30 C
Colombo
Wednesday, September 22, 2021

ගර්භණීවීමට බලාපොරොත්තුවෙන් ඉන්න අයගෙන් වෛද්‍ය හර්ෂ අතපත්තු කල ඉල්ලීම

දිනෙන් දින කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද ඇතිවන බැවින් හැකිනම් ගර්භණීවීම වසරකින් පමා කරන්නැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (08) පැවැති මාධ්‍ය හදුවේදී විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ කොවිඩ් වෛරසය තවමත් වෛද්‍ය විද්‍යාව තුළ අධ්‍යයනය කරමින් පවතින බවය.
 
“කොවිඩ් අලුත් රෝගයක්. කොවිඩ් ගැන අපි දන්නේ නෑ ඇත්තටම. දවසින් දවස අලුත් ප්‍රභේද හැදෙනවා. ඒක වෛරසවල තියෙන ලක්ෂණයක්. අපි මේ රෝගය ගැන මුලින්ම කියපු කතාව තමයි කොවිඩ්වලින් අම්මට ප්‍රශ්නයකුත් නෑ.. අම්මගෙන් කොවිඩ්වලට ප්‍රශ්නයකුත් නෑ කියලා. නමුත් මේ ඩෙල්ටා ප්‍රභේදය එනකොට අපි දන්නවා ඒකෙන් අම්මට ප්‍රශ්නයක් වෙනවා. ගර්භණී සමයේ කොවිඩ් හැදුනොත් අපි ගන්නේ අධි අවදානම් තත්ත්වයක් හැටියට. දරුවටත් අම්මටත් හානි වෙන්න පුළුවන්. ඔබ විවාහ වෙලා දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, පුළුවන් නම් නැවත වතාවක් කල්පනා කරලා බලන්න අවුරුද්දකින් පමා කරන්න. ඔබ කැමතිනම්. අවුරුද්දක් කියන්නේ වෛද්‍ය විද්‍යාවේ විශාල කාලයක්. එතකොට අපි එන ප්‍රශ්න ගැන දන්නවා. ඒ වගේම එන්නත් ගැනත් අපි දන්නවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
3
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
2
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
1
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
9
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
1
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

ආරක්ෂක භටයින්ට අමානුෂික ලෙස පහර දුන් නගරාධිපති

හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා බම්බලපිටියේ කොතලාවල ඇවනිවු හි පිහිටි ආරවුල් සහගත ඉඩමකට...

අවුරුදු 50කට පස්සේ ස්පාඤ්ඤයේ පුපුරා ගිය ගිනි කන්ද

ස්පාඤ්ඤයේ කැනරි දූපත්වලට අයත් ලා පල්මා දූපතේ ගිනි කන්දක් වසර 50කට පසු සක්‍රීය වීමෙන්...

ක්ෂේත්‍ර කිහිපයක සීමා ඉවත් කෙරේ

සෞඛ්‍ය නිර්දේශ මත දැනට සීමා පනවා ඇති ක්ෂේත්‍ර කිහිපයක සීමා ඉවත් කිරීමට කොවිඩ් කාර්ය...

අමෙරිකානු සමාගමක් සමඟ මධ්‍යම රාත්‍රියේ අත්සන් කළ ගිවිසුම

කෙරවලපිටිය තාප විදුලි බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් ඇමරිකානු සමාගමකට පවරාදීමේ ගිවිසුමකට පසුගිය සිකුරාදා මධ්‍යම...

ලිට්‍රෝ හා ලාෆ් ගෑස් වර්ග දෙකම හිගයි.. ගේන්න ඩොලර් නෑ

රට පුරා විවිධ ප‍්‍රදේශවල ලිත්‍රො හා ලාෆ් ගෑස් වර්ග දෙකේම හිඟයක් මතුව ඇතැයි වාර්තාකරුවන්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x