“චීනයේ පිරිමින්ට විවාහ කරගන්න එරට තුළ තරුණියන් නැහැ…”

චීනයේ ජනගහනය ගැන අලුත්ම හෙළිදරව්ව

1960 පටන් චීනයේ දරු උපත් සංඛ්‍යාව ඉතාම පහළ මට්ටමකට වැටී ඇති බව දශකයකට වරක් ලබා ගන්නා ජන සංගණන වාර්තාවලින් පෙනී ගියේය.

උපත් පාලනය සඳහා චීනයේ පැවති ජාතික ප්‍රතිපත්තියට තිත තැබිය යුතු බවට එවක් පටන් ඉල්ලීම් ඉදිරිපත් වන්නට විය.

නමුත් ඇතැමුන් පවසන්නේ චීන ජාතිකයන් දරුවන් හැදීම අඩුකිරීමට එකම හේතුව මෙම ජාතික ප්‍රතිපත්තිය ම නොවන බවය.

ලිලී ජීවත් වන්නේ බීජිං අගනුවර ය. තම මවගෙන් දිරි ගැන්වීම් තිබුණත් ඉක්මණින් දරුවෙකු හදා ගැනීමට ඇයගේ සැලසුමක් නොමැත.

තිස් එක් හැවිරිදි ලිලී විවාහ වී දෑ අවුරුද්දක් ගෙවී හමාරය. දරුවකු හදා ගැනීමේ “නිමක් නැති කරදර” නොමැතිව තමන්ගේ “ජීවිතය විඳින්නට” ඇයට අවශ්‍ය වී තිබේ.

“මගේ වයසේ මම දන්නා පිරිස අතරින් දරුවන් ඉන්නේ ඉතාම ටික දෙනාටයි. එහෙම ඉන්න අය නිතරම හිතන්නේ ‘ළමයව බලා ගන්න හොඳම නැනී කෙනෙක් හොයාගන්නේ කොහොමද?, ළමයට හොඳම පාසලක් හොයාගන්නේ කොහොමද?’ කියල. ඒක හරිම වෙහෙසකර දෙයක්.”

ලිලී බීබීසීයට කතා කළේ ඇයගේ අනන්‍යතාව හෙළි නොකරන බවට සපථ කර ගැනීමෙන් පසුවය. ඒ අන් කිසිවක් නිසා නොව; තම තීරණය ගැන මව දැනගතහොත් ඇයට විශාල දුකක් ඇතිවන බව ලිලී දන්නා හෙයිනි. එබැවින් ඇය ලිලී ලෙස හඳුන්වමු.

කෙසේ නමුත් මෙම පරම්පරා දෙක සිතන පතන ආකාරයේ වෙනසින් පෙනී යන්නේ දරුවන් හදාවඩා ගැනීම පිළිබඳව නාගරික තරුණියන්ගේ ආකල්ප වෙනස් වෙමින් පවතින බවය.

සංඛ්‍යා ලේඛනවලින් සහ දත්ත වාර්තාවලින් එය මොනවට පැහැදිලි වේ.

චීනයේ අලුත්ම ජන සංගණන වාර්තාව මේ මස මුලදී නිකුත් කෙරුණි. පසුගිය වසර තුළ චීනයේ දරුවන් මිලියන 12ක් බිහිවී තිබේ. එය 2016 හා සසඳන විට පෙනී යන්නේ දරු උපත් විශාල ප්‍රමාණයකින් අඩුවී ඇති බවය. 2016 දී දරුවන් මිලියන 18ක් උපත ලබා තිබුණි. මෙවර වාර්තා වී ඇත්තේ 1960න් පසු වාර්තාගත වූ අඩුම වාර්ෂික දරු උපත් ප්‍රමාණයයි.

චීනයේ සමස්ත ජනගහනය වර්ධනය වෙමින් පවතින බව සැබවි. නමුත් එම වර්ධනය මේ වන විට පවතින්නේ දශක කීපයකට පසුව වාර්තාවන අඩුම වේගයකිනි.

ඒ අනුව බලන කල චීනයේ පවතින ප්‍රශ්න අතරට, ජනගහනය අඩු වීමේ ප්‍රශ්නයත් ඔවුන් සිතුවාට වඩා ඉක්මණින් එක් වීමට ඉඩකඩ ඇතිබවක් පෙනෙන්නට තිබේ.

