ජගත් සංවිධානය ලෝක ප්‍රජාවගෙන් කළ ඉල්ලීම

මියන්මාරයට ආයුධ සැපයීම නවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරමින් යෝජනාවක් ද සම්මත කරගෙන තිබෙනවා.

ඒ, ඊයේ (18) පැවති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ මණ්ඩල සැසිවාරය අතරතුරයි.

ඉකුත් පෙබරවාරි මාසයේදී එරට තේරී පත් වූ රජය පෙරළා දැමූ මිලිටරි ජුන්ටාව හෙළා දකිමින් මහා මණ්ඩලය විසින් මෙම යෝජනාව සම්මත කර ගෙන තිබෙනවා.

එයට රටවල් 119 ක සහාය ලැබුණු අතර එයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ එකම රට වන්නේ බෙලාරුස්.

මියන්මාර හමුදාවේ විශාලතම අවි සැපයුම්කරුවන් දෙදෙනා වන රුසියාව සහ චීනය ඇතුළුව තවත් රටවල් 36 ක් තම මතය ප්‍රකාශ කරමින් වැළකී සිටියා.

ඒ අනුව තේරී පත් වූ නායිකා අවුන් සාන් සූ කී වැනි දේශපාලන රැඳවියන් නිදහස් කරන ලෙසත් සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහි හිංසනය අවසන් කරන ලෙසත් එක්සත් ජාතීන් මියන්මාර හමුදා පාලකයින්ගෙන් ඉල්ලා සිටිනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
1
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් රෝහල් කෙරේ

අමෙරිකානු හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් රැධිරගත රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකර තිබෙනවා. හිටපු ජනාධිපතවරයා හදිසි...

අයවැයෙන් පෙට‍්‍රල්-ඩීසල්වලට හොද මිලක්

දිගින් දිගටම ඉහළ යන ලෝක ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ගණන්...

රට යළි සෞඛ්‍ය අවදානමක – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ජනතාව සෞඛ්‍ය පිළිවෙත්වලට අනුගතව කටයුතු නොකළ හොත් ඉදිරියේදී රට යළි සෞඛ්‍ය අවදානමකට ලක්විය හැකි...

බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පළමු ටෙස්ට් නායකයා ලෙස කටයුතු කළ බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වී...

සංචරණ සීමා හරියට රැක්ක දේශීය සංචාරකයෝ

දිර්ඝ නිවාඩුවත් සමග නුවරඑලිය ප්‍රදේශයේ පිහිටි සංචාරක නිකේතන සහ නවාතැන් පහසුකම් ලබාදෙන නිවාඩු නිකේතන...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x