ජනපති සමස්ත රට වැසියන්ගෙන් කල ඉල්ලීම

නිදහසට කරුණු නොකියන අතර එක නීතියක්, එක රටක් යටතේ දූෂණයෙන් තොරව, නිවැරදිව ඉදිරියට යාමට සහාය දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමස්ත රට වැසියන්ගෙන් ඉල්ලීමක් කරනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකය පහළ බැසීමට ලක්වුව ද අදාළ කාලසීමාව තුළදී විශාල වැඩ කොටසක් ජනතාව වෙනුවෙන් සිදු කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ලෝකයේ හමුදාවන්, යුද්ධයට පමණක් නොව ජාතිය ගොඩනැගීමටත් කැප වී සිටින අතර මෙරට ත්‍රිවිධ හමුදාව නිරෝධායනයේ දී සහ එන්නත්කරණයේ දී සෞඛ්‍ය අංශවලට සහාය වෙමින් කොවිඩ් පාලනයට එක්වූ බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

ඒ සඳහා කළ කැපකිරීමට සියලු දෙනාට තම ස්තූතිය පළ කරන බවයි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරය වෙනුවෙන් අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පැවති සම්මාන පෙළපාලිය පිළිගනිමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරය අද (10) දිනට යෙදී තිබෙනවා.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව 1949 අංක 17 දරණ යුද්ධ හමුදා පනතට අනුව ස්ථාපිත කෙරුණා.

රටේ ආරක්ෂාව උදෙසා විශාල කාර්යභාරයක් ඉටුකළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පාබල, ආධාරක සහ සේවා රෙජිමේන්තු 25කින් සමන්විත වනවා.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව සංවිධාන කෙරුණු යුද හමුදා සැමරුම් උළෙලට පැමිණි ජනාධිපතිවරයා සාලියපුර ගජබා රෙජිමේන්තු කඳවුරේ අභිනවයෙන් ඉදිකෙරුණු සරඹ භූමිය විවෘත කර රණවිරු අයිතියට පත් කළා.

අනතුරුව ඔහු උත්තමාචාර පෙළපාලිය නිරීක්ෂණයට එක්වුණා.

ත්‍රිවිධ හමුදාවේ සහ බුද්ධි අංශවල මානසිකත්වය ඉහළ නංවාලමින්, රාජකාරී බලතල නිසි අයුරින් පවරමින් පසුගිය දෙවසර තුළ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දී කටයුතු කළ අතර යළිත් ත්‍රස්තවාදයක් හෝ ආගමික අන්තවාදී ක්‍රියාවන් ඇති නොවන ආකාරයෙන් රට ආරක්ෂා කරගැනීමට කැපවී සිටින බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කළේ.

ජනතාවට පොරොන්දු වූ ආකාරයට නව ව්‍යවස්ථා සංශෝධනයක් සහ නව ඡන්ද ක්‍රමයක් ඇති කිරීමට කටයුතු කරන බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

දූෂණයට, වංචාවට ඉඩ නොතබන අතර ඒ සඳහා කැපවෙමින් සියලුම නිලධාරීන් ජනතාව වෙනුවෙන් වැඩ කළ යුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
7
11.svg?v=2.6
අවුල් වගේ !
3
22.svg?v=2.6
හරි හිනා !
18
3.svg?v=2.6
හම්මෝ !
3
31.svg?v=2.6
මාර දුකයි !
4
27.svg?v=2.6
මලපනිනව !
9
30.svg?v=2.6
කුජීතයි !
19
48.svg?v=2.6
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

නබි නායක උපන් දිනය අදයි

ඉස්ලාම් ධර්මයේ ශ්‍රාස්තෘවරයා වන මුහම්මද් නබි නායක තුමාණන්ගේ උපත යෙදෙන මීලාද් අන් නබි උත්සවය...

කාලගුණ අනාවැකි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. උතුරු...

නයිට් ටයිම් ඩේටා සදහා අවසර නැහැ .. විදුලි සංදේශන නියාමන කොමිසන් සභාව

මේ වනවිට අපට අන්තර්ජාල සපයන ආයතන අපට ඩේටා ලබා දෙන්නේ කොටස් දෙකක් වශයෙන් ඒ...

ගුරු – විදුහල්පතිවරු පිරිසක් 21 වැඩ ඇරඹීමට සූදානමින්

එලඹෙන 21 වනදා පාසල් ආරම්භ කිරීමට විදුහල්පතිවරුන් සතු යතුරු බලහත්කාරයෙන් ලබාගැනීමේ උත්සාහයක ප්‍රාදේශීය දේශපාලකයින්...

ලෝකෙම කතා කරන හිරේ ගිය ෂාරුක්ගේ පුතාගේ හොඳ කෙරුම් ටිකක් වට්ස්ඇප් එකෙන් එළියට එයි

පසුගිය 03 වැනි දින ආර්යන් ඇතුළු පිරිසක් ඉන්දියාවේ මත්ද්‍රව්‍ය පාලක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගන්නා...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x