ව්‍යාජ කොරෝනා එන්නත් නිපදවීමේ ජාවාරමක්: වෙනත් රටවලටත් අලෙවි කරලා

ව්‍යාජ කොරෝනා මර්දන එන්නත් නිපදවූ 80කට අධික පුද්ගලයන් සංඛ්‍යාවක් අද (2) වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් ව්‍යාජ එන්නත් මාත්‍රා 3000කට අධික ප්‍රමාණයක් රාජසන්තක කළ බවත් චීනයේ ෂින්හුවා පුවත් සේවය වාර්තා කරයි.

එන්නත් ආශ්‍රිත අපරාධ මැඩලීමේ ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස මෙම ව්‍යාජ එන්නත් සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත.

සේලයින් ද්‍රාවණයක් මෙලෙස එන්නත් ලෙස යොදාගෙන ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මෙම ව්‍යාජ එන්නත් චීනය තුළ මෙන් ම වෙනත් රටවලට ද අලෙවි කර ඇතැයි වාර්තා වන අතර එම රටවල් මොනවා ද යන්න තවමත් සම්ර්පූර්ණයෙන් අනාවරණය කරගෙන නොමැත.

බීජිං, ජියැන්ෂු සහ ෂැන්ඩොන් යන පොලිස් මූලස්ථානවල නිලධාරීන් මෙම ව්‍යාජ එන්නත් නිපදවීමේ ජාලය අනාවරණය කර ගැනීමට සමත්ව ඇත.

මෙලෙස එන්නත් නිපදවූ කණ්ඩායම පසුගිය සැප්තැම්බර් මස සිට සක්‍රීයව පැවත ඇති බව අනාවරණය වී තිබේ.

මේ අතර එරට විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් ප්‍රකාශ කළේ, මෙම තත්ත්වය පිළිබඳව අනෙකුත් රටවල් දැනුවත් කිරීමට කටයුතු කළ බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

වසංගතය මැද ආගමික වතාවත් සිදුකිරීමට මාර්ගෝපදේශ නිකුත් කෙරේ

කොවිඩ් වසංගතය හමුවේ ආගමික සිද්ධස්ථාන සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරිමට සෞඛ්‍ය සේවා...

විශේෂ කාර්ය බලකා නිලධාරීන් මහා පරිමාණයෙන් කේරළ ගංජා තොග වශයෙන් අත්අඩංගුවට ගනී

ගෝනහේන, අම්බලන්තොට, බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ගෝනහේන කඳවුරේ පොලිස් පරීක්ෂක එස්.ඩී.පී.එන්. දේශප්‍රිය,...

වප් පුර පසළොස්වක පොහොය අදයි

ලෝකවාසි බෞද්ධ ජනතාවට අතිශයින් වැදගත් පොහොය දිනයක් වන වප් පුර පසළොස්‌වක පොහොය දිනය අද...

නාමල් රෝහිත පවුල් දෙක එකතුවී ගත් ඡායාරූප මෙන්න

අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ඔහුගේ සොයුරු රෝහිත රාජපක්ෂ එම පවුල් දෙක එක්ව සිටින අලුත්ම...

මාස 06කට පසු ප්‍රාථමික පාසල් 3000ක් අද අරඹයි

රට පුරා පාසල් 3000ක් මාස 6කට පසු අද විවෘත කෙරෙනවා. ඒ අනුව ළමයින් 200ට අඩු...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x