31 C
Colombo
Saturday, April 10, 2021

ගැමි තරුණියන් රවටා නගරයට ගෙන්නාගෙන ජාවාරමක් හෙළිවෙයි

පුවත්පත්වල දැන්වීම් පළකොට දහසින් බැඳි පියළි අතපුරා ලැබෙන බවට දුරබැහැර ගම්මානවල ලාබාල තරුණියන් රවටා සම්භාහන මධ්‍යස්ථානවල තෙරපිවරියන් ලෙස පුහුණුවීමට යැයි කියා ලාබාල තරුණියන් නගරබදට ගෙන්වා ඔවුන් ගණිකා වෘත්තියට යොදවන සංවිධානාත්මක කල්ලියක් විසින් මීගමුවේ මෙහෙය වූ සුපිරි ගණිකා මධ්‍යස්ථාන දහයක සිටි තරුණියන් 24 ක් අත්අඩංගුවට ගැනීමට මීගමුව පොලිසිය සමත් වී තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරාගේ මෙහෙයවීම මත මීගමුව අපරාධ කොට්ඨාශය සහ මීගමුව පොලිසිය විසින් මෙම වැටලීම් මෙහෙයවා ඇති බවයි සඳහන් වන්නේ.

ආයුර්වේද සම්භාහන ආයතන මුවාවෙන් මීගමුව වැල්ලවීදිය, කුඩාපාඩුව, පෙරියමුල්ල, බාල්දිහන්දිය, ඇලපාර යන ප්‍රදේශවල මෙම සුපිරි ගණිකා නිවාස පවත්වාගෙන ගොස් තිබෙනවා. මෙම මධ්‍යස්ථාන වල කිසිදු ආයුර්වේද වෛද්‍යවරයෙකු නොසිටි අතර සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් මෙම මධ්‍යස්ථාන පවත්වාගෙන ගොස් ඇති බවත් සඳහන්.

මෙහිදී අත්අඩංගුවට ගත් තරුණියන් අවුරුදු 20-28 අතර වයස්වල පසුවෙන අය බවයි පැවසෙන්නේ. ඔවුන් තිස්සමහාරාමය, අනුරාධපුරය, පොලොන්නරුව, නිකවැරටිය, උඩුදුම්බර, ගලෙන්බිඳුනුවැව, තඹුත්තේගම ආදී ඈත පිටිසර ගම්මාන වලින් තෙරපිවරියන් ලෙස සේවයට පැමිණි බවත් පුවත්පත්වල පළ වූ දැන්වීම් අනුව දහසින් බැඳි පියළි සොයා ඔවුන් පැමිණි බවත් ඔවුන් සම්භාහනය සම්බන්ධයෙන් කිසිත් නොදන්නා බවත් පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් තරුණියන්ගෙන් කොටසක් මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය හමුවට පැමිණ වූ අතර ඔවුන් නිරෝධායන නීති උල්ලංඝණය කිරීම ඇතුළු චෝදනාවන්ට වරද පිළිගත් අතර ඔවුනට රුපියල් 5000 බැගින් දඩ නියම කර තිබෙනවා.

අනිකුත් තරුණියන් මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් නෙල්සන් කුමාරනායක මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම තරුණියන් රුපියල් ලක්‍ෂ 5 බැගින් ශරීර ඇප මත අත්අඩංගුවෙන් මුදාහැරීමට නියෝග කර ඇති බවත් සඳහන්.

මෙම ගණිකා නිවාස පවත්වාගෙන ගිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුනට වෙන් වෙන්ව නඩු පැවරීමට මීගමුව පොලිසිය කටයුතු යොදා තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
3
හරි හිනා !
5
හම්මෝ !
1
මාර දුකයි !
4
කුජීතයි !
4
මලපනිනව !
6
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

දඹානේ ආදිවාසී කැකුලෙක් නිට්ටඹුවේ කැකුලිය දඹානට ඇන්න ගොහින් මන්ද කොරලා

දඹානේ ආදිවාසී තරුණයකු මුහුණු පොතෙන් නිට්ටඹුවේ 16 හැවිරිදි දැරියක සමග ප්‍රේම සබධතාවක් ගොඩනගාගෙන පසුව...

පුෂ්පිකාගේ කිරුල ගැලවූ කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර අත්අඩංගුවට

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් මහා තරඟයේ හටගත් උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් සිදුකළ විමර්ශන...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉන්ධන බවුසරයක් ගිනි ගනී (වීඩියෝ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහැතැප්ම පිවිසුම් දොරටුව අසල කොළඹ සිට මාතර දෙසට ඉන්ධන රැගෙන ගමන් කරමින්...

පිළිකා කාරක ආහාර සහ නිෂ්පාදනය කරන ආයතන ලැයිස්තුව පිලිබඳ වාර්තාව අද එළියට

ප‍්‍රමිතියෙන් තොර සහ නිසි ප‍්‍රමිතියක් සහිත ආහාරපාන පිළිබඳ සහ ඒවා නිෂ්පාදනය කරන හා ආනයනය...

සැමියා විසින් ඝාතනයකර ඇඳ යට සඟවා තිබූ බිරිඳගේ සිරුර පොලිසියෙන් සොයාගෙන

පුත්තල ප්‍රදේශයේදී ඊයේ (09) දින පුද්ගල ඝාතනයක් සිදුව ඇති බව පොලිසිය පවසනවා.29 හැවිරිදි කාන්තාවක්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x