28 C
Colombo
Thursday, June 17, 2021
logo

ගෑනියෙක් නිසා තාත්තයි පුතයි මරා ගෙන

හේනේ පැලේදී පුතාගේ බිරියට තාත්තා අයුතු යෝජනා කළාලු

ජම්බුගහපිටිය, මන්දණ්ඩාවෙල ප්‍රදේශයේ පදිංචි පිය පුතු දෙපළක් ආරවුලක් මුල්කරගෙන පිහියකින් එකිනෙකාට ඇනගෙන ඇතැයි කටුගස්කොට පොලිසිය පැවසීය.

එම පියා විසින් පුතුගේ බිරිඳට අයුතු යෝජනාවක් කිරීම සහ ඉඩම් ආරවුලක් මෙම ගැටුමට හේතු වී ඇතැයි ද පොලිසිය කීවේය.

තම පියා විසින් තමාට පිහියකින් කෙටු බවට පුතා විසින් කටුගස්තොට පොලිසියට පැමිණිලි කර ඇති අතර, තම පුතා තමා පසු පස පන්නා තමාට පිහියකින් කෙටු බවට පියා විසින් ද පොලිසියට පැමිණිලි කර ඇත.

විමර්ශන වලින් අනතුරුව කටුගස්තොට පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් සැකකාර පිය පුතු දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

පුතා නිතරම මහගෙදර ඔහුගේ නමට ලියා දෙන ලෙස තමාගෙන් කරනු ලබන ඉල්ලීම ඉවසාගත නොහැකිව හේනේ තැනු පැලක ජීවත්ව සිටි බවත් එසේ පැලේ සිටියද තමා පුතාට සලකන බවත් එම පියා පොලිසියට පවසා ඇත. තමාට අයත් ත්‍රිරෝද රථය පාවිච්චි කරනන්නේද පුතා බවද හෙතෙම වැඩිදුරටත් පොලිසියට පවසා තිබේ.

මේ අතර, පුතා පොලිසියට පවසා ඇත්තේ තම බිරිඳ පියාට ආහාර රැගෙන හේනේ පැලට ගිය අවස්ථාවේ ඇයට අයුතු යෝජනාවක් කළ නිසා ඔහු සමග ආරවුලක් ඇතිකරගත් බවයි.

අත්ඩංගුවට ගත් සැකකරුවන් පෙරේදා (9 වැනිදා) මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 2 බැගින්වූ ශරීර ඇප මත මුදාහැර ඇති අතර, වැඩිදුර විභාගය ඔක්තෝබර් 5 වැනිදා පැවැත්වීමට නියමිතය.

විජේරත්න හල්ඔලුව – හාරිස්පත්තුව

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
1
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
3
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
1
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
9
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
4
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
2
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

මල්වත්තේ පිපිරීමක් – අයෙකු මරුට

අම්පාර, මල්වත්ත ප්‍රදේශයේ පිපිරීමක් සිදුව තිබෙනවා.මෙය සිදුව තිබුණේ ඊයේ (11) දින යි.පිපිරීමෙන් එක් පුද්ගලයෙකු...

සංචරණ සීමා දීර්ඝ වෙනවා ද ? හමුදාපතිගෙන් පැහැදිළි කිරීමක්

අද දිනය තුල තහවුරු කර ගත් කොවිඩ් මරණ 101ක් වාර්තාවීම හේතුවෙන් 14 වන දින...

අමෙරිකාවේ ලොකු පුටුවකට ශ්‍රී ලාංකිකයෙකු පත් කෙරේ

ධවල මන්දිර සාමාජිකත්ව ජනාධිපති කොමිසමේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ උපන් විද්වතෙකු පත් කර තිබෙනවා.ඒ,...

ලාංකීය ප්‍රභේදය යටපත් වෙයි – ඊට වඩා භයානක ප්‍රභේදයක් රට පුරා

පසුගිය කාලයේ මෙරටින් වාර්තා වූ ශ්‍රී ලංකාවට ආවෙිණික කොවිඩ් 19 ප්‍රභේදය මේවන විට සම්පූර්ණයෙන්ම...

ඩිලිවරි සේවා වෙත නිවේදනයක්

භාණ්ඩ ප්‍රවාහන සේවා හෙවත් ඩිලිවරි සේවා පවත්වාගෙන යාම සඳහා නිකුත් කර ඇති බලපත්‍රවල වලංගු...

අපගේ නවතම පුවත්

1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x