ජනප්‍රිය රංගන ශිල්පිණි චුලක්ෂි රනතුංග ඇගේ උපන්දිනය සැමරු හැටි

ජනප්‍රිය රංගන ශිල්පිණි චුලක්ෂි රනතුංග ඇගේ උපන්දිනය සැමරුවේ හරි අපුරු ආකාරයට.ඇය ඒ වෙනුවෙන් ඇගේ මුහුණු පොතෙහිද සටහනක් තබා තිබුනේ මේ ආකාරයට…

උපන් දිනය දා — උපන් දිනය දවස අනෙකුත් දවස් වලින් විශේෂ වෙන්නේ කොහොමද? කෙනෙක් ට එහෙම හිතෙන්න පුළුවන්.ඇත්ත ඒ තවත් එක් දිනක්…. හැබැයි අමතක කරන්න බෑ… ඒ දවස අපි වයසට යනවා කියන එක සිහිපත් කරන දවස බව. ඒ වුණත් ඒ දවසට අලුත් අර්ථයක් වටිනාකමක් එක් කරන්නේ ඒ දවස තුල ලැබෙන සුබපැතුම්.හිතාගන්නත් බැරි තරමේ පෞද්ගලිකව දන්නා හඳුනන දෙනා සේම කිසිදිනෙක මුණ නොගැසුණු අය පවා හෘදයාංගමව සුබ පැතුම් එකතු කරලා තියෙනවා.මට සුබ පැතුම් එක් කල සමහර අයට මම කවදාවත් උපන් දිනයට සුබ පතලා නතුව ඇති.ඒ තරම් අය උපන් දිනයට සුබ පතලා තිබුණා.ඒ දේවල් ඇහෙද්දී සහ දකිද්දී මම මොන තරම් වාසනාවන්තද කියලා හිතුණා. හැමෝටම පෞද්ගලිකව ප්‍රතිචාර දක්වන්න නම් තව දවසක් දෙකක් යාවි.ඒ නිසා හිතුවා හැමෝටම මෙහෙම ප්‍රතිචාර දක්වන්න. ඒ ආදරයට මම හැමදාම ආදරෙයි. වචන වලින් කියන්න බැරි තරම් ස්තුතියි.කලාකාරිනියක් විදියට මම ලබන සම්මානයත් මේ ආදරයයි.උපන් දිනේ සතුට තව තවත් දෙගුණ තෙගුණ කළේ මේ ආදරණිය වැඩිහිටියන් සහ දරුවන්. මේ ආදරණීයන් ඉන්නේ බණ්ඩාරගම – ගැලනිගම රේවත මාපිය සෙවනේ.හරිම සුන්දර දරුවන් සහ වැඩිහිටි පිරිසක් ඉන්න තැනක්.මේ අයත් අපි වගේම ජීවිතය දකින්න විඳින්න ආස අය. මේ ඉන්නේ විශේශ අවශ්‍යතා සහිත අය නෙමෙයි..මම ඔවුන්ව දකින්නේ විශේෂ දක්ශතා ඇති අය කියලා. මේ අය එක්ක මම උපන් දිනය සමරුවා.හිත පිරෙන්න ආදරය වින්දා. හිත පිරෙන්න සතුට වින්දා. ජිවිතය කියන්නේ එක පාරක් වියදම් කරන්න ලැබෙන කාසියක් කියලා මම අහලා තියෙනවා.ඒ කාසිය හරි දේට වියදම් කරන්න. තමන්ගේ වගේම තව කෙනෙකුගේ සතුට වෙනුවෙන් මොහොතක් කැප වෙන්න.මේ හැමෝම අපි එක්කම සිංදුවක් කියලා මේ නටන්නේ උතුරා යන සතුට හිතේ දරාගෙන. දවසකට දෙකකට පමණක් නෙවෙයි පුළුවන් හැමවෙලාවේම මේ අය එක්ක ඉන්න ඇත්නම් කියලා හිතුණා.ඉතින් උපන් දිනේට සුබ පැතූ හැමෝටම ආයෙමත් ආදරෙයි කියන ගමන් මම ආදරෙන් ආරාධනා කරන්නේ ඔයාලටත් පුළුවන් හැමවෙලාවේම පුංචි හරි කාලයක් මේ අය වෙනුවෙන් වෙන්කරන්න. මට දෙයක් ලැබීමෙන් මා ලබන සතුට තාවකලිකයි. එහෙත් මා කරන පරිත්‍යාගයකින් මා ලබන සතුට සදාකාලිකයි. මම මා වෙනුවෙන් කල සියල්ල මගේ ජීවිතයත් සමග අවසන් වෙයි. එහෙත් මා අන් අය වෙනුවෙන් කල සියල්ල සදා මතකයක් වී තියෙයි.

