28 C
Colombo
Wednesday, June 16, 2021
logo

ගිනි අවි පෙන්වා දැරියක් පැහැරගත් බව කියන සිද්ධියට පියා සහ බාප්පා අත්අඩංගුවට

සූරියවැව බැද්දෙවැවදී ගිණි අවියක් පෙන්වා අවුරුදු 06ක දැරියක් පැහැර ගත් බව කියන සිද්ධියට අදාළව දැරියගේ පියා හා බාප්පා සූරියවැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙක බැගින් වු ශරීර ඇප හතරක් මත නිදහස් කරන ලෙසටයි නියෝග කර ඇත්තේ.

ඉදිරි නඩු දිනයේ යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද හම්බන්තොට වැඩබලන මහේස්ත්‍රාත්වරයා ඊයේ (05) නියෝග කර තිබෙනවා.

මෙලෙස ඇප මත නිදහස් කෙරුණේ දැරියගේ පියා වන 32 හැවිරිදි අයෙක් සහ ඔහුගේ බාල සොහොයුරායි.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා විසින් ඉදිරිපත් කල කරුණු සළකා බැලූ වැඩබලන මහේස්ත්‍රාත්වරයා දැරිය පියා බාරයේම තබාගැනිමට ද අවසර ලබාදී තිබෙනවා.

මෙම දැරිය යතුරුපැදිවලන් පැමිණි පුද්ගලයන් සිව් දෙනෙකු විසින් ගිණි අවියක් පෙන්වා පසුගිය 04 වනදා අළුයම පැහැරගෙන ගිය බවටයි දැරියගේ පියා විසින් සූරියවැව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ.

ඒ අනුව පරික්ෂණ ආරම්භ කෙරුණු අතර එහිදී පියාගෙන් සිද්ධිය පිළිබඳව සිදුකල ප්‍රශ්ණ කිරීමේදී ලබා දී ඇති පරස්පරවිරෝධී ප්‍රකාශ හේතුවෙන් පොලිසිය දැරියගේ පියා සහ ඔහුගේ බාල සොහොයුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකල ප්‍රශ්ණ කිරීමේදි අනාවරණය වී ඇත්තේ දැරිය පැහැර ගැනීමේ සිද්ධිය සම්පුර්ණයෙන්ම පියා සහ පියාගේ බාල සොහොයුරා විසින් නිර්මාණය කල සිදුවිමක් බවයි.

මීට මාස එක හමාරකට පමණ පෙර දැරියගේ මව වෙනත් විවාහයක් කරගෙන යාම හේතුවෙන් ඇය පොලිසියට ගෙන්වා ගැනීම හා මෙම පැහැර ගැනීමේ සිද්ධියට බිරිඳ හසුකිරීම ඔවුන්ගේ අරමුණ වී ඇතැයි සඳහන්.

සැකකරුගෙන් වැඩිදුරටත් සිදුකල ප්‍රශ්ණ කිරීමේදී අනාවරණය වී ඇත්තේ 03 වන දින තම දැරිය සූරියවැව  පිහිටි ඥාති වරයෙකුගේ නිවසේ නතරකර ඇති අතර, පසුව 4 දින අළුයම මෙම පැහැර ගැනීම සිදුවු බවට පොලීසියට පැමිණිලි කළ බවයි.

පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු සැකකාර පියා 04 දින උදෑසන දැරිය නවතා තිබූ ඥාති නිවසින් රැගෙන හම්බන්තොට රෝහල අසලට ගොස් දික්වැල්ල දොඩම්පහල ප්‍රදේශයේ පදිංචි බිරිදගේ ඥාති වරයෙකුගේ නිවසට යවා ඇතැයි ද පොලිසිය හෙළිකරගෙන තිබෙනවා.

ඒ අනුව සිදුකල පොලිස් විමර්ශණවලදී සැකකාර පියා සහ ඔහුගේ බාල සොහොයුරා එක්ව මෙම සිදුවිම නිර්මාණය කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. සැකකරුවන් හම්බන්තොට වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගැනිම හේතුවෙන් මෙලෙස ශරීර ඇප මත නිදහස් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
1
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
1
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
2
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
2
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

14 වනදා සංචරණ සීමා ඉවත් කරනවාද මෙන්න ඇත්ත

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා මීට පෙර නිවේදනය කළ පරිදි ලබන 14 වනදා අලුයම 4න...

ගිනි ගත් නෞකාවෙන් මුහුදු ජලයට එක්වූ ඉන්ධන ඉවත් කිරීමේ ක්‍රමවේදයක් සොයා ගැනේ

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මිශ්‍රවූ ඉන්ධන හා රසායනික ද්‍රව්‍ය මුහුදු ජලයෙන් ඉවත් කිරීම සඳහා විශේෂ...

තෙල් බාලාගේ දියණිය මත්ද්‍රව්‍ය සමග STF අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් කරුපයියා බාලන් නොහොත් තෙල්...

හිටපු ජනපති මෛත්‍රී කී රහසක් වෛද්‍ය පාදෙණිය හෙළි කරයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍ය ධූරයට පත් වූ විට තමන්ට විශේෂ කාරණයක්...

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ්

වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තානා මහතාට කොවිඩ් ආසාදනය වී ඇති බව ,ඇන්ටිජන් පරීක්ෂාවක්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x