කෙනෙක්නෙ. එයා ගැන ගොඩක් දේවල් ඔය ෆේස් බුක් වල යූටියුබ්වල විවිධ නාලිකාවල අසත්‍ය ප්‍රචාර ගොඩක් ගිහින් තියනවා. ඒ එකකටවත් එයා උත්තර දෙන්නෙ නැහැ. මේකටත් එයා කිව්වෙ ඔයා නිශ්ශබ්දව ඉන්න ඒ ගැන කථාකරන්න එපා කියලා. නමුත් මේකට නිශ්ශබ්දව ඉන්න අමාරුයි මේක දිගින් දිගටම යනවා.“

ඔබ දෙන්නා වෙන්වුනේ කවද්ද?

“දැන් ඇත්තටම අපි දෙන්නා නීතියෙන් වෙන්වෙලා අවුරුදු 07 ක් විතර වෙනවා. ඒ හත ඇතුළත මං කලින් කිව්ව වගේ ගයත්‍රිගෙ වගකීම් එයා කරනවා. මගේ ඒවා මං කරනවා. සමහර වෙලාවට දෙන්නගෙන් කවුරු හරි ඉස්සර වෙලා අවශ්‍ය තැනදි ඒවා ඉටු කරල තියනවා. ඒවගේම දූලගෙ හැම විශේෂ අවස්ථාවකදිම දූලට ඕන හැටියට තාත්තායි අම්මායි හැටියට අපි පෙනී හිටිනවා. ඒ දෙන්නා ගයාත්‍රිටත් හරි ආදරෙයි. මටත් හරි ආදරෙයි. ඉතින් අපේ ගෙදර මම ඉන්නෙත් වැඩිදුර නෙමෙයි. විනාඩි 5 කින් 10 කින් යන්න පුලුවන් දුරක අපි ඉන්නෙ.ගොඩක් වෙලාවට ඒ ගෙදර කාලය ගත කරනවා දූලා දෙන්නා.

මගේ ගෙදරත් කාලය ගත කරනවා ඇවිල්ලා. ඉතිං ඒ විදිහට යන්නෙ. ඉතිං ඒ දෙන්නට කිසිම අඩුවක් නැහැ අපි ඈත් වුණා. කියලා. ඒත් මුල් දවස්වල ප්‍රශ්න තිබ්බා අපි ඈත් වුණ එකට හිත රිදෙන්න ඇති මං නෑ කියන්නෙ නැහැ. හැබැයි දැන් මම දන්නවා ඒක ගැන ඒ දෙන්නට ප්‍රශ්නයක් නැහැ කිසිම ගාණක්වත් නැහැ කියලා.“

චන්නයි ගයාත්‍රියි නීත්‍යානුකූලව වෙන්වෙච්ච බව ප්‍රසිද්ධ කරේ නැහැ නේද?

“අපි කෙලින්ම නොකිව්වත් අපට ආදරය කරන ප්‍රෙක්ෂකයො මේ ගැන දැනගත්තා අපි වෙන්වෙලයි කියලා. කවදාවත් මං ගැන වැරදි අදහසක්වත් ගයාත්‍රි ප්‍රසිද්ධියේ කියලා නැහැ. මම ගයාත්‍රිගේ වැරැද්දක්වත් ගයාත්‍රිව වත් ප්‍රසිද්ධියේ විවේචනය කරල නැහැ. අපි දෙන්නා අතරෙ මතභේද තිබුනා. නොගැලපීම් තිබුනා.ඒකනෙ අපි වෙන්වුනේ. ඒත් වෙන්වීම ලෝකයට කියන්න අපට ඕන වුනේ නැහැ.

කාලයක් තිස්සෙ ඒක කවුරුත් දන්නැහැ. මං හිතන්නෙ නීතියෙන් වෙන්වෙලත් අවුරුදු දෙකක් විතර යනකං කවුරුවත් දැනගෙන හිටියෙ නැහැ අපි වෙන්වෙලයි කියලා. ඊට පස්සෙ තමයි ටික ටික දැනගත්තෙ.ඒ ගැන ඒකාලෙ අපට ප්‍රවෘත්ති මවන්නවත් අනවශ්‍ය ප්‍රචාරයක් දෙන්නවත් එහෙම උවමනා වෙලා තිබුනෙ නැහැ.“

ඇයි ඇත්තටම වෙන්වුනේ?

“වෙන්විය යුතු බව කාලයක් යනකොට අපට තේරුනා. දරුවො හින්ද මතභේද කාලයක් ඉවසුවා. පස්සෙ හිතුවා මතභේද එක්ක අපි දෙන්නම දුක් විඳිනවට වැඩිය අපේ සතුට ඒක නම් මට හිතුනා දරුවන්ට අසාධාරණයක් නොවන විදිහට වෙන්වීම හොඳයි කියලා. මං හිතන්නෙ ඒ විදිහටම දරුවන්ට කිසිම අසාධාරණයක් අපි දෙන්නගෙන්ම වෙලා නැහැ.

අපි දෙන්නා කතාකරල ගත්ත තීරණයක් මේ වෙන්වීම කිසිම ගැටලුකාරී තත්වයක් තිබුනෙ නැහැ. අපි දෙන්නම බොහොම අන්‍යොන්‍ය අවබෝධයෙන් ඒ තීරණය ගත්තෙ.නඩුවාර දෙකතුනකින් විතර ඒක විසඳිලා ඉවර වුණා. ප්‍රසිද්ධියේ අපි නැඩු ඇහුවෙත් නැහැ. ඒ නිසා කවුරුත්දැනගත්තෙත් නැහැ.

