ගුරුන්ට කළ කී දේ සම්බන්ධයෙන් ශ්‍රීලනිප’ය සමාව අයැදී

ඇතැම් මැති ඇමැතිවරු ගුරුවරුන් සම්බන්ධයෙන් කරන ප්‍රකාශ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමස්ත ගුරුවරුන්ගෙන්ම සමාව ඉල්ලන බව එම පක්ෂ මහලේකම්, රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර පැවැසීය.අනේකවිධ දුෂ්කරතා මැද දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන ගුරුවරුන්ට සිය ඉල්ලීම් වෙනුවෙන් මහමගට බැසීමට සිදුවීම සම්බන්ධයෙන් තම පක්ෂයට ඇත්තේ විශාල කනගාටුවක් බවත් ඒ මහතා කීවේය.

මහලේකම්වරයා මේ බව සඳහන් කළේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (22 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදීය.

ඉතාමත් ඉක්මනින් සාකච්ඡා මාර්ගයෙන් මෙම ගුරුවරුන්ගේ ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ඔහු කියා සිටියේය.

මෙහිදී හෙතෙම පැවසුවේ වසර ගණනාවක් තිස්සේ මෙම වැටුප් විෂමතා අර්බුදයෙන් ගුරුවරුන් පීඩාවට පත්වූ බවය. එම අර්බුදකාරී තත්ත්වය හමුවේද තම මුදලින් ඩේටා භාවිත කරමින් ගුරුවරුන් දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය ලබාදුන් බව කිසිවකු අමතක නොකළ යුතු බවද මෙහිදී ඔහු පැවසුවේය.

පසුගිය කාලය පුරාම ගුරුවරුන්ට ආණ්ඩුව සැලකූ ආකාරය පිළිබඳව පක්ෂයක් ලෙස ඉතාමත් කනගාටු වන බව රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නේය. ගුරුවරුන්ට සිදුවූ හිත් රිදවීමට තම පක්ෂය සමාව ඉල්ලා සිටින බවද ඇමැතිවරයා පැවැසුවේය.

හෙතෙම පැවැසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගුරුවරුන් වෙනුවෙන් පෙනී සිටීමට ඔවුන් වෙනුවෙන් හඬක් නැගීමට සම්පූර්ණ අයිතියක් ඇති බවය. තම පක්ෂයේ පංච මහා බලවේගයෙන් එක බලවේගයක් වන්නේ ගුරුවරුන් බැවින් ඔවුන් වෙනුවෙන් කළ හැකි සියල්ල ඉටුකරන බවද රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මෙහිදී පවසා සිටියේය.

ඉතාමත් ඉක්මනින් ජනාධිපතිවරයා මැදිහත්වී මෙම ගුරු වැටුප් විෂමතා ගැටලුවට විසඳුමක් ලබාදිය යුතු බවත්, තම පක්ෂය සෑමවිටම ගුරුවරුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බව ඔහු වැඩිදුරටත් පැවැසීය.

අශිකා ජයවීර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
11.svg?v=2.6
අවුල් වගේ !
3
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
1
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

සුපිරි ක්‍රීඩක කෝලිව පුටුවකට තියලා ගැට ගැසූ සමාජ මාධ්‍ය කැළඹූ ඡායාරූපයේ ඇත්තම කතාව එළියට

විරාට් කෝලි කියන සුපිරි ක්‍රීඩකයාගේ නම ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. ලොවක් වසඟයට ගත්තූ...

ආදරේ කරන්න ගත්තොත් මම බොලඳ කෙල්ලෙක් වේවී

පසුගිය කාලයේදී පුංච් තිරයේ වැඩිය පෙනෙන්නට හිටියෙ නැති ' දිනිති වල්ගමගේ ' මේ දිනවල...

IOC සමාගම ඉන්ධන නිකුත් කිරීම ගැටලුවක් වෙයි

ලංකා අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම ඉන්දීය ඔයිල් සමාගම විසින් අත්හිටුවා ඇති...

කොවිඩ් මරණ 21ක්

තවත් කොවිඩ් මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (13) දින...

ජීවිත ඉනිම නිමකළ ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා අද අවසන් ගමන් යයි

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුරගේ අවසන් කටයුතු අද (19) පස්වරු 4.30ට...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x