29 C
Colombo
Monday, June 21, 2021
logo

ගසකින් ඇද වැටුණු ‘කොවිඩ් රෝගියාව’ අවදානම පසෙකලා බේරාගත් සැත්කම

ගසකින් ඇද වැටී සුෂුම්නාවට බරපතළ හානි සිදුව තිබූ කොවිඞ් ආසාදිත හැට හැවිරිදි පුද්ගලයකුගේ ශරීරයේ ඔක්සිජන් ප‍්‍රතිශතය පහළ බැස සිහි නැති කිරීමට නොහැකි මට්ටමේ දැඩි අවදානමක් තිබියදී සාර්ථකව අදාළ පුද්ගලයාට සැත්කමක් සිදු කිරීමට මහනුවර ජාතික රෝහලේ විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ සුනන්ද උඩගෙදර මහතා ඇතුළු කණ්ඩායමක් සමත්ව ඇති බව මාධ්‍ය වාර්තා කරනවා.

පැය තුනක පමණ කාලයක් ගතව තිබෙන මෙම සැත්කමට විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු ඇතුළු හයදෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සම්බන්ධ වී සිටියා.

සාමාන්‍ය තත්ත්වයේ පසුවන රෝගියකුට සුෂුම්නාවේ සැත්කමක් කිරීම එතරම් විශේෂ කාරණයක් නොවන නමුත් මෙම රෝගියාට ‘කොවිඞ්’ ආසාදනය වී තිබීමත් සමග ඔහුගේ ශරීරයේ ඔක්සිජන් ප‍්‍රමාණය සියයට අසූවක් පමණ දක්වා පහත බැස තිබියදී නිර්වින්දනය කර සැත්කම සිදු කිරීම අති විශේෂ කාරණයක් බව විශේෂඥ වෛද්‍ය සුනන්ද උඩගෙදර මහතා පුවත්පත් වෙත සඳහන් කර තිබෙනවා.

ඉණිමගක ආධාරයෙන් කොස් ගෙඩියක් කැඞීමට ගොස් ඉන් ඇද වැටී සුෂුම්නාවට බරපතළ හානි සිදුව කෑගල්ල රෝහලට ඇතුළත් කළ හැට හැවිරිදි පුද්ගලයකු මෙම සැත්කමට ලක්වුණා.

අදාළ පුද්ගලයා මහනුවර ජාතික රෝහලට මාරු කර එවන විට ඔහුගේ පාද අප‍්‍රාණික තත්ත්වයට පත්වෙමින් තිබූ බවත් මේ නිසා සැත්කමක් සිදු කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වූ බවත් ශල්‍ය වෛද්‍ය විශේෂඥ සුනන්ද උඩගෙදර මහතා පවසනවා.

එවැනි මට්ටමකට ශරීරයේ ඔක්සිජන් ප‍්‍රමාණය අඩුව තිබිය දී සාමාන්‍යයෙන් මේ ආකාර සැත්කමක් සිදු නොකරන බව ද හෙතෙම අවධාරණය කළා.

පසුගිය 07 වැනිදා සැත්කමට භාජනය කරන ලද මෙම පුද්ගලයා මේ වන දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහුගේ තත්ත්වය මේ වන විට සාමාන්‍ය අතට පත්වෙමින් තිබෙන බවත් උඩගෙදර මහතා සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
1
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

හෙට රට විවෘත වන්නේ සීමාවන් යටතේ බව පොලීසියෙන් මතක් කරයි

හෙට (21) දිනයේ රට විවෘත වන්නේ යම් යම් සීමාවන්ට යටත්ව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය...

තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ – එම ප්‍රදේශ මෙන්න

තවත් ප්‍රදේශ කිහිපයක් අද (21) අලුයම සිට හුදෙකලා කර තිබෙනවා.ඒ ඊයේ (20) ප්‍රකාශයට පත්...

භයානක ළමා රෝගයක් හිස ඔසවයි – හේතුව පණුවෙක්

මේ දිනවල මෙරට දරුවන් අතර පැතිර යන රෝගයක් පිළිබඳව වෛද්‍ය අංශ අනාවරණය කරනවා.රිජ්වේ ආර්යා...

දුරකතනයෙන් “දැන් සැප ද?” කියා ඇසූ පුද්ගලයෙකුට සිදු දේ

රක්ෂිත බන්ධනාගාරව ගතව සිට පැමිණි මොරටුව නගරාධිපතිවරයාට ඇමතුමක් ලබා දුන් පුද්ගලයෙකු මොරටුමුල්ල පොලිසිය විසින්...

එළිමහනට ගිය විට එකවර තවත් 06දෙනකුට බෝ වෙනවා – මාරාන්තික ප‍්‍රභේදයේ රෝග ලක්ෂණ මෙන්න

දැනට ලොව වේගයෙන්ම පැතිර යන මාරාන්තික කොරෝනා වෛරස් ප‍්‍රභේදය ලෙස සැලකෙන ඉන්දියානු ‘ඩෙල්ටා’ ප‍්‍රභේදය...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x