26.9 C
Colombo
Tuesday, September 28, 2021

ගවුම් අඳින ඔය මිනිහගේ ඔය ටික ගැලෙව්වේ අපි – ජවිපෙ කෙලින්ම කියයි

ප්‍රසිද්ධ ගායකයෙකු වූ ඉරාජ් වීරරත්නගේ මුහුණු පොත් ගිණුම් තහනම් කිරීමට මුල්වී කටයුතු කර තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ බවයි වාර්තා වන්නේ.

එම පක්ෂය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වන වසන්ත සමරසිංහ මහතා මේ බව තහවුරු කරනවා.

අසරණ ජීවිත සමග සෙල්ලම් කිරීම

රු. 80ට අලෙවි කිරීමට ඇන්ටිජෙන් කට්ටල තිබෙන බව දන්වමින් තමන්ගේ දුරකථන අංකය ප්‍රසිද්ධ කිරීම පිටුපස සිටින්නේ ඉරාජ් වීරරත්න බවට තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බවයි සමරසිංහ මහතා හෙළිදරව් කරන්නේ.

මේ දැන්වීම මත අසරණභාවයට පත් කොවිඩ් වසංගතයට ගොදුරු වූ 3000කට අධික පිරිසකගේ දුරකථන හා වට්ස්අප් පණිවිඩ සිය දුරකථනයට පැමිණි බව සමරසිංහ මහතා සඳහන් කරනවා.

මිනිසුන් අසරණභාවයට පත් මේ වසංගත අවස්ථාවේ එය විහිළුවක් කර ගැනීමට ඉරාජ් වීරරත්න කටයුතු කර තිබෙන බවටයි සමරසිංහ මහතා චෝදනා කරන්නේ.

ෆේස්බුක් ආයතනයට කළ පැමිණිල්ල

ඒ සම්බන්ධයෙන් තොරතුරු සනාථ කර ගැනීමෙන් පසු ෆේස්බුක් ආයතනයට පැමිණිලි කළ බවත් එම නරුම වැඩේ කළ නරුමයින්ගේ සම්පූර්ණ මුහුණු පොත ගිණුම අත්හිටුවා තිබෙන බව පෙන්වා දෙන සමරසිංහ මහතා තවත් ගිණුම් ගණනාවක් පිළිබඳව පැමිණිලි කර තිබෙන බවද සඳහන් කරනවා.

මෙවැනි වැඩ කරන්නේ ගවුම් ඇඳන් පිරිමින්ගේ වැඩ කරනවා කියලා පෙන්නන්න හදන මිනිස්සු බවයි සමරසිංහ මහතා පෙන්වා දෙන්නේ.

මේ වන විට ඉරාජ් වීරරත්න මහතා තමන් ජාතික තරුණ සේවා සභාවේ දැරූ අධ්‍යක්ෂක ධුරයෙන්ද ඉල්ලා අස්වන බව විෂයභාර අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දන්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
170
11.svg?v=2.6
අවුල් වගේ !
4
22.svg?v=2.6
හරි හිනා !
41
3.svg?v=2.6
හම්මෝ !
2
31.svg?v=2.6
මාර දුකයි !
7
27.svg?v=2.6
මලපනිනව !
13
30.svg?v=2.6
කුජීතයි !
29
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

යොහානි මේ මොහොතේ තවත් නව යූ ටියුබ් වාර්තාවක් බිහිකරයි

යොහානි ගැයූ මැණිකේ මගේ හිතේ කවර් ගීතය මෙතෙක් යූටියුබ්හි වැඩිම නැරඹුම් වාර ගණනක් ඇති...

හුදකලාවේ විසූ වයෝවෘද්ධ කාන්තාවකගේ අභිරහස් ඝා’ත’න’ය

වැලිකඩ - රාජගිරිය ප්‍ර දේශයේ වයෝවෘද්ධ කාන්තාවක් අද (25) අලුයම නිවස තුළදීම ඝාතනය කර...

‘මැණිකේ මගේ හිතේ’ ගැන අමෙරිකානු තානාපතිවරියගෙන් ට්වීටර් පණිවුඩයක් (වීඩියෝ)

දෙකෝටියකට මදක් වැඩි ජනගහනයක් සහිත ශ්‍රී ලංකාවේ නිර්මාණය කොට දොලොස් කෝටි විසි ලක්ෂයකට අධික...

අනුරාධපුරයේ රඳවාසිටින LTTE සැකකරුවන් අධිකරණ ඇමතිට කියු අපුරු කතාව

ආරක්ෂාව සම්බන්ධයෙන් හෝ පහසුකම් සම්බන්ධයෙන් කිසිදු ගැටලුකාරී තත්ත්වයක් පැනනැගී නොමැති බව අනුරාධපුර බන්ධනාගාරයේ රඳවාසිටින...

කට්ටි පැන්න මෙන්ඩිස් දික්වැල්ල සහ ධනුෂ්ක ගැන ක්‍රිකට් ආයතනය ගත් තීරණය

එංගලන්තයේ තරග සංචාරයක් අතරතුරදී විනය විරෝධීව හැසිරීමේ චෝදනාවට වැරදිකරුවන් වීමෙන් තහනමකට ලක්ව සිටින ක්‍රිකට්...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x