29 C
Colombo
Monday, June 21, 2021
logo

ගාමන්ට් ෆැක්ට්‍රියක 90දෙනෙකුට කොවිඩ්

මහියංගනය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් කොවිඩ් -19 ආසාදිතයින් 90ක් හඳුනාගෙන තිබේ.

ජූනි මස 2 වන දින ඇඟලුම් සේවකයින් 100දෙනෙකුගේ ඇන්ටිජන් පරීක්ෂාවක් හසලක මහජන සෞඛ්‍ය කාර්යාලය මඟින් සිදුකර ඇති අතර එහිදී ආසාදිතයින් 18 දෙනෙක් හඳුනාගෙන තිබේ.

ඉන් අනතුරුව තවත් සේවකයින් 100දෙනෙකුගේ පීසීආර් පරීක්ෂාවක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෙහෙයවීමෙන් සිදුකර ඇත. එහිදී ආසාදිතයින් 38දෙනෙකු හඳුනාගෙන තිබේ.

ජූනි මස 8 වන දින අවසන් පීසීආර් පරීක්ෂාව ඇඟලුම් සේවකයින් 385කගේ සිදුකර ඇති අතර එයින් ද ආසාදිතයින් 34ක් හඳුනාගෙන තිබේ.

ආසාදිතයින් හඳුනාගැනීමත් සමඟ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින්ගේ පවුල් 120ක ප්‍රමාණයක් නිරෝධායනයට ලක්කර තිබේ.

කොවිඩ් ආසාදිත සේවක සේවිකාවන් පිරිස අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති අතර අවසන් වරට හඳුනාගත් ආසාදිතයින් අද සවස ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

තාත්තයි දුවයි මස්සිනයි තිදෙනාවම කොවිඩ් මරුවා රැගෙන යයි

කෝවිඩ් 19 ආසාදිත වී පස්සර බිබිල පාර 13 කණුව ප්‍රදේශයේ එකම පවුලක පියා,දියණිය සහ...

ශ්‍රී ලංකාව වසංගතයේ උපරිමයට පැමිණෙයි

මේවන විට මෙරට කොවිඩ් 19 වසංගත තත්ත්වය උපරිම ස්ථානයට පැමිණ ඇති බව ශ්‍රී ලංකා...

මාල 16කට විද්ද “මාල ගිරවා “අත්අඩංගුවට

දිවයිනේ විවිධ ප්‍රදේශවලදී රන් මාල 16ක් පමණ සොරකම් කළ බව පැවසෙන හුළං නොහොත් මාල...

කොවිඩ් අතරේ 25% වැටුප් වැඩිවන රාජ්‍ය ආයතනය

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයනට මේ වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මකවන පිරිද සියයට 25ක වැටුප්...

නිරෝධායන නීති කඩා යාපනයේ විවාහ උත්සවයක්

යාපනය ගුරුනගර් ප්‍රදේශයේ නිරෝධායන නීථි උල්ලංගනය කරමින් විවාහ උත්සවයක් සංවිධානය කළ පුද්ගලයින් 16දෙනෙකු අත්අඩංගුවට...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x