26 C
Colombo
Monday, September 20, 2021

ගුරු අරගලය දැඩි වෙයි! සාපෙළ ලියූ සිසුන්ට වෙන්න යන දේ

මෙරට පාසල් ගුරුවරුන් විසින් පවත්වනු ලබන වර්ජනය තව තවත් දැඩි වෙමිත් තිබෙනවා.

මේ වන විටත් ගුරුවරුන් විසින් මාර්ගගත අධ්‍යාපනය ලබාදීමෙන්ද ඉවත්වී සිටින අතර උද්ඝෝෂණ මාලාවන්ද ක්‍රියාත්මක කරමින් තිබෙනවා.

ගියවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි සෞන්දර්ය විෂයන් කළ සිසුන්ට තවමත් ප්‍රායෝගික පරික්ෂණ පවත්වා නොමැති අතර එම කටයුතුවලින්ද ගුරුවරුන් ඉවත් වීමට නියමිතයි.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝස්ප් ස්ටාලින් විසින් ප්‍රකාශ කර සිටියේ මෙම අරගලය ක්‍රමානුකූලව යම් ක්‍රියාමාර්ග හරහා ත්‍රිව්ර කරන බවට පෙර සිටම ප්‍රකාශ කළ බවයි.

එමෙන්ම ඊයේ (23) දිනයේ සිට ගුරු අරගලයට නව ක්‍රියාමාර්ගයක් එකතු කරමින් ගියවර පැවැති සා පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්ගේ ප්‍රායෝගික පරික්ෂණ සහ සෙසු ප්‍රයෝගික පරික්ෂණ ඇතුළු සියලු ප්‍රායෝගික පරික්ෂණ ක්‍රියාවලියන්ට ගුරුවරුන් සම්බන්ධ වීම නතර කිරීමට තීන්දු කළ බවද ජෝසප් ස්ටාලින් මහතා පවසා සිටියා.

මේ සම්බන්ධව විභාග කොමසාරිස්වරයාටත්, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාටත් දැනුම් දෙන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
41
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
8
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
6
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
3
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
41
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
24
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
10
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

PHIගෙන් එන්නත් ඉල්ලු හිමිනම අවසානයේ හිමිනමගේ ශක්තිය පෙන්වු හැටි

කොවිඩ් මර්දන දෙවන එන්නත් මාත්‍රාව ලබාගැනීමට අවශ්‍ය බව සඳහන් කරමින් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

රූ රැජිනක් සමග වැලිකඩට පැන්න ඇමති මාට්ටු, ඉල්ලා අස්වන්නැයි කියයි

පසුගියදා වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වී කලබැගෑනියක් ඇති කර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ලොහාන්...

ළමයින් සහ තරුණ පිරිස් අතර පශ්චාත් කොවිඩ් තත්ත්වයන් බහුලව

පශ්චාත් කොවිඩ් තත්වයන් ළමයින් සහ තරුණ පිරිස් අතර බොහෝවිට වාර්තාවන බව කායික රෝග පිළිබඳ...

රට විවෘත කරන තීන්දුවට පැය කිහිපයකට පෙර විශේෂඥයන්ගෙන් හදිසි ඉල්ලීමක්

දැනට පනවා ඇති සංචරණ සීමාවන් ඔක්තොම්බර් මාසයේ මුල දක්වා දීර්ඝ කරන ලෙසට විශේෂඥ වෛද්‍යවරුන්ගේ...

මෙරට ප්‍රධාන ස්ථාන රැසකට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන බවට අනතුරු ඇඟවීමක්

කිසියම් ප්‍රහාරයක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සහ සහ මත්තල මහින්ද රාජපක්ෂ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x