29 C
Colombo
Friday, September 17, 2021

ජනපති සහ කෙන්යානු ජනපති දුරකථන සංවාදයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කෙන්යානු ජනාධිපති උහුරු මුයිගයි කෙන්යාටා (Uhuru Muigai Kenyatta) මහතා අද (03) උදෑසන සුහද දුරකථන සංවාදයක නිරත වී තිබෙනවා.

නායක දෙපළ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල වර්ධනය පිළිබඳ සතුට පළ කරමින් සහයෝගීතාව තවදුරටත් තර කර ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

කොවිඩ් වසංගතය මර්දනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන ඇති පියවර සහ එන්නත්කරණ වැඩසටහනේ සාර්ථකත්වය පිළිබඳ ජනාධිපති උහුරු කෙන්යාටා සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.

දැනටමත් ජනතාවගෙන් 70%කට එන්නත්කරණය සිදු කරමින් ක්‍රියාත්මක මෙම ක්‍රමවත් වැඩසටහන සෙසු ජාතීන්ට ආදර්ශයට ගත හැකි බව ඒ මහතා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය පාලනය කරමින් රෝගීන් සහ මරණ සංඛ්‍යාව හොඳින් කළමනාකරණය කරගත හැකි වූ නමුත් මෙම වසර මැද භාගයේ දී නව කොවිඩ් ප්‍රභේද මතු වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

නායක දෙපළ ගෝලීය සහ කලාපීය කරුණු පිළිබඳව ද අදහස් හුවමාරු කර ගෙන තිබෙනවා.

හිටපු ජනාධිපති, වත්මන් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග තම සමීප සබඳතා සිහිපත් කළ ජනාධිපති උහුරු කෙන්යාටා මහතා දෙරටේම ජනතාවගේ යහපත උදෙසා ශ්‍රී ලංකාව සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සමීපව කටයුතු කිරීම සිය අපේක්ෂාව බව පළ කළ බවද ප්‍රකාශ කර තිබෙනවා.

නැගෙනහිර අප්‍රිකාවේ ප්‍රධානතම රටක් වන කෙන්යාව ශ්‍රී ලංකාව සමග අඛණ්ඩ මිත්‍රත්වයෙන් කටයුතු කරන රටක් බවත් 2020 දී දෙරට අතර තානාපති සබඳතාවල පනස් වසර සම්පූර්ණ වූ අතර ආර්ථික, වෙළෙඳ, ආයෝජන සහ දේශපාලන ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සහයෝගීතාව නව ඉහළ මට්ටමකට පිවිසඇති බවත් එම නිවේදනයේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
7
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
3
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
5
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
1
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
3
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
2
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
2
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

වසංගතය අස්සේ ලංකාවේ මිනිස්සුන්ගේ ‘සමට’ වෙන්න යන දේ මෙන්න

කොරෝනා වසංගතයත් සමඟ ඇතිවී තිබෙන මානසික පීඩනය හේතුවෙන් ජනතාව තුළ සමේ රෝග වැඩිවිමේ ප්‍රවනතාවයක්...

ධාවන ශූරී සුසන්තිකා ජයසිංහට කොරෝනා

ඔලිම්පික් පදක්කම්ලාභී, හිටපු සුපිරි ධාවන ශූරී සුසන්තිකා ජයසිංහට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වනවා. අසනීප...

වැලිකඩ බන්ධනාගාරය අසල ඔත්තු බැලූ අයෙකුට සිදු වු දේ

අද (13) පෙරවරු කාලයේ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය ආසන්නයේ සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන...

අන්තරජාලයේ ගේම් ගහන්න නිවසම සුද්ද කළ පාසල් සිසුවාගේ ඔබ නොඇසු කතාව

මාරවිල, කටුනේරිය ප‍්‍රදේශයේ පාසල් සිසුවෙකු ‘ඉන්ටර්නෙට් ගේම්‘ ගැසීමට ඇබ්බැහිවීම නිසා වැඩිහිටියන්ට අයත් සේසතම විකුණා...

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා විශේෂ ප්‍රකාශයක්

සහල් පිළිබඳව මේ වනවිට පවතින  තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා විශේෂ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x