– මම හැමදාමත් ඔයාලගේම චුලක්ෂි –

148887490 267197641436828 6050479479452363697 n
ජනප්‍රිය රංගන ශිල්පිණි චුලක්ෂි රනතුංග ඇගේ උපන්දිනය සැමරු හැටි 13
148887490 267197708103488 4310696492210560722 n
ජනප්‍රිය රංගන ශිල්පිණි චුලක්ෂි රනතුංග ඇගේ උපන්දිනය සැමරු හැටි 14
149373187 267197571436835 6954357211372805733 n
ජනප්‍රිය රංගන ශිල්පිණි චුලක්ෂි රනතුංග ඇගේ උපන්දිනය සැමරු හැටි 15
149373187 267197571436835 6954357211372805733 n
ජනප්‍රිය රංගන ශිල්පිණි චුලක්ෂි රනතුංග ඇගේ උපන්දිනය සැමරු හැටි 16
149466169 267198174770108 5823397641858038631 n
ජනප්‍රිය රංගන ශිල්පිණි චුලක්ෂි රනතුංග ඇගේ උපන්දිනය සැමරු හැටි 17
149492090 267196734770252 364021247640258607 n
ජනප්‍රිය රංගන ශිල්පිණි චුලක්ෂි රනතුංග ඇගේ උපන්දිනය සැමරු හැටි 18
149589398 267196698103589 6620317994820396640 n
ජනප්‍රිය රංගන ශිල්පිණි චුලක්ෂි රනතුංග ඇගේ උපන්දිනය සැමරු හැටි 19
149597487 267197764770149 2880182368649660824 n
ජනප්‍රිය රංගන ශිල්පිණි චුලක්ෂි රනතුංග ඇගේ උපන්දිනය සැමරු හැටි 20
149658123 267196768103582 9046262693804195110 n
ජනප්‍රිය රංගන ශිල්පිණි චුලක්ෂි රනතුංග ඇගේ උපන්දිනය සැමරු හැටි 21
149721856 267197564770169 8408985784271767636 n
ජනප්‍රිය රංගන ශිල්පිණි චුලක්ෂි රනතුංග ඇගේ උපන්දිනය සැමරු හැටි 22
149775251 267197758103483 5701222945838722690 n
ජනප්‍රිය රංගන ශිල්පිණි චුලක්ෂි රනතුංග ඇගේ උපන්දිනය සැමරු හැටි 23
149831353 267197714770154 8365751870843494091 n
ජනප්‍රිය රංගන ශිල්පිණි චුලක්ෂි රනතුංග ඇගේ උපන්දිනය සැමරු හැටි 24
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ශ්‍රී ලංකාව සුපිරි කණ්ඩායම් 12 වටයට

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ‘ඒ’ කාණ්ඩය යටතේ අයර්ලන්තය සමග...

ටියුෂන් පන්ති අරඹන දිනය දැනුම්දෙයි

ලබන නොවැම්බර් 01වැනිදා සිට උපකාරක පන්ති පැවැත්වීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අවසර ලබා දී...

අවුරුදු 14ක දැරියක් මුදලට විකුණූ හැටි මෙන්න

වයස අවුරුදු 14 ක බාල වයස්කාර දැරියක් ඇගේ මවගේ අනුදැනුම මත දීර්ඝ කාලයක සිට...

Breaking News : අසාද් සාලිය තවත් වරදක් කරලා – කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා

ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කළේ යැයි චෝදනා එල්ල වී සිටින බස්නාහිර...

සහල් මිල තවත් ඉහළට

මහපරිමාණ සහල් මෝල් හිමියන් මිල ප්‍රකාශයට පත්කර මාසයක් ගතවීමටත් පෙර සහල් මිල ගණන් යළි...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x