27 C
Colombo
Monday, September 27, 2021

ගැබිනි කාන්තාවන් ට සහ දරුවන් ට අනතුරුදායක කොව්ඩ් ප්‍රභේදයක්

ශ්‍රී ලංකාව තුළ මුලින් පැවති වෛරස ප්‍රභේදයට සාපේක්ෂව දැන් පැතිරයන වෛරස ප්‍රභේද ගැබිනි කාන්තාවන්ට ඉතාම හානිදායක බව ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වාදෙයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් හෝමාගම මූලික රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය වෛද්‍ය ආර්. ප්‍රතාපන් මහතා පවසා සිටියේ, ගැබිනි මව්වරුන්ට සෙසු ආසාදිතයින්ට ලබාදෙන ඖෂධ සියල්ල ලබා දිය නොහැකි තත්ත්වයක් පවතින බවය.

“ගැබිනියකට කොවිඩ් -19 හැදුණම එන ප්‍රශ්නය තමයි අපිට හැම බෙහෙතක්ම දෙන්න බෑ. බැරි දේවලුත් සමහර වෙලාවට කරන්න සිද්ධවෙලා තියෙනවා. එක්ස් රේ එහෙම බොහොම අඩුවෙන් කරන්නේ. දැන් ඒවත් කරන්න සිද්ධවෙලා තියෙනවා. මේක හැදුනහම ඉක්මනින් අමාරුවෙනවා. දැඩි සත්කාර ඒකකයට දාන්න වෙනවා. ඇත්තටම කිව්වොත් ගැබිනියක් ගෙදරට වෙලා ඉන්න එක තමයි හොඳ.“

මේ අතර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය පී. ඩී කොග්ගලගේ මහතා පවසා සිටියේ, කොවිඩ් වැළඳෙන දරුවන් ඇතැම් අවස්ථාවල දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කළ ද මරණාසන්න විය හැකි බවය.

මෙහිදී දරුවන්ගේ බහු ඉන්ද්‍රීයන් අකර්මණ්‍යතාවයකට පත්වන බව ද වෛද්‍යවරයා පැවසීය.

මෙවැනි තත්ත්වයකට හේතුව කුමක්දැයි මෙතෙක් තහවරු කර ගෙන නොමැති අතර එවැනි දරුවන් මරණාසන්න විය හැකි බවත් වෛද්‍ය කොග්ගලගේ මහතා කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
15
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

“රාජපක්ෂලට බණින කටවල් වලට හෙන හත ගහන්න ඕන යකෝ”

යුද්ධය අවසන් කරමින් රටේ විවිධ සංවර්ධන කටයුතු කළ රාජපක්ෂලාට බනින කටවල් වලට හෙන 7ක්...

මහදවල් මහපාර මැද ත්‍රිවිලරයත් සමඟ මිනිසෙකු ගිනිගනී

මහව පොලිස් වසමේ ගල්ලෑව, කොන්වැව ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයකට ගිනි ඇවිලීමෙන් එහි සිටි පුද්ගලයෙකු...

අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක්

ලංකාවට ආනයනය කර ඇති අත්‍යවශ්‍ය ආහාර තොග වරායෙන් නිදහස් කර ගැනීමේ අපහසුව හේතුවෙන් ඉදිරියේදී...

වෛද්‍ය එලියන්ත වයිට් වෙනුවෙන් අගමැතිවරයාගේ ෆේස්බුක් පිටුව වෙනස්වූ හැටි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍යවරයාව සේවය කළ වෛද්‍ය එලියන්ත වයිට් මහතා ඊයේ (22)...

ගුරුවරු කොන්දොස්තර සේවයේ යොදවන ඇමැතිගේ සැලැස්ම

ප්‍රාථමික අංශ හා පෙර පාසල් දරුවන් ප්‍රවාහනය කිරීමට විශේෂ ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරිමට සැලසුම්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x