ගර්භනී මව්වරුන් 200 කට කොරෝනා

ගර්භනී මව්වරුන් 200 දෙනෙකු පමණ කොරෝනා ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා පවසනවා.

එසේම, දරුවන් ප්‍රසූත කළ කොරෝනා ආසාදිත මව්වරුන් 25 දෙනෙකු පමණද මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි ඇය කියා සිටියේ.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා සඳහන් කළේ ගර්භනී මව්වරුන් අත්‍යවශ්‍යම කාරණයකට හැර වෙනත් කරුණකට නිවසින් පිටතට යෑම සිදුනොකළ යුතු බවයි.

මේ අතර, පසුගිය 25 වැනිදා සිදුවූ කොරෝනා ආසාදිත මරණ 43 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද පස්වරුවේ තහවුරු කළා.

ඉන් 18 දෙනෙකු කාන්තාවන් වන අතර, අනෙක් 25 දෙනා පිරිමි පුද්ගලයන් වනවා.

එම පිරිස අතුරින් 35 ක්ම අවුරුදු 60 ඉක්මවූවන්. වයස අවුරුදු 30 ට අඩු එක් පුද්ගල මරණයක් වාර්තා වන අතර, අවුරුදු 30 ත්, 59 ත් අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 07 ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මෙම මරණ 43 ත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 2,905 ක්.

අද දිනයේදී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ කොරෝනා ආසාදිතයින් 2,172 දෙනෙකු සම්පූර්ණයෙන්ම සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගියා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව දෙලක්ෂ 16,840 ක්.

මේ අතර පේරාදෙණිය – මුරුතලාව – ඉලු‍ක්තැන්න ප්‍රදේශයේ එකම පවුලේ තිදෙනෙකු කොරෝනා ආසාදනය වී ජීවිතක්ෂයට පත්වූ සිද්ධියක් වාර්තා වනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 72 හැවිරිදි පියා, 70 හැවිරිදි මව සහ 38 හැවිරිදි පුත්‍රයායි.

පේරාදෙණිය මුරුතලාව මහජන සෞඛ්‍ය පරික්‍ෂක කපිල වික්‍රමනායක පැවසුවේ පියා පසුගිය 03 වැනිදාත්, මව පසුගිය 14 වැනිදාත් සහ පුත්‍රයා පසුගිය 23 වැනිදාත් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව මේ වනවිට කොරෝනා එන්නතක පළමු මාත්‍රාව පුද්ගලයින් විසිපන් ලක්ෂ 43,022 දෙනෙකු ලබාගෙන තිබෙනවා. මෙරට තුළ කොරෝනා එන්නත්වල දෙවන මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව අටලක්ෂ 74,975ක්.

මේ අතර, කොළඹ විශ්වවිද්‍යාලය සහ ජර්මනියේ රොබට් කොක් පරීක්ෂණ ආයතනයේ විද්‍යාඥයින් පිරිසක් එක්ව සිදුකළ පරීක්ෂණයකින් මෙරට වවුලන්ගේ ශරීරය තුළ කොරෝනා වෛරසය පවතින බවට සිදුකළ සොයාගැනීම සම්බන්ධයෙන් රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අදහස් පළ කළා.

එහි ලේකම් වෛද්‍ය නුවන් හේවාගමගේ කියා සිටියේ සතුන්ගෙන් මිනිසුන්ට කොරෝනා වෛරසය ආසාදනය වන බවට කිසිදු වාර්තා වීමක් සිදුව නොමැති බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
1
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ටැබ් පරිඝණක නිසා දරුවන් වඳභාවයට පත්වීම ගම්මන්පිල පහදයි

ටැබ් පරිගණක මගින් දරුවන් වඳභාවයට පත්වන්නේ යැයි තමන් විසින් සිදු කලේ යයි කියන ප්‍රකාශයක්...

රට විවෘත කරන දිනය ඇමැති බන්දුල කියයි

මෙරට අවුරුදු 30ට වැඩි සියලු දෙනාට කොරෝනා එන්නත ලබා දුන් පසු රට සම්පූර්ණයෙන්ම විවෘත...

කොරෝනා ගුරු පොකුරක් ගැන අනතුරු ඇඟවීමක්

ඉදිරියේදී කොරෝනා ආසාදිත ගුරු පොකුරක් වාර්තා විය හැකි බවට ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන...

“එන්නත ගත්තත් ඩෙල්ටාවලින් බේරෙන්න බෑ..” – ඩෙල්ටා ප්‍රභේදය ගැන අලුත්ම අනාවරණය මෙන්න

පූර්ණ කොරෝනා එන්නත්කරණය ලැබූ පුද්ගලයින්ටද සීග්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදනය විය හැකි...

දියණියගේ පපුව අතගෑ මිතුරාට මාරාන්තික පොලු ප්‍රහාරයක්

පුද්ගලයෙකු විසින් පොල්ලකින් පහර දී සිය මිතුරා ඝාතනය කළ පුවතක් මතුගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.නිවසට...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x