චන්දිමාල්ගේ රියදුරු අත්අඩංගුවට

මාර්ග නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාගේ රියදුරුවරයා අද (02) දින අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට මාර්ගයේ දී අන්තරාදායක රිය පැදවීම යන කරුණු හේතුවෙන් අත්අඩංගුවට ගත් බවය.

කොළඹ නාගරික රථවාහන කොට්ඨාසය විසින් සිදුකළ විමර්ශනයක දී චන්දිමාල් ජයසිංහගේ රියදුරු අන්තරාදායක ලෙස රිය ධාවනය කරන අයුරු අනාවරණය වී තිබේ යැයි ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, පසුව අද දිනයේ දී අදාළ රියදුරුවරයා හා රථය පොලිස් භාරයට ගත්බව ද සඳහන් කළේය.

සැකකරු අද (02) දින අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

ඉන් අනතුරුව සැකකරු වරද පිළිගැනීමෙන් අනතුරුව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට රු 12,500ක දඩ මුදලක් නියම කර තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
1
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

සමස්ත ආසාදිතයින් ගණන 300,000 ඉක්මවයි

අද (28) දිනයේ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 1,380ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පැවසීය.ඒ...

ඉෂාලිනිගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහාතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටිය දී පිළිස්සුම් තුවාල සහිතව...

ඉන්දියාවේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයින් ගැන තවදුරටත් විමර්ශන

නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 38 දෙනෙකු සම්බන්ධයෙන් ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය...

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) දිනයේ විටින්විට වැසි...

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) දිනයේ විටින්විට වැසි...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x