රටක ජනගහනය හැකිළීම ද ප්‍රශ්න ඇතිකිරීමට හේතු වේ. එමගින් රටේ වයස් ව්‍යුහය උඩු යටිකුරු වේ. තරුණයන්ට වඩා වයස්ගත ප්‍රමාණය වැඩි වනු ඇත.

එසේ වූ විට, සිදු වන්නේ කුමක් ද? වැඩිහිටි පරම්පරාව රැකබලා ගැනීම සඳහා සේවකයන් හිඟ වනු ඇත. සෞඛ්‍ය සහ සමාජ සුබ සාධන සඳහා ඉල්ලුම වැඩි වනු ඇත.

චීන රජයේ රැස්වීමක දී එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ ප්‍රධානි නින්ග් ජිශේ කියා සිටියේ රටේ සාඑල්‍ය අනුපාතිකය (fertility rates) අඩුවීම, චීනයේ සමාජ හා ආර්ථික සංවර්ධනයේ ස්වභාවික ප්‍රතිඵලයක් බවය.

රටක් වඩා සංවර්ධනය වන විට එම රටේ උපත් අනුපාතිකය අඩු වීමේ නැඹුරුතාවක් පවතී. ඊට හේතුව අධ්‍යාපනය හෝ වෘත්තීය අපේක්ෂා වැනි දේට ජීවිතයේ ප්‍රමුඛතාව ලැබීමය.

උදාහරණ ලෙස චීනයේ අසල්වැසි රටවල් වන ජපානය සහ දකුණු කොරියාව ගත හැකිය. දරුවන් වැඩියෙන් හදාවඩා ගැනීම සඳහා ජනතාව දිරිගැන්වීමට එම දෙරටෙහි පාලකයන් නොයෙකුත් දීමනා ලබා දුන් නමුත් මෑත වසර කීපය තුළ උපත් අනුපාතිකය වාර්තාගත ලෙස පහත වැටුණි.

ස්ත්‍රී පුරුෂ අසමතුළිත බව

නමුත් ඇතැම් විශේෂඥයන් පවසන්නේ චීනයේ ප්‍රශ්නය මීට වඩා වෙනස් බවය. දරුවන් හැදීමට කලින් පවුල්වීමට බිරිඳක් සොයාගැනීම චීන පිරිමින්ට ප්‍රශ්නයක් වී තිබීම ඊට හේතුවයි.

අවසානයේ මෙය, රටේ ස්ත්‍රී – පුරුෂ අසමතුළිත භාවයේ ප්‍රශ්නයක් බවට පත්වී තිබේ. පසුගිය වසරේ චීනය තුළ කාන්තාවන්ට වඩා මිලියන 34.9ක් පිරිමි වූහ.

මෙය, චීනයේ දැඩි ලෙස ක්‍රියාත්මක වූ ‘එක් දරු ප්‍රතිපත්තියේ’ ප්‍රතිඵලයකි. ජනගහන වර්ධන වේගය අඩුකර ගැනීම සඳහා මෙම ජාතික ප්‍රතිපත්තිය හඳුන්වා දෙනු ලැබුණේ 1979දී ය.

ගැහැණු දරුවකුට වඩා පිරිමි දරුවකු ලබා ගැනීමේ කැමැත්ත පවතින සංස්කෘතියක් සහිත චීනයේ ක්‍රියාත්මක වූ එක් දරු ප්‍රතිපත්තිය හේතුවෙන් ගැහැණු දරු කළල ගබ්සා කිරීමට බොහෝ දෙනා පෙළඹුණි. එහි ප්‍රතිඵලය වූයේ 1980 පටන් පිරිමි දරු උපත් විශාල ප්‍රමාණයක් වාර්තා වීමය.

“මේ නිසා විවාහයක් කර ගැනීම ඉතා අසීරු දෙයක් බවට පත්වුණා. විශේෂයෙන් ම අඩු ආර්ථික හා සමාජයීය පසුබිමක් සහිත පිරිමින්ට.” සිංගප්පුරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ ආචාර්ය මූ සෙන්ග් පැවසුවාය.

2016 දී මේ ‘එක්දරු ප්‍රතිපත්තිය’ චීන රජය විසින් හකුළා ගනු ලැබීය. චීන පවුලකට දරුවන් දෙදෙනෙකු හදාවඩා ගැනීමට අවසරය ලැබුණි.

