27 C
Colombo
Friday, May 14, 2021

චීන කොරෝනා එන්නතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින් තොරව චීනයේ නිෂ්පාදිත සිනොෆාම් කොරෝනා මර්දන එන්නත මෙරට භාවිත කිරීම අත්හිටුවන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කෙරුණා.

ඒ, රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ පෙරමුණේ සභාපති ලුවිස් බෙනඩික් ඇතුළු තුන්දෙනෙකු විසින්.

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා ඇතුළු 24 දෙනෙකු එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

සිනොෆාම් එන්නතට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය නිසි පරිදි ලැබී නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කාර පාර්ශවය අනුමැතියකින් තොරව මෙම එන්නත භාවිතයට ගැනීමෙන් දැඩි අගතියක් සිදුවිය හැකි බවයි වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මේ අතර, අද දිනයේදීත් කොරෝනා ආසාදිතයින් 112 දෙනෙකු මෙරටින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා. අද දිනයේදීත් කොරෝනා ආසාදනය වී සිටි පුද්ගලයින් 228 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගිත අතර, සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 91,272ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
1
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

පෞද්ගලික බස් සේවාව නතර කරනවා – බස් හිමියන්ගේ සංගමයෙන් තීරණයක්

පෞද්ගලික බස් සේවාව ඉදිරි සති දෙක ඇතුළත නතර කරන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ...

දිස්ත්‍රික්ක තුනක, තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

දිස්ත්‍රික්ක 03 කට අයත් තවත් ග්‍රාම නිලධාරී වසම් 13ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා...

කොරෝනා එන්න කලින් ලෙඩ ගොඩක් පෙන්නනවා – රෝග ලක්ෂණ ගැන වෛද්‍යවරයෙකු පළමු වරට හෙළි කරයි

වෛරසය පලමු දවසේ ඇඟට ඇතුළු වූ විට දවස් තුනක් දක්වා ඒ රෝගය පළමු අදියරය...

හුදකලා තත්ත්වය පිළිබඳ නවතම නිවේදනය

අද (09) උදෑසන සිට ප්‍රදේශ කිහිපයක් හුදකලා භාවයෙන් ඉවත් කර ඇති අතර, තවත් ප්‍රදේශ...

ජාතික රෝහලේ හෙද කාර්ය මණ්ඩලය අවධානමක

කොරෝනා රෝගීන් හඳුනාගැනීමේ ඇන්ටිජන් පරික්ෂණ ඇණහිටීම මෙන්ම ශල්‍ය මුව ආවරණ හිගය හේතුවෙන් කොළඹ ජාතික...

එතනෝල් තොගයක් හොරට ප්‍රවාහනය කරද්දී හසුවෙයි

ව්‍යාජ ලිපි ලේඛන භාවිත කරමින් රවාහනය කළ එතනෝල් තොගයක් සහිතව පුද්ගලයෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x