අනෙක් එක මගේ ඉල්ලීම් වලට ගයාත්‍රි එකඟවුණා. ගයාත්‍රිෙග ඉල්ලීම් වලට මම එකඟ වුණා. ඉතින් එතැන කිසිම අර්බුදකාරී තත්වයක් ඇතිවුනෙ නැහැ.“

කලකට ඉහත ඔබ රඟපෑ ‘රතු අහස‘ ටෙලි නාටකයෙ ගියේ ඕගොල්ලන්ගෙ කතාවලු නේද?

“එහෙම මතයක් තිබුනා. ‘රතු අහස‘ ඒක එක්තරා විදිහකට බිරියක් අනියම් ඇසුරක් නිසා සැමියෙක් සැකකරන කතාවක් එහෙම වෙන්වෙන්න ගිය පවුලක් ආයෙ පවුලක් විදිහට ඒකෙදි එකතු වෙනවා. හරිම මානුෂික කතාවක්. ඒකට සම්මානෙකුත් මට හම්බ වුණා. ඒ කතාව තුළ ප්‍රේක්ෂකයො ඇතැමුන් හිතුවා අපි දෙන්නා අතරෙත් එහෙම දෙයක් වුනේ කියලා. අපි දෙන්නගෙ කතාව ඊට හාත්පසින්ම වෙනස්…“

දැන් ඔබ තනියමද ඉන්නෙ?

“මම තනියම ඉන්නෙ මං හැමදාම මේ ජීවිතේට ආසයි. නිදහසට ආසයි. ඒක නිසා මං බලාපොරොත්තු වෙන්නෙ නැහැ හිතන්නෙ නැහැ සදාකාලික බැඳීමක් ආයෙ ඇතිවෙයි කියල කා එක්කවත්. ඒ ගැන හිතන්න අමාරුයි. ඉතිං කාලයට ඉඩ දෙමු. මං දැනට බොහොම හොඳ තනිකඩ ජීවිතයක් මං ගත කරනවා නිදහසේ.

අතීතය අතීතය විතරයිනෙ. අතීතය ගැන මට කිසිම පසුතැවීමක්වත් කිසිදෙයක් නැහැත මං අතීතය අතීතයට දාලා තියෙන්නෙ. මං වර්තමානයේ ජීවත් වෙන්නෙ. ඉතිං ඒක නිසා හැමදෙයක්ම මේ මොහොතෙ විතරයි කියල මං හිතන්නෙ. බුද්ධ ධර්මයත් එක්ක මං ඒ ගැන හිතන්නෙ ඒවා ලෝකෙට කියන්න අවශ්‍යත් නැහැ. මං ඒ නිදහස සමග වර්තමානයේ ඉතාම සතුටින් ඉන්න කෙනෙක්.“

ගයාත්‍රිත් එක්ක දැන් ඇසුර කොහොමද?

“අපි දෙන්නා බොහොම සුහදව ඉන්නව අපි දෙන්නා නැවත එකතු නොවුනයි කියලා ප්‍රශ්නයක් තිබිල නැහැ. ඒක නිසා එයා ඉස්ඉස්සෙල්ලම අධ්‍යක්ෂණය කරන ටෙලි නාට්‍යයක මට ප්‍රධාන චරිතයක් කරන්න ආරාධනා කරා.මට කිසිම ප්‍රශ්නයක් නැහැ ගයාත්‍රිත් එක්ක වැඩකරන එක. ඒක නිසා අනිවාර්යෙන්ම ඒකට මං සම්බන්ධ වෙන බවට පොරොන්දු වුණා.“

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
27
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
9
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
13
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
4
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
11
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
1
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
11
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

පියාට පහර දිලා මැරුවද? අවුරුදු 4කට පසු සිය දරුවෙකු අත්අඩංගුවට

තේ අපනයන සමාගමක හිමිකරුවකු මෙන්ම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ ගුලාන් හුසේන් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ...

වෙනස්කමක් සමගින් ශ්‍රි ලංකාව හා දකුණු අප්‍රිකාව අතර දෙවන විස්සයි විස්ස තරගය අද

ශ්‍රි ලංකාව හා දකුණු අප්‍රිකාව අතර දෙවන පන්දුවාර විස්සයි විස්ස තරගය අද (12) පැවැත්වෙනවා. අද...

රජ වාසලේ යට ඇදුම් මහා සල්පිලක් – බන්දුල

පනවා ඇති නව සීම හේතුවෙන් රට තුළ යට ඇදුම් හිගයක් නැති බවත් ශ්‍රී ලංකාව...

පාසල් ආරම්භ කිරිමට අදාළව සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් පළමු නිවේදනය

කොවිඩ් හේතුවෙන් වසා තැබුනු පාසල් යලි විවෘත කිරීම සම්බන්ධව වන තාක්ෂණික කමිටුව පළමු නිවේදනය...

ගුරු – විදුහල්පති සංගම් දැඩි තීරණයක ඔවුන්ගේ තීරණය මෙන්න

තම ඉල්ලීම් දිනාගැනීම සඳහා වන අරගලය අවසන් වනතෙක් සිසුන්ගේ විභාග අයදුම්පත්‍ර සම්බන්ධ කටයුතු සිදුනොකරන...
3
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x