ඉනික්බිතිව, පළමු දෙවසර තුළ ඉහළ අගයන් පෙන්නුම් කළ නමුත් චීනයේ උපත් අනුපාතිකය අඩුවීම ආපසු හැරවීමට මෙම ප්‍රතිසංස්කරණ සමත් නොවීය.

‘මෙහෙම වෙනකොට කවුද දරුවෝ හදන්නේ?’

ඊට හේතුව ලෙස විශේෂඥයන් පෙන්වා දෙන්නේ, අධ්‍යාපනය සඳහා මූල්‍ය සහන හා ළමා ආරක්ෂණ පහසුකම් සැපයීමකින් තොරව ඉහත කී ප්‍රතිපත්ති ලිහිල් කිරීමය.

ජීවන වියදම ඉහළ යමින් තිබියදී දරුවකු හදා ගැනීම බොහෝ දෙනෙකුට අසීරු වී ඇති බව ඔවුහු පවසති.

“දරුවෙක් හදා ගන්න මැලිවෙන්නේ දරුවෙක් කුසේ දරාගෙන සිටින අතරතුර පවතින ක්‍රියාවලිය අසීරු නිසා නොවෙයි. දරුවා ඉපදුනාට පස්සේ මුහුණ දෙන්න වෙන දේවල් නිසා.” ආචාර්ය මූ සෙන්ග් පැවසුවාය.

ඇය තවදුරටත් කියා සිටියේ පුද්ගල සාර්ථකත්වය පිළිබඳව චීනයේ පවතින සංකල්පය ද වෙනස් වී ඇති බවය. බොහෝ විට මහා නගරවල ජීවත්වන්නන් ගේ සංකල්ප වැඩි වශයෙන් වෙනස් වී ඇති බව ඇය පවසන්නීය.

විවාහයක් කරගෙන දරු මල්ලන් රැකගෙන සිටීමේ සම්ප්‍රදායික චින්තන රටාව තවදුරටත් නොවේ; ඒ වෙනුවට දැන් පවතින්නේ පෞද්ගලික දියුණුව පිළිබඳව පමණක් පවතින චින්තන රටාවකි.

චීන සමාජය තුළ දරුවන් රැකබලා ගැනීමේ කාර්යභාරය තවමත් මුලිකව පැවරෙන්නේ කාන්තාවට ය.

දරුවෙකු උපත ලැබූ විට පියාට ඉල්ලුම් කළ හැකි දින 14ක පීතෘ නිවාඩුවක් සම්මතයේ පවතින නමුත් එය ලබා ගන්නා බවක් නිතර දක්නට නොලැබේ. පූර්ණ කාලීනව දරුවන් රැකබලා ගන්නා පියවරුන් චීනයේ දුර්ලභ ය.

එවැනි තත්ත්වයක් යටතේ දරුවෙකු හදා ගැනීම තුළින් තමන්ගේ වෘත්තීය ගමන අඩාල වනු ඇතැයි බොහෝ කාන්තාවන් බිය පළකරන බව ආචාර්ය සෙන්ග් පැවසුවාය.

චීනයේ සමාජ මාධ්‍ය මත ද මෙය උණුසුම් මාතෘකාවකි. නව පරම්පරාවේ තරුණ තරුණියන් දරුවන් හැදීමට අකමැති ඇයි ද? යන මාතෘකාව ඔස්සේ ලියවෙන දේ මිලියන ගණනක් ජනතාව කියවති.

“යථාර්ථය නම්, කාන්තාවන් සඳහා රැකියා අඩුයි. ඒ නිසා හොඳ රැකියාවක් සොයාගත් කාන්තාවක් ඒක රැකගන්න ඕනෑම දෙයක් කැප කරන්න ලෑස්තියි. මේ වගේ තත්ත්වයක් යටතේ කවුද දරුවෝ හදන්න කැමති වෙන්නේ.?” එක් පුද්ගලයෙක් ප්‍රශ්න කළේය.

කාන්තාවකට දින 98ක මාතෘ නිවාඩුවක් ඉල්ලා සිටිය හැකිය. අවශ්‍ය කෙනෙකුට ඊට වඩා දින ගණනක් ඉල්ලා සිටීම සඳහා චීනයේ ඇතැම් නගරවල ආයතන අවසර ලබා දී තිබේ. නමුත් ජනතාව පවසන්නේ රැකියා ස්ථානවල කාන්තාවන්ට වෙනස් කොට සැලකීමක් සිදු නොවන බව පෙන්වීම සඳහා පමණක් මෙම සහන නිවේදනය කරනු ලබන බවය.

