අද (06) සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්ණ වටයෙදී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පා.ම ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම අදහස් පල කලේය.
ජාතික සෞඛ්‍යය නියාමන කොමිෂන් සභාවේ හිටපු සාමාජිකයන් වන මහාචාර්්‍ය අසිත ද සිල්වා, වෛද්‍ය පාලිත අබේකෝන් ,ලක්කුමාර ප්‍රනාන්දු, කේ.එම්.ජී හේරත්, වෛද්‍ය කපිල රණසිංහ යන මේ අය ඔබතුමිය අස්කෙරවා. මේ අය හොද අග්‍රගණයේ වෛද්‍යවරe, මේ අයට විශාල අපහාසයක් කරලා තියෙන්නේ. මම අහන්න කැමතියි මොන හේතුවක් මතද අස් කෙරeවේ@ මේ සම්බන්ධයෙන් වෛද්‍යවර විශාල කැලඹීමක ඉන්නේ.
අපිට ලැබෙන ආරංචි අනුව මේ අය කොවිඩ් චීන එන්නත ලංකාවට ගෙන ඒමට විරද්ධ උනා කියලයි පුවත්පත්වල සහ වෙබ් අඩවිවල තියෙන්නේ. මේ අය අස් කරනකොට ආණ්ඩුව හේතුවක් දැක්වූයේ නැහැ. හේතු කිව්වානම් අපි ඒක පිළිගන්න සූදානම්. චීන එන්නත ලෝක සෞඛ්‍යය සංවිධානයවත් පිගෙන නෑ. චීන එන්නත විෂ එන්නතක්ද මේ එන්නතද ලංකාවේ ජනතාවට දෙන්න හදන්නේ. මම ඔබතුමියට මතක් කරන්න කැමතියි 60 ගණන්වල උප්පත්ති පාලනය කියලා ජමනියේ Drug එකක් හැදුවා. ඒක කිසිම පරික්ෂණයක් නැතිව ලෝකයේ හැම තැනම බෙදලා අද වන විට ලක්ෂ 5 ක් පමණ ඉන්නවා අංගවිකල ළමයි.
චීන එන්නත ගේන්න ඕන නිසා තමයි මේ පිළිගත් වෛද්‍යවරe ඉවත් කරලා ආණ්ඩුවට කඩේ යන වෛද්‍යවරe පත් කර ගත්තේ. එහෙම කලේ අපේ ජනතාවට විෂ පොවන්නද මේක විෂ එන්නතක් වහාම පැහැදිලි කිරීමක් කරන්න.
– මාධ්‍ය ඒකකය