29 C
Colombo
Friday, September 17, 2021

ගැබිනි රාජ්‍ය සේවිකාවන්ට රජයෙන් දැනුම්දිමක්

රාජ්‍ය සේවයේ නියුතු ගර්භණී කාන්තාවන් අද (02 වැනිදා) සිට අනිවාර්යෙන්ම සේවයට වාර්තා කළ යුතු බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි ‘අරුණ’ට පැවසීය.
ලේකම්වරයා පෙන්වා දෙන්නේ ගර්භණී කාන්තාවන්ටද කොවිඩ් එන්නත ලබා ගැනීම සුදුසු යැයි සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇති මොහොතක, එම නිලධාරිනියන් පමණක් සේවයට නොකැඳැවීමට වෙනත් හේතුවක් නොමැති බවය.

කෙසේ වෙතත් ආයතන සංග්‍රහයේ ඇති වරප්‍රසාද නිවාඩු එම නිලධාරිනියන්ට ලබා ගත හැකි බවත් ඊට අමතර නිවාඩු ලබා ගැනීමට අවශ්‍ය නම් ආයතන ප්‍රධානියාට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීමට හැකි බවද ලේකම්වරයා සඳහන් කළේය.

රාජ්‍ය නිලධරයන් බහුතරයක් එන්නත්කරණයට ලක්කර ඇති බැවින් රජයේ කාර්යයන් බිඳවැටිමකින් තොරව සාමාන්‍ය පරිදි පවත්වා ගැනීමට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර පසුගිය 29 වැනිදා ලිඛිත උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව සියලුම රාජ්‍ය සේවකයන් අද (02 වැනිදා) සිට සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළ යුතු බව දන්වමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි පසුගිය 30 වැනිදා චක්‍රලේඛයක් නිකුත් කෙරිණි.
රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමේදී දුරස්ථභාවය, මුඛ ආවරණ පැලඳීම සහ දෑත් පිරිසිදු කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් තවදුරටත් එලෙසම අනුගමනය කළ යුතු බවද චක්‍රලේඛයේ දැක්වේ.

ආයතනික කාර්ය මණ්ඩලය මෙන්ම සේවාලාභීන්ද කොවිඩ් වයිරසය ආසාදනය වීමෙන් වළක්වා ගනිමින් සේවා සැපයීමේ වගකීම ආයතන ප්‍රධානීන් වෙත පැවරේ.

එමෙන්ම අද සිට රජයේ නිලධරයන්ගේ නිවාඩු සම්බන්ධයෙන් සාමාන්‍ය විධිවිධාන අනුගමනය කළ යුතු වේ.

කිසියම් රජයේ සේවකයකු නිරෝධායනයට යොමුකර ඇත්නම් හෝ එසේ නිරෝධායනයට යොමුකර ඇත්තේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීමට දඬුවමක් ලෙස නොවන්නේ නම් පමණක් ඔවුන්ට සම්පූර්ණ වැටුප් සහිත නිවාඩු කාලයක් හිමිවනු ඇති බවද ලේකම්වරයා අවධාරණය කරයි.

මෙම චක්‍රලේඛය නිකුත් කිරීමට පෙර බලාත්මක වූ චක්‍රලේඛ විධිවිධාන අනුව නිලධරයන් සේවයට කැඳවූ කාලසීමාව තුළ ඔවුන් ලබා ගත් නිවාඩු, සේවය ස්ථිර කිරීම්, උසස්වීම් ලබා ගැනීම සහ විශ්‍රාම ගැන්වීම් පිළිබඳ උපදෙස් ඉදිරියේදී නිකුත් කරන බවද චක්‍රලේඛයේ දැක්වේ.

එමෙන්ම පළාත් අතර සංචරණ සිමා පැවතියද, සෑම නිලධාරියකුම අනිවාර්යෙන්ම සේවයට වාර්තා කළ යුතු අතර ඒ සඳහා නැවත ආයතන මගින් ප්‍රවාහන පහසුකම් ලබා නොදෙන බවද හෙතෙම කිවේය.
ඒ සඳහා අදාළ බලධාරීන් විසින් පොදු ප්‍රවාහන සේවා යථාවත් කරනු ඇති බවද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ දැක්වේ.

චාමර පල්ලේගෙදර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
12
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
5
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
8
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
2
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
9
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
128
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
17
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

කුඹුක් ගස් කපා තවත් ඇවිදින මංතීරුවක් මොණරාගල හදල

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මේ ඇවිදින මංතීරුව සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වූ පසුබිමක මොනරාගල...

අද එන්නත් ලබාදෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (13) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු...

හෙට සිට විවෘත වන කාර්යාල

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල කිහිපයක් හෙට (15) සිට විවෘත කිරීමට සැලසුම් කර තිබේ. එම දෙපාර්තමේන්තුව...

මරණ අඩුවෙයි – ඇදිරිනීතිය සම්බන්ද නිවේදනයක්

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සැප්. 21 වන දා දක්වා ක්‍රියාත්මක කෙරෙන බවත් එම...

ලංකාවේ කොරෝනා ගැන සුබ ආරංචියක්

රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් සඳහා අවශ්‍ය කරන දෛනික ඔක්සිජන් ප්‍රමාණය මේ වන...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x