ආපසු හැරවීමට ප්‍රමාද වැඩිද?

ඉදිරි වසර කීපය ඇතුළත චීනයේ දරු උපත් සීමා සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට අපේක්ෂිත බව රජයේ ආරංචි මාර්ග රොයිටර් පුවත් සේවයට පවසා ඇත.

නමුත් ඇතැමුන් ඉල්ලා සිටින්නේ චීනයේ උපත් පාලන ප්‍රතිපත්ති වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන ලෙසය.

“දරු උපත් සඳහා නිදහස ලබා දීම මේ මොහොතේම සිදුවිය යුතු දෙයක්. තව දරුවන් හදාගන්න කැමති පුරවැසියන් ඉන්නවා. නමුත් ඒ අයට ඒකට අවසරයක් නැහැ.” චීනයේ මහ බැංකුවේ සමීක්ෂකයන් පිරිසක් විසින් පළකරනු ලැබ ඇති වර්තාවක සඳහන් වෙයි.

“කාටවත් ළමයි හදා ගන්න අවශ්‍ය නොවන කාලයකදී ඒ නිදහස ලබා දීල පලක් වෙන්නේ නැහැ… ඒ තීරණය ගන්න අපි පැකිළෙන්න අවශ්‍ය නැහැ.”

නමුත් ඇතැම් විශේෂඥයන් පවසන්නේ, නගරයේ සහ ග්‍රාමීය පෙදෙස්වල පවතින තත්ත්වයන් අතර විශාල විෂමතාවක් පවතින බැවින් මෙවැනි තීරණ ඉතාමත් ප්‍රවේශමෙන් ගතයුතු බවය.

ෂැන්හයි හෝ බීජිං වැනි දියුණු නගරවල වෙසෙන කාන්තාවන්ට දරුවන් හදා ගැනීම පමා කිරීමට අවශ්‍ය විය හැකි නමුත් තවමත් ගැමි පෙදෙස්වල ජනතාව සම්ප්‍රදායික ලෙස විශාල පවුල් ඇතිකර ගැනීමට කැමැත්තක් දක්වන බව මෙම විශේෂඥයෝ පවසති.

එසේ වුවහොත් ලිලී ගේ හිත ද වෙනස් වීමට ඉඩ තිබේ.

“ළමුන්ගේ අවශ්‍යතා සඳහා තරඟකාරීත්වය අඩු වෙනවනම් ළමයෙක් හදා ගැනීම පිළිබඳව මට තියෙන මානසික පීඩනය අඩුවෙලා මගේ හිත වෙනස් වෙයි. එහෙම වුණොත් මගේ අම්මත් ගොඩක් සතුටු වෙයි.” ලිලී පැවසුවාය.

‍මෙම ලිපිය බීබීසි සිංහල පුවත් අඩවියෙන් උපුටා ගන්නා ලදි…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
1
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

නයිට් ටයිම් ඩේටා සදහා අවසර නැහැ .. විදුලි සංදේශන නියාමන කොමිසන් සභාව

මේ වනවිට අපට අන්තර්ජාල සපයන ආයතන අපට ඩේටා ලබා දෙන්නේ කොටස් දෙකක් වශයෙන් ඒ...

අක්කාටයි නංගිටයි දරුවන් තුන්දෙනකු දුන් නාවලපිටියේ සගයා

නාවලපිටිය ප්‍රදේශයේ වයස අවුරුදු 15ක දැරියක් දුෂණය කිරිම සම්බන්ධයෙන් වයස අවුරුදු 29 පුද්ගලයකු අත්අඩංගුවට...

කොවිඩ් මරණ 23ක්

කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ ඊයේ (12)...

පාතාල කෙරුමෝ STF ළග දණ ගහපු හැටි – Photos & Video

රත්ගම අම්බලන්ගොඩ හික්කඩුව ප්‍රදේශවල ජනතාව බිය වද්දමින් කප්පම් ගැනීමේ නිරත වූ පාතාල කණ්ඩායමක සාමාජිකයන්...

රුපියල් 5353කින් පුද්ගලයෙකුට මාසයක් ජීවත් විය හැකියි.

සාමාජිකයන් හතර දෙනෙකුගෙන් යුතු පවුලකට මාසික ආදායම රුපියල් 21500ත් ලැබෙන්නේ නම් දරිද්‍රතාවයට පත් නොවී...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x