ගව ඝාතනය නතර කරන්නැයි සියලු පළාත් පාලන ආයතනවලට දැනුම් දෙයි

ගව ඝාතනය නතර කිරීමට ක්‍රියා කරන ලෙස පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය, සියලු පළාත් පාලන ආයතනවලට දැනුම් දී තිබේ.

අමාත්‍යාංශ ලේකම් එස්.ඩී.ඒ.බී. බොරලැස්ස මහතා පැවසුවේ රජය ගෙන ඇති ප්‍රතිපත්ති තීරණය අනුව ක්‍රියා කරන ලෙස පළාත් පාලන බලධාරින් දැනුවත් කළ බවය.

මේ සඳහා අවශ්‍ය පනත් 04ක් සංශෝධනය කිරීමට දැනට පියවර ගෙන ඇති අතර ඒවා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි ඔහු සඳහන් කළේය.

ගව ඝාතනය ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය වසරේ සැප්තැම්බර් 17 වැනි දින අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව ගව ඝාතනය තහනම් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය මීට පෙර ගත් තීරණය පිළිබඳව සියලුම පලාත් පාලන ආයතන දැනුවත් කර තිබුණ ද එම තීරණය ක්‍රියාත්මක නොවූ බව රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.

එබැවින් අමාත්‍ය මණ්ඩලයේ තීරණය අනුව කටයුතු කරන ලෙසත්, වෙනත් තීරණයක් ගැනීමෙන් වළකින ලෙසත් පළාත් පාලන ආයතනවලට, පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය නැවත දැනුම් දීමක් කළ බව බොරලැස්ස මහතා පැවසුවේය.

මේ අතර නිව්ස්ෆස්ට් කළ විමසීමකදී කොළඹ නාගරික කොමසාරිස් රෝෂිණී දිසානායක මහත්මිය සඳහන් කළේ, අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් ප්‍රකාරව කටයුතු කරන ලෙස කොළඹ මහ නගර සභාවේ නාගරික පශු වෛද්‍යවරයාට දැනුම් දුන් බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
32
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
3
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
6
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
1
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
1
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
3
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කාලගුණ අනාවැකි

සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ.දිවයිනේ සෙසු...

අයිස් සමඟ ‘සෝබා’ අල්ලයි

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (26) සිදුකළ මෙහෙයුමකදී අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 41ක්...

කෝටි 40ක හෙරොයින් තොගයක් සමඟ බණ්ඩාරගමදී සැකකරුවෙකු අත්අඩංගුවට

බණ්ඩාරගම රේරුකාන ප්‍රදේශයේදී කළුතර දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 40කට...

ලොව විශාලතම තාරකා නිල් මැණික් පොකුර, රත්නපුරෙන් මතු වෙයි

ලොව විශාලතම තාරකා නිල් මැණික් පොකුර ලෙස සැලකිය හැකි මැණික් පොකුරක් රත්නපුර ප්‍රදේශයෙන් සොයා...

කොවිඩ් මරණ 63ක්

තවත් කොවිඩ් මරණ 63ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.(27) දින...

අපගේ නවතම පුවත්

1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x