26.3 C
Colombo
Monday, June 14, 2021
logo

ගුටි කන්න වෙන වැඩක් ගැන ජනපති කලින්ම දැනුම් දෙයි

“ඉදිරි පරම්පරාව වෙනුවෙන් අපි යා යුතු තැන මෙතෙන. මේක දුෂ්කර වුණත් බැනුම් අහගෙන හරි ජනතාවට මේක කියලා දෙන්න ඕනේ. මේක මගේ හදිසි තීරණයක් නෙමෙයි. මේක අපේ සෞභාග්‍යයේ දැක්මේ පැහැදිලිව ම කියලා තියෙනවා. අයවැයේ දී පැහැදිලිව කිව්වා අපි මෙතැනට යන්නේ කියලා. මම මේක තීරණයක් අරගෙන තියෙනවා. මේක රටට නෙමෙයි ලෝකයට ම හොඳ දෙයක්. නරක දෙයක් නම් මට ඕන නෑ. මේක හොඳ දෙයක්. ගහලා එලෙව්වත් ගුටි කාලා හරි වැඩේ කරන්න ඕනේ.“

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් සමග ඊයේ (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

කාබනික පොහොර භාවිතයට එළඹීමේ දී පැමිණෙන අභියෝග නොතකා මහජන නියෝජිතයන් ජනතා සුභසිද්ධිය පිණිස ඉදිරියට යායුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

නිරෝගී සහ ඵලදායී පුරවැසියෙක් බිහිකිරීමට වස විසෙන් තොර ආහාර වේලක් සඳහා වූ ජනතා අයිතිය “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් තහවුරු කර ඇතැයි ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඒ වෙනුවෙන් කාබනික පොහොර භාවිතයට කෘෂිකර්මාන්තය රැගෙන යාම රජයේ දැඩි ස්ථාවර වී ඇති බවත් එම වැඩපිළිවෙළ ඇතැම් පාර්ශ්වයන්ගේ විවේචනවලට ලක් වුවද අනාගත දරු පරපුරේ යහපත උදෙසා ක්‍රියාත්මක විය යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කරයි.

හිඟයක් ඇති කිරීමට උත්සාහ ගත්ත ද ඉදිරි කන්නය දක්වා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් තරම් ගෙන්වා ඇති බවත් එම නිසා සියලු වගා කටයුතු බාධාවකින් තොරව කරගෙන යා හැකි බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

කාබනික කෘෂිකර්මාන්තයට යොමුවීම රජය හදිසියේ ගත් තීරණයක් නොවන බවත්  “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෙන්ම පසුගිය අය වැයේදී මේ පිළිබඳ රජයේ ස්ථාවරය ඉදිරිපත් කළ බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

එහෙත් කාබනික පොහොර සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් නොකිරීම අනිසි බියට හේතු වී ඇති බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

කාබනික පොහොර කෘෂිකර්මාන්තය සඳහා ලංකාවේ විශාල විභවයක් පවතින අතර සංක්‍රාන්ති කාලය තුළ ගොවියාට මුහුණ පෑමට සිදුවන අසීරු අවස්ථා කළමනාකරණය කිරීමට උපරිම සහන සලසා දීම රජයේ ප්‍රතිපත්තිය බව ද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

දශක කිහිපයක සිට රසායනික පොහොර භාවිතයට ගොවියා පෙළඹීම හේතුවෙන් විශාල පිරිසක් විවිධ
බෝ නොවන රෝගවලට මුහුණ පා ඇති බවත් එම තත්ත්වයෙන් අනාගත පරපුර ගලවා ගැනීම රටවැසි සියලුදෙනාගේ වගකීම විය යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
18
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
4
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
2
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
3
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ඉන්ධන මිල වැඩි කිරීම ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

ඉන්ධන මිල ගණන් වැඩි කිරීම දේශීය ආර්ථිකය ශක්තිමත් කරන පොදු වැඩපිලිවෙලක එක් ප්‍රධාන සාධකයක්...

ලෝක සාගර දිනය අදයි

ලෝක සාගර දිනය අදට යෙදී තිබෙනවා.ඒ වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන්...

තෙල් මිල වැඩිකිරීම සම්බන්ධයෙන් ඇමති ඉල්ලා අස්විය යුතුයි

තෙල් මිල වැඩිකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා ඝෘජුව වගකිවයුතු බවත් මෙවැනි තත්ත්වයක් උද්ගත...

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් දිවයිනට

චීනයේ නිෂ්පාදිත තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් අද අලුයම මෙරටට රැගෙන එනු...

මෙරට තුන්වැනි මාත‍්‍රාවත් එන්නත්කරණයට ඇණැවුම් කරන්නැයි දන්වයි..

සෞඛ්‍ය නිර්දේශ අනුව, ලෝක තත්ත්වය සලකා එන්නත්කරණයට තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් එය දැන්ම ඇණවුම්...

අපගේ නවතම පුවත්

1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x