Central Bank Central Bank

ගැමුණු වැඩිකරන්න ඕනෙලු – ජනවාරි සිට පෞද්ගලික බස් ගාස්තු වැඩි වන හැටි

ජනවාරි 1 වන දා සිට පෞද්ගලික බස් ගාස්තු වැඩි කිරීම සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, අදාළ යෝජනාව ජාතික ගමනාගමන කොමිෂන් සභාවට සහ ප්‍රවාහන අමාත්‍යංශයට හෙට (දෙසැ.3) දිනයේදී යොමු කරන බව ය.

මේ වන විට අවම බස් ගාස්තුව රුපියල් 14ක් බව ත් එය රුපියල් 20 දක්වා වැඩි කළ යුතු බව ත් ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ ය.

ලිහිසි තෙල්, ටයර්, වාහන අමතර කොටස් සහ සේවා ගාස්තු වැනි බස් රථ සඳහා ඇති පිරිවැය දරා ගැනීමට තවදුරට ත් හැකියාවක් නොමැති වීම හේතුවෙන් ඔවුන් මෙම යෝජනාව ඉදිරිපත් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා මෙහිදී වැඩිදුරට ත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
2
හම්මෝ !
0
මාර දුකයි !
2
මලපනිනව !